(ඉන්දිකා රාමනායක)
තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පැවැත් වු බව කියන කොළඹ ප්‍රදේශයේ දේශපානයට සම්බන්ධ ප්‍රවීණ නළුවකුට සහ ඔහුගේ බිරිඳට ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද ඔවුන් දෙදෙනා එහි නොපැමිණි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මීට දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා කැඳවා තිබු බවත්, ඔවුන් එහි නොපැමිණීම ට හේතුව මේ දක්වා ම දැනුම් දී නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි.
මෙම නළුවාගේ බිරිද ප්‍රභූන් නළු නිළියන් සමග සමීප සම්බන්ධකම් පවත්වන්නියක් වේ.
ඔවුන් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටියහොත් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රියමාලි ගැන කියන්න නළුවා-බිරිඳ සී.අයි.ඩිය මඟ හරිති
සංජීව ගමගේ Saturday, 05 November 2022 02:02 AM
ජීවන් ෂෙරින් වෙන කවුද ඉතින්.. මුන් අර රටක් වටිනා මැරිච්ච මනුස්සයාගේ නම කනවා.
sisiraSaturday, 05 November 2022 06:35 PM
ප්‍රභූන් නළුවා ඇමෙරිකාවට වීසා ලබාදීමට මුදල් ලබාගත් දේශපාලකයාමද?
Bamunuarachchi Saturday, 05 November 2022 07:06 AM
ඔය ප්‍රභූන් නළු නිලියන් කියන වචන තුන එක වචනයකින් කියන්න බැරිද? පුළුවන්.
Deepal NiroshSaturday, 05 November 2022 10:12 AM
පුළුවන්, “එතුමා“ හරි නේද?
BamunuarachchiMonday, 07 November 2022 06:28 PM
ඔව් ඔව් අපි අයිසේ තමුසේ කිව්ව කට්ටියට අලුත් ඉස්කෝලේ ගිය අය නළුවන්ට නිළියන්ට පරබුවරුන්ට කතාකරන්නේ ඔබතුමා මෙතුමා එතුමා කියන විහිළු නම්වලින්. අන්න එතුමා එතුමිය කියපු නිළියන්ව පොලිස්සියෙන් හොයනව පරබුවරුන් සමග ටෙලිපොන් එකෙන් මොනවද කරලා.
3Shan Saturday, 05 November 2022 11:17 AM
‘‘ඔයාට පුළුවන් නම් අල්ලගන්න‘‘ වගේ තමයි... තිළිණිගෙ වැඩ ගැන, වැරැදි දේට පාවිච්චි කරලා හොඳ දේට පාවිච්චි කළා නම් ඉතින් එලෝන් මස්ක් පරාදයි.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 05 November 2022 12:51 PM
මේවැනි හොර, මැරකම්, ජඩකම්වලට විරුද්ධව නීතියෙන් පියවරක් ගැනීමට කටයුතු කිරීම වැදගත් දෙයක්. ඒත්, මේ රටේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන රටම හොරා කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු කරන්න ආරක්ෂක ඇමැතිවරයාට, පොලිසියට, රහස් පොලීසියට නියෝග කරන්න පුළුවන් නේද? මහා හොරුන් අල්ලන්න බැහැ. ඒ ගැන වගේ වගක් නැහැ. වෙනවෙන දේවල් පෙන්නා මහා පරිමාණ කම්බා හොරුන් ගැන ජනතාවට කරුණු අමතක කරන්න. විශේෂ දේ ක්‍රියාත්මක වෙන බවයි පෙනී යන්නේ...
Rexi Saturday, 05 November 2022 03:26 PM
කොහොමත් තාත්තලා, අම්මලා, දූලා ඔක්කොම එකයි. හැබැයි හැබැයි මුකුත් වෙන්නේ නැහැ. අර ළඟදි අලියගෙන් පැනලා. ඊට පස්සේ ඊට පස්සේ ටෙලිෆෝන් එකට එකතු වෙලා ආයෙත් පොහොට්ටු ආණ්ඩු කරන පැත්තට පැන්නා. දැන් සැරිසරණ ඇමැති ඉන්නකන් නෝ ප්‍රොබ්ලම් නේද?