IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

(ඉන්දිකා රාමානයක සහ යොහාන් භාසුර)

බන්ධනාගාරය තුළ දුරකතන භාවිතා කළ චෝදනාවට තිළිණි  ප්‍රියමාලි  නමැති සැකකාරිය අද  (13) බන්ධනාගාර  විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය  ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාර නීති රීති යටතේ තහනම් භාණ්ඩයක් වන ජංගම දුරකතනයක් සන්තයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඇයව කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඒකනායක මහතා කීය.

පුද්ගලයන් රැසක ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන  මෙම 19 දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබුණි.

සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර  උපක්‍රමික  බලකායේ නිළධාරිනියන් විසින් සැකකාරිය සන්තකයේ තිබි ජංගම දුරකථනයක්  ඉකුත් (6) දින අත්අඩංගුවට ගන්නා ලදි



අදහස් (5)

ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

දාස Thursday, 13 October 2022 12:49 PM

අනේ මේ කොලම් කාව රවට්ටන්නද

:       0       8

de silva Thursday, 13 October 2022 01:07 PM

එක දුරකතනයට සති 2 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර එම දඬුවම වහාම ක්‍රියාත්මක කළා නම් මේ ප්‍රශ්න විසඳෙනවා

:       0       8

fairoos Thursday, 13 October 2022 02:32 PM

අනිත් අයටනම් මාංචු දානව, මෙයාට විතරක් විශේෂයක් නාමල් බේබිගෙ දන්න කෙනක් හින්ද ද?

:       0       4

"විනිවිද [වි]නිශ්චය" Thursday, 13 October 2022 02:40 PM

ප්‍රියමාලි බන්ධනාගාරය ඇතුළට ගියා විතරයි මොබයිල් ෆෝන් ලැබුණා. බන්ධනාගාරයට යන ඕනෑම වරද කරුවෙක්ට මාංචු දානවා... උසාවියේ ඉඳලා හිරගෙට යනකම්ම... ඒත් ප්‍රියමාලිගේ මාංචු දාලා එක්කරගෙන යනවා ඔබලා දුටුවාද..? මෙහි විශේෂත්වය තමයි බලන්නකෝ හිරේ ඉඳලා යන ප්‍රියමාලි මූණට ලස්සනට මේකප් දාලා තොල් පාට කරගෙන හිරේට ඇතුල් කරපු දවසේ ඉඳලා තිබුණු විදියටම කොණ්ඩය ලස්සනට දාගෙන ඇවිදින ආකාරය කිසිම බියක් නැතිව.!

:       1       6

de silva Thursday, 13 October 2022 05:54 PM

මහ බැංකුව කඩපු කෙනා නිදහස් වුනා, ශ්‍රී ලන්කන් එකෙන් ඩොලර් මිලියනයක් කොමිස් ගහලා අහුවෙලා ඉන්න අයට මුකුත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 224 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 293 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 346 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 273 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 314 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3052 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25026 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site