IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ප්‍රියමාලි ස්ථානීය පරීක්ෂණයක් සදහා සී.අයි.ඩීය රැගෙන යයි

(ඉන්දිකා  රාමනායක)

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තිළිණි ප්‍රියමාලි  නමැති සැකකාරිය  ස්ථානීය  පරීක්ෂණ සදහා අද  (12)  පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  ලෝක වෙළඳ මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන 4ට රැගෙන ගිය බව පොලිස ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුත්තක් සඳහා ඇයව මෙලෙස ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබේ. 

අපරාධ පරීත්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්   බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අද පෙරවරුවේ ඇය බන්ධනාගාරයෙන් රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

රුපියල් කෝටි 250 ට අධික මුදලක් වංචා  කිරීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකාරිය   අපරාධ   පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.



අදහස් (13)

ප්‍රියමාලි ස්ථානීය පරීක්ෂණයක් සදහා සී.අයි.ඩීය රැගෙන යයි

sharm warn Wednesday, 12 October 2022 04:45 PM

අයියෝ නන්ගි... ආයුධ එහෙම ගත්තේ නෑ නේද ඔය සල්ලිවලින්? අපිට පරණ තිර නාටක ආයෙමත් රඟපාලා පෙන්නන්න එපා...

:       0       32

Kumara Wednesday, 12 October 2022 05:36 PM

පුළුවන් නම් පිනක් දහමක් කරගන්න රජ පවුලම මට්ටු කරලා දාන්න..

:       4       26

"34 වන රහස් මහල" Wednesday, 12 October 2022 06:11 PM

ප්‍රියමාලි බන්ධනාගාරය ඇතුළට ගියා විතරයි මොබයිල් ෆෝන් ලැබුණා. බන්ධනාගාරයට යන ඕනෑම වරද කරුවෙක්ට මාංචු දානවා... උසාවියේ ඉඳලා හිරගෙට යනකම්ම... ඒත් ප්‍රියමාලිගේ මාංචු දාලා එක්කරගෙන යනවා ඔබලා දුටුවාද..? මෙතන විශේෂත්වය තමයි බලන්නකෝ හිරේ ඉඳලා යන ප්‍රියමාලි මූණට ලස්සනට මේකප් දාලා තොල් පාට කරගෙන හිරේට ඇතුල් කරපු දවසේ ඉඳලා තිබුණු විදියටම කොණ්ඩය ලස්සනට දාගෙන ඇවිදින ආකාරය කිසිම බියක් නැතිව.! එතකොට ඔය මිලියන මුදල් ගාණ බහිරවයාද ගත්තේ විල්පත්තුව පැත්තේ..? හා කියමු බලන්න..!!

:       0       25

ජගත් ලියනගේ Wednesday, 12 October 2022 06:54 PM

ඒ දැරිවියට කිසිම දෙයක් වෙන්නේ නෑ... අන්තිමේදී සල්ලි දාපු අය වැරැදි කාරයින් වෙලා ඇයව නිදොස් කොට නිදහස් වෙයි...

:       0       25

කිරි පතා Wednesday, 12 October 2022 07:12 PM

සක්විති දැන් එළියට ඇවිත් ආයෙත් ඉංග්‍රීසි උගන්වනවා. මේ දෙවැනි සක්විති. හරි හමන් නීතියක් නැති රටක එක්කෝ මිනිසුන් දැනගන්න එපැයිි සල්ලි පරිස්සම් කරගන්න. හැබැයි ඉතින් ලියාපදිංචි බැංකුවල දාන්න බැරි සල්ලි වෙන්න ඇති මෙව්වාට දන් දුන්නේ. දැන් ඉතින් එච්චරයි...

:       1       21

fairoos Wednesday, 12 October 2022 07:17 PM

දැන් මිනිස්සුන්ට අරගලය අමතකයි. ලයිට් බිල්, කරන්ට් කපන එක සේරම අමතකයි මේ තිළිණි නිසා... රනිල් රාජපක්ෂගේ අමුතු නාට්‍යයක්...

:       7       19

මහසෙන් Wednesday, 12 October 2022 08:14 PM

එක රටක්, නීතී හැට හුටා මාරක්. මේක බැදුම් කර අංක 2...

:       0       17

ganegoda Wednesday, 12 October 2022 09:44 PM

මෙතන වංචාවකට වැඩිය පෙන්නුම් කරන්නේ ලිංගික අසහනයක්

:       0       4

Raheem Wednesday, 12 October 2022 11:20 PM

ඔක්කොම ලොකු ලොක්කෝ අට පාස් ගැහැණු කෙනෙකුගේ ගැටේට අහු වෙලා. මේ රට දුප්පත් රටක් කියන්නේ බොරු.

:       0       2

chandima Thursday, 13 October 2022 01:08 AM

ඉතින් එක්කන් ගිහින් ස්ථාන පරීක්ෂාවක් කලාද.? අප්සට් එකක් නැහැ නේද.?

:       0       2

Lalith M Thursday, 13 October 2022 08:11 AM

රජ පවුලට ගෑවිලා ඇති. නැතිව ඔය විදිහට සල්ලි කොල්ලකන එක කරන්න බෑ. අනික මහ ප්‍රසිද්ධියේ. බැඳුම්කර නඩුවට දෙවෙනි නෑ වගේ. ඔය බේබි නිදහස්ව අත වනාගෙන යයි.....

:       1       3

Bunny Preena Thursday, 13 October 2022 09:00 AM

මෙයාට මොකද මාංචු දාන්නේ නැත්තේ කියන එක මට හරිම ලොකු ප්‍රශ්නයක්.

:       0       5

මහජනයා Thursday, 13 October 2022 09:19 AM

මේක තනිකර ටෙලියක්, මාධ්‍ය දැන හෝ නොදැන ටෙලිය හිට් කිරීමට දායක වෙමින් සිටී. මෙය සාමාන්‍ය ජනතාවට බල නොපාන පුවතක් නිසා මේ ගැන නිතිපතා යාවත්කාලීන කිරීම අවශ්‍ය නොවේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 177 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 255 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 320 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 252 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 302 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 2945 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25013 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site