(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රචණ්ඩකාරීන් පිරිසකගේ උත්සාහයක් ගැන තොරතුරු හෙළි වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
මේ අනුව පාර්ලිමේන්තු අවට දියවන්නා ඔයේ නාවික මුර සංචාරද පාර්ලිමේන්තුව අවට ගොඩබිම් ප්‍රදේශවල පොලිස් මුර සංචාරද වැඩි කෙරෙනු ඇත.
බුද්ධි අංශ නිරීක්ෂණ කටයුතුද පුළුල් කිරීමට තීරණය කර ඇත.
මෙයට අමතරව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද යෙදවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ (15) පැමිණියේය. ඔහු එහි ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ගණනාවක් ලබාදී ඇතැයි දැන ගන්නට ඇත.
පාර්ලිමේන්තුව මේ සතියේ දින හතරක් රැස්වීමට නියමිත අතර ඒ සෑම දිනකම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වැඩිදුරටත් තීරණය කර ඇත.
එසේම පාර්ලිමේන්තුවට පැමිණෙන්නන් පරික්ෂා කිරීමද හෙට (17) සිට පුළුල් කෙරෙන බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවට අද සිට විශේෂ ආරක්ෂාව