IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මූල්‍ය කටයුතු අධීක්ෂණය සඳහා නව අයවැය කාර්යාලක් සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අලුත් කමිටු තුනක්  පාර්ලිමේන්තුවේ  අලුතින් පිහිටුවීමට පියවර ගන්නා බව එහි මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු වැඩසටහනකදීය.

පාර්ලිමේන්තුවේදී  පැවති මෙම වැඩමුළුව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සමග එක්ව සංවිධාන කළේය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය අනුග්‍රහය  ඊට  අනුග්‍රහය දැක්වීය.

“ප්‍රජාතන්ත්‍රවාදය සහ තරුණ ප්‍රජාවගේ භූමිකාව” යන මැයින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි  තරුණ සමාජ ක්‍රියාකාරීහූ පිරිසක් සහභාගී වූහ.

ලොව දියුණු ප්‍රජාතාන්ත්‍රික රටවල මෙන්, ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව, බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබද කාරක සභාව, ආර්ථික ස්ථායිකරණය පිළිබද කාරක සභාව නමින්  නව කාරක සභා තුනක්  අලුතින් පිහිටුවීම ඇතුළු  පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා ගනු ලබන පියවර පිළිබදවද මහලේකම්වරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණදීර, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි, ප්‍රධාන හැන්සාඩ් සංස්කාරක නයනි ලොකුකොඩිකාර, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා, තොරතුරු පද්ධති සහ කළමනාකරණ අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා සහ ප්‍රධාන පර්යේෂණ නිලධාරී අයේෂා ගොඩගම යන මහත්ම මහත්මීහු මෙහි සම්පත් දායකයන් ලෙස කටයුතු  කළහ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ තරුණ ප්‍රජාවගේ භූමිකාව, නීති සම්පාදනය ඇතුළු පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහන්  සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් පැවැත්විණ.

ඊට අමතරව මෙම තරුණ තරුණියන් වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ නැරඹුම් චාරිකාවක්ද සංවිධානය කර තිබිණ.



අදහස් (0)

පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලයක්

ඔබේ අදහස් එවන්න

දියත

දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 17 139 0

‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස


මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 316 1

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 329 1

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 796 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 372 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 898 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site