(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සිදුකළ විශේෂ මෙහෙයුමකදී පිළිගත් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් සපයන ස්ථාන හයක් වටලා කාන්තාවන් විසි දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 ක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම සම්බාන ආයතන වල රැඳී සිටි සිටි පිරිමි පුද්ගලයන් තිදෙනෙකුද ඒ අතර වන බව පොලිසිය කියයි.ෙසෙසු පුද්ගලයන් අතර විවෘත වරෙන්තු ලද පුද්ගලයන් තිදෙනෙක් , සැකපිට පුද්ගලයන් සිව් දෙනෙක් , නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් මෙන්මතීරු බදු රහිතව ආනය කරනරන ලද දුම් වැටි 1425ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක්ද ද ඒ අතර වන බව පොලිසිය සඳහන් කරයි .
දක්ෂ පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් රජයේ ලියාපදිංචි සම්බාහන ආයතන බවට නීති විරෝධී අකාරයෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර පාරිභෝගිකයන් මුලා කර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශවල හතු පිපෙන්නාක් මෙන් දිනෙන් දින ආරම්භ කර තිබෙන සම්බාහන ආයතන හා සැකකටයුතුු ස්ථාන සම්බන්ධයෙන් ඊයේ (29) සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාර්ලිමේන්තුව අවට සම්බාහන මධ්‍යස්ථාන වටලා 23 ක් අත්අඩංගුවට
Sriyal Thursday, 30 January 2025 09:19 AM
පව් පාර්ලිමේන්තුවේ අය
ravin Thursday, 30 January 2025 09:56 AM
පිනට කාපු පින්බතාලා 225 සුඛ විහරණය උදෙසා වෙන්න ඇති. පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳ නැද්ද ඔය ස්ථානවලටත් මහජන මුදල් වියදම් කරලද කියලා.
සිංහල නිංජා Thursday, 30 January 2025 10:14 AM
මෙවා පාර්ලිමේන්තුව වටේට නෙමෙයි. හැම සමුපකාරයක්ම පිටිපස්සේ දානව කියලනේ ඡන්දේ ගත්තේ. දිනුවට පස්සෙ පාර්ලිමේන්තුවට විතරයි.
පිටරටවැසියා Thursday, 30 January 2025 10:46 AM
වැඩිම දායකත්වය පාර්ලිමේන්තුවේ හිටපු පළපුරුදු කට්ටියගෙන්. ඒක හින්දා මේ දවස්වල බිස්නස් අඩු ඇති..
අරුණි Thursday, 30 January 2025 11:46 AM
පාර්ලිමේතුවට අලුතින් පැමිණි 159ත් අවශ්‍යතා ඇති මනුෂ්‍යයෝ ය. ඉතිරි අයට නම් ඕවා සාමාන්‍ය දේවල්.