IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පාර්ලිමේන්තුවේ බොරු කියන්න හැකි වරප්‍රසාදය ඉවත් කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නැතිනම් වරප්‍රසාදවලට මුවාවී මන්ත්‍රීවරුන් බොරු කියන බවද මන්ත්‍රීවරයා කීය.

"වර්තමානයේ ජාතික ආරක්ෂාව දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා.ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය සමඟ බැඳී පවතිනවා.තිරසර සංවර්ධනයක් නැති තැන ජාතික ආරක්ෂාවක් නෑ.වඳුරෙක් රිලවෙක් පැන්නාම රටේම ලයිට් යනවා නම් ජාතික ආරක්ෂාව ගැන වෙනම කතා කරල වැඩක් නෑ.පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොලකරු ගැන අදටත් කතා කරනවා.එදා පාස්කු ප්‍රහාරයට කලින් බුදු පිළිම කැඩුවා,විවිධ ඝාතන සිදු වුණා. එකල ආණ්ඩුව පැවසූයේ ඒවා හුදෙකලා සිද්ධි ලෙසයි.එදා සිද්ධි දාමයේ බැඳීම් අධ්‍යයනය කළා නම් පාස්කු ප්‍රහාරයේ වලක්වා ගන්න තිබුණා.අවසානයේ ජාතික ආරක්ෂාව කඩා වැටුණා. අද වන සිද්ධිත් හුදෙකලා සිද්ධි ලෙස දකින්න එපා.එන හැමදේටම පහුගිය ආණ්ඩු වලට ඇඟිල්ල දිගු කරන්න එපා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (14)

පාර්ලිමේන්තුවේ බොරු කියන්න හැකි වරප්‍රසාදය ඉවත් කරන්න

බකල ජයා Friday, 28 February 2025 07:11 PM

තවත් හොඳයි කලින් ආණ්ඩුවලටත් බලපාන විදිහට දානවා නම්. නාමල් මාත්තයට මිරිස් කුඩු පාර්ලිමේන්තුවට ගේන එකත් නවත්තන්න පනතක් ගේන්න පුළුවන්නම් තවත් හොඳයි...

:       39       77

ජිල්බු Friday, 28 February 2025 07:13 PM

බලේ නැතිකොට බලන් ඉද්දී මොලේ වැඩෙන්නේ. දැන්නම් මුල් ළමා වියත් සංවර්ධනය වෙලා වගේ...

:       25       72

Neel Friday, 28 February 2025 07:45 PM

නිකන් බොරුවට බයිලා කියන්නේ නැතුව ඉන්න. මොකද ඔය ගොල්ලෝ කරන්න පුළුවන් හැම, ජරා වැඩක්ම කරලා, ශ්‍රි ලංකාවක් රටේ ජනතාවටත් නන්නත්තාර කරලා දැම්මා. දැන් ජාතික ආරක්ෂාව ගැන දොඩවනවා. හොඳ වෙලාවට අනුර කුමාර දිසානායක ජනාධිපති වුනේ. රටේ ජනතාවගේ වාසනාව...

:       20       59

Mahinda Friday, 28 February 2025 08:36 PM

බලය ඇති කාලයේ ඔය නුවණ පහළ නොවුනේ මන්දයි දැන් හිතෙනවා. එහෙම තිබුනා නම් විසිවෙන්නේ මීට කලිනි. දමිවැල් කම්බිකූරැ හීනේනි දකිද්දී කියවෙන වියරු ගී.

:       15       34

පම්පෝරි ජනක Friday, 28 February 2025 09:15 PM

එතකොට ඉතින් රාජපක්ෂලගේ දේශපාලනයත් හැඳි ගැවිලාම යනවා , පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි හැමතැනම ඉස්සරහ ඉඳගෙනත් හෙන පච ඇරපු උන්දැල තමයි ඔය.

:       18       41

ලූට මූස් Friday, 28 February 2025 09:50 PM

හොර පෙරකදෝරුවෝ පාර්ලිමේන්තු ආවාට කමක් නැතෙයි..?

:       16       43

chathu89 Friday, 28 February 2025 10:01 PM

බොරු කර කර රට කාපු නුඹලාට දැන්ද පස්ස රත් වුණේ..? හිරේ ගියාම ඔක්කොම සනීප වෙයි. එතකන් කලබල නොවී ඉන්න..

:       15       41

Chathuri Saturday, 01 March 2025 01:56 AM

අනේ මේ මෝඩ හිකනලා. පැරදුන දුකට. කියන්නෙ මොනවද දන්නෙත් නැහැ. හොරා කාපුවා. මිනිමරපුවා. බොරු නම් මොකටද සී අයී ඩී. ගිහින් අඩලා දොඩලා උසාවි යන්නෙ පරම්පරාව හොරා කෑවෙ මිනිස්සු ගොන්නු කියලා හිතන්. දැන් ඒ ගොන්නු තමයි මේ මීහරක් ටික පෝරකේට අරන් යන්නෙ කාටද ආඩම්බර.

:       7       7

Bunny Preena Saturday, 01 March 2025 10:28 AM

බොහොම හොඳ යෝජනාවක්. පාර්ලිමේන්තුව ඇතුලත කියන ප්‍රකාශවලින් කාට හරි අපහාසයක් වෙලා තියෙනවා නම් නඩු පැවරීමට හැකිවන පරිදි නව පනතක් සම්මත කරගත යුතුයි. 159ක් තියෙන නිසා යෝජනා පහසුවෙන් සම්මත කරගත හැකියි.

:       1       22

Mahajanathawa Saturday, 01 March 2025 10:40 AM

ජරා රාජපක්ෂලාට නැවත රට පාලනය කිරීමට ඉඩක් නොමැති බව කරුණාවෙන් සලකන්න.

:       13       9

Rata Perata Saturday, 01 March 2025 11:06 AM

ඒකනම් හොඳ යෝජනාවක්. ඒකෙන් පාර්ලිමේන්තුවේ සංවරය හදාගන්නත් පුළුවන්.

:       6       12

ගමේ එකාලා Saturday, 01 March 2025 05:26 PM

අභියෝග වලට බය නැති, ඡන්දෙන් පැරදෙන බව දැනගෙන පාර්ලිමේන්තුවට රින්ගපු තමුන්ව දකින එකත් අපිට හරිම පිළකුල්.. පුළුවන් තරම් බොරු කියලා ජනතාව අන්දලා, බලය ගත්තු රටම හොරාකාලා, විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය ගැන කවර කතාද?

:       5       4

කපුරුහාමි Saturday, 01 March 2025 09:02 PM

පාර්ලිමේන්තවේ නම් මොකද? මුලු මහත් ජනතාවම බොරු කියලා අන්දවපු අය? ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි නම් ලෝකෙම දන්නවා.

:       0       0

Wimal Sunday, 02 March 2025 09:40 AM

ඒක හොඳයි, එතකොට කලින් කී බොරු ඉතිරි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 223 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 598 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 862 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1960 3

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2354 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් ප්‍රියසාද් මරුට
2025 අප්‍රේල් මස 23 3537 12

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 615 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site