තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද අබෘ, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇත.
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාර්ලිමේන්තුව විසුරුවාලීමේ පෙත්සම්වල තීන්දුව සවස 4.00 ට
janaka Thursday, 13 December 2018 05:12 AM
රනිල් හැම දේටම උදාහරණයක් ලෙස ගත්තේ ඉන්දියාවේ පාලන ක්‍රමයනේ. ඉන්දියාව නම් මේ විදියෙම වැඩක් වෙලා ප්‍රාන්ත ආණ්ඩුව විසුරුවිම නිවැරදියි කියා තීන්දු උනා. මට ප්‍රශ්නේ දැන් කට්ටිය මේ නඩුව ඉල්ලා අස්කරගන්නේ නැත්තේ ඇයි කියන එක.
ඇත්ත සත්‍යපාලThursday, 13 December 2018 05:51 AM
මේක ඉන්දියාව නොවෙයි. අපි බටහිර රූකඩ රටක්. තීන්දුව දෙන දිනය රනිල් දැනගෙන හිටියා විතරක් නොවෙයි තවත් ගොඩක් දේවල් තමන්ට ලබා දෙන්නට අය ඉන්නවා කියලත් ඔහු දන්නවා. ඉන්දියාවේ වෙන දේවල් වල අනිත් පැත්ත වෙන්නේ කියලා තව පැය කිහිපයකින් දැනගන්න ලැබෙනවා. රටේ අවාසනාව.
Sanath KandyThursday, 13 December 2018 07:41 AM
ඉස්සර වගේ නෙවෙයි. ඉන්දියාවත් දැන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පදයට නටන රූකඩයක්.
sandy123Thursday, 13 December 2018 08:15 AM
ඔයාගේ වාසනාවද?
කොකිල Thursday, 13 December 2018 06:09 AM
එ් ඔයගෙ නොදැනුවත් කමනේ. කවුරු හරි නුගත් දෙශපලකයෙක් කියන බොරු හොදට ගිලිනවා.
දිනේෂ්Thursday, 13 December 2018 06:25 AM
මහත්මයා, ඉන්දියාවේ ඒ තීන්දුව දුන්නේ ඔවුන්ගේ ව්‍යවස්ථාවට අදාලවයි. අපිට අදාල වන්නේ අපගේ 19 වන ව්‍යවස්ථාවට අදාල වන තීන්දුවයි. ඒ නිසා ඉන්දියාවේ තියා මොන රටක වුනත් නඩු තීන්දුව ලබා දෙන්නේ ව්‍යවස්ථාවට අදාලවයි. එසේ නැතුව තමන් දරන දේශපාලනයට අදාළ වන ආකාරයට නොවෙයි.
samiThursday, 13 December 2018 06:44 AM
ජනක මහත්ණනි , පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වන්නේ අවරුදු 5 කට වරකි. ජනතාවට පාලකයන් වෙනස්කිරීමට අවශ්‍යනම් අවරුදු පහට පසු කලහැක. කඩින් කඩ මැතිවරණ පවත්වා විනාශ කරන්නේ ඔබෙත් මගෙත් රටෙත් අනාගතයි .ඕනෑම ආණ්ඩුවක තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සම්පුර්ණ කාලය දියයුතුය. අවසානයේ අවරුදු 5 කට පසු ජනතාවට තීරණය කල හැක.
dineshThursday, 13 December 2018 07:19 AM
මහත්මය, අවරුදු 5 කට බලය දෙන එක ඇත්ත , එත් ඒ කාලය තුළ බලය අරන් කරන වැඩ වැරදිනම් ඒ අයව ඉවත් කරන්න ක්‍රමයක් තියෙන්නේ ඕනි, නැතුව බලය වසර 5 කට දුන්න කියල ඒ ය මුළු රටම විනාශ කරනකන් බලන් ඉන්නද කියන්නේ, තව දුරටත් මේ අය හිටියොත් ටව අවරුදු 5 කින් ඡන්දයක් තියන්න රටක් අපිට නතුවෙයි, භාගයක් චිනට, තව ටිකක් ඉන්දියාවට අනිත් ටික කොටියට, අපිට රටක් නැ,. එයාලගේ උවමනාව මොකද්ද කියල එටකොට තෙරෙයි , ඔය එකතු වෙලා ඉන්න අය එදා ඉදන් හැදුවේ අපේ රට බෙදන්න................
AmarasingheThursday, 13 December 2018 07:44 AM
සැමි මහත්තයෝ, හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා කියමනක් අහලා තියනවද? පටන්ගත්ත දවසේ ඉදලා අවරුදු තුනහමාරක් කරන්න හිතපුවත් නැති සංවර්ධනයක් ඉතුරු අවරුදු එකහමරේදී කොහේ කරන්නද? රට ගොඩනගනවා කියන්නේ කාමරේ දෙකේ ගෙයක් හැදිල්ලක් නෙමෙයි. පුද්ගලික වාසි ගැන නොහිතා රටේ පුරවැසියෙක් විදියට හිතන්න පුරුදුවෙන්න.
RupasiriThursday, 13 December 2018 07:55 AM
ජීවිත කාලයටම වුනත් නීතියෙන් දුවව කසාද බැඳලා දුන්න කියලා නිකන් ඉන්නේ නැහැ මහත්තයෝ...
sasithThursday, 13 December 2018 08:42 AM
දිනේෂ්, දවසේ දැක්ක හොදම කමෙන්ට් ඒක
Sanath KandyThursday, 13 December 2018 07:36 AM
ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු විසුරුවිමයි අපේ පාර්ලිමේන්තුව විසුරුවිමයි සමාන කරන්නේ කොහොමද ජානක? ලංකාවෙත් 13 වන සංශෝධනයට පිටින් කටයුතු කලොත් ජනාධිපතිට ඕනෑම වෙලාවක පළාත් සභා විසුරුවන්න පුළුවන්. එත් 19 වන සංශෝධනයට අනුව අවුරුදු 4ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැ. අනික මේ නඩුව ආණ්ඩු විසුරුවිමක් ගැන නෙවෙයි. පාර්ලිමේන්තුව විසුරුවීම ගැන.
Bandula. Thursday, 13 December 2018 05:49 AM
මොනදේ උනත් සාමකාමිව වැඩ කරනවානම් හොදක් වේවි. සාධාරනේ මුළු රටම දන්නවා වගේම බලාගෙන ඉන්නේ, පටු අරමුණු නැතුව යහපතක්ම වේවා.!
sampath pathirana Thursday, 13 December 2018 06:24 AM
තීරණය ජනාධිපතිතුමාගේ තීරණයට එරෙහිවනම්, මේ දේශපාලන අර්බුදය තවත් වැඩි වෙලා රට විනාශ වේවි.......
Sanath Kandy Thursday, 13 December 2018 07:25 AM
ව්‍යවස්ථා විරොධී දේශපාලන කුමන්ත්‍රණය පරදවන්නට ගරු අධිකරණය නිවැරදි තීන්දුවක් දෙනු ඇත. එමෙන්ම ඒ තීන්දුව මේ රටේ අනාගතය පිලිබඳ තීරණාත්මක එකක්ද වනු ඇත.
Ruchi Thursday, 13 December 2018 07:44 AM
තීරණය - ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවීම නිත්‍යානුකුලයි. මහජන ඡන්දයකින් නව පාර්ලිමේන්තුව පත්කරගත යුතුයි
Bishan Thursday, 13 December 2018 07:44 AM
අද අපේ රට සෝමාලියාවටත් වඩා දුෂ්කර ආර්ථික තත්වයකට බැහැලා. රට ණය ගෙවිය නොහැකි තත්වයකට පත්වෙමින් තියෙනවා.
dias Thursday, 13 December 2018 08:01 AM
ඕනෑම අවස්තාවක නිවැරදිභාවය මෙන්ම සත්‍ය ජය ගත යුතුයි.
julien Thursday, 13 December 2018 08:10 AM
මුළු ලෝකයක් බලා සිටින තීන්දුවක් අපේ රටේ ඉදිරි පාර්ලිමේන්තුවේ පැවැත්ම තීන්දු කරන තීන්දුව...
kamil Thursday, 13 December 2018 08:13 AM
සිරිසේන සහ රාජපක්ෂ ලා ද රට ද උත්තරේ අද සවස 3 ට ....?
Mahee Thursday, 13 December 2018 08:24 AM
අර ඉස්සර හිටපු එහෙයියො ඉවත්වෙලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ අග්‍ර විනිශ්චයකාර තුමෙකු මුලසුන දරන නිසා තීන්දුව කුමක් වුණත් ඉතාම සර්ව සාධාරණ තීන්දුවක් ලැබෙන බවට නම් මට විශ්වාසයි.
sirimal Thursday, 13 December 2018 09:05 AM
අද තීන්දුව ප්‍රකාශ නොකර බැහැනේ. හෙට ඉඳල උසාවි වලට නිවාඩු ලැබෙනවානේ.
chamath Thursday, 13 December 2018 10:00 AM
ජනතාවගේ පැතුම ඉටු වේවා මේක බුදුන්ගේ රටක්