IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ සියලු කටයුතු 07 වැනිදා තෙක් නවතී

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලුම කාර්යාල ලබන (7)වැනිදා දක්වා වසා දමා ඇතැයි එහි නිලධාරීහු පවසති .

රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක වන හෙයින් එතෙක් සේවයට පැමිණීම අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සේවකයන්ට දැනුම් දී ඇත .

මේ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ දිනවල සේවයේ යෙදී සිටින්නේ එහි ආරක්ෂාවට සිටින පොලිස් හා හමුදා නිලධාරීන් පමණකි .

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය හා නියෝජ්‍ය මහලේකම් කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම නිසා එම කාර්යාලවල සේවක සේවිකාවෝ පිරිසක් පසුගිය දිනවල නිරෝධායනයට යොමු කෙරුණහ.

පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා නැවත රැස්වීමට නියමිතය . මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 7වැනිදා පෙරවරු 9.30ට පැවැත්වෙන බව එහි නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවැසුවාය.

 



අදහස් (5)

පාර්ලිමේන්තුවේ සියලු කටයුතු 07 වැනිදා තෙක් නවතී

srilanka Tuesday, 01 June 2021 06:45 AM

ඕක සදාකාලෙටම වහන්න. ඒක හොඳයි රටට. අවුරුදු 72ක් කළ හරිය ඇති...

:       1       8

Viraj Gamanpila Tuesday, 01 June 2021 07:05 AM

බැරිද ඕක හැමදාටම වහල දාන්න .....

:       0       0

Rata Perata Tuesday, 01 June 2021 09:59 AM

20වැනි සංශෝධනය සම්මත කළ දවසේ ඉඳලා ඕක කොහොමත් වැහුවා වගේ තමයි. දැන් ඔතන අපේ සල්ලි වලින් එක එකට මඩගහගන්න තැනක් විතරයි.

:       0       5

Sri Lanka Tuesday, 01 June 2021 10:54 AM

ඇති යාන්තන් වැහුවා... රට කන තැන..

:       0       4

Siri Wednesday, 02 June 2021 04:21 AM

ඕක ඇරියයි කියලා රටට වැඩක් තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 19 0

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


බටලන්ද වාර්තාව නීතිපතිට යවයි
2025 අප්‍රේල් මස 29 33 0

බට ලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ.


ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි
2025 අප්‍රේල් මස 29 1157 0

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 641 4

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 818 5

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 1232 13

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 36 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 19 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1052 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site