IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු අධි ආරක්ෂක කලාපයේ ඔත්තු බැලූ තරුණයෙක් මාට්ටු

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධිආරක්ෂක කලාපයට අයත් ජල තීරයට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටි බවට සැක කෙරෙන තරුණයෙක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ ( පාර්ලිමේන්තු )නිලධාරියා විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

පාර්ලිමේන්තු පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ඊ ප්‍රනාන්දු මහතා ලබා දුන් තොරතුරක් අනුව බුද්ධි අංශ නිලධාරියා සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබූ බව තලංගම පොලිසිය පවසයි.

සැකකාර තරුණයා මොරටුවේ පදිංචිකරුවෙකි.

මොරටුවේ සිට පා පැදියකින් පැමිණ ඇති සැකකරු මෙම ජල තීරයට වැටකින්ද පැන ඇතුළු වූයේ ඇයි දැයි ප්‍රශ්නයක් වන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අධි ආරක්ෂක කලාපයට ඇතුළුවීමට හේතුව පැහැදිලිවම පැවසීමට සැකකරු අපොහොසත්ව සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියක නිරතව සිට ඇති බවත් පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු ඔහු වහා ක්‍රියාත්මකවී සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවත් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ලබාදී තිබු තොරතුරක් අනුව නාවික හමුදාවේ නිලධාරීහු කණ්ඩායමක්ද ඒ ස්ථානයට ඊයේ උදේ පැමිණ සිටියහ.

එසේම සැකකරුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීම සඳහා ඒ අවට ප්‍රදේශවල සීසීටීවී කැමරාද පරික්ෂා කරගෙන යන බව පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර පුෂ්පකුමාර, පාලිමේන්තු පොලිස් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් පාර්ලිමේන්තු පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ඊ ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ තලංගම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (6)

පාර්ලිමේන්තු අධි ආරක්ෂක කලාපයේ ඔත්තු බැලූ තරුණයෙක් මාට්ටු

කිරි පුතා Monday, 23 May 2022 09:34 AM

අකුසල් අරමුණක් ඇතිව පැමිණියේ නම් ඔහුට එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවේ. සමාජයක් ලෙස කළ අකුසල් හොඳටම ඇති. ඉන් මිදීමට කළ යුත්තේ කුසල් වැඩීමයි...

:       2       35

ලුම්බිණි Monday, 23 May 2022 09:50 AM

බොරුවැඩ නොකර අහිංසක මිනිසුන්ට යන්න දෙන්න. අල්ලනවා නම් ඔය ප්‍රසිද්ධ අපරාධ කරපු අය ඉන්නේ...

:       38       12

මහී Monday, 23 May 2022 10:13 AM

අජිත් කුමාර නාට්‍යය ආයෙත් රඟපාන්න වෙන්න ඇති. පුරුද්දනේ...

:       20       10

chathura Monday, 23 May 2022 11:40 AM

දන්නවනේ කව්ද ඔය වගේ වැඩ කරන්නේ කියලා. ගෙවල් ගිනිතැබීම්වලට සම්බන්ධ පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්..!

:       1       22

Lalla Monday, 23 May 2022 01:21 PM

මේ නම් හිඟන පොරක් වෙන්නැති... නොමිලේ යන වැසිකිළියක් හොයලද බලන්න...?

:       0       4

kamal Monday, 23 May 2022 01:39 PM

ත්‍රස්ත බිල්ලන් එනවා වගේ...!

:       3       8

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 213 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 527 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1263 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2839 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 361 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26749 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18874 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site