(*** සුජිත් හේවාජුලිගේ)
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකු මෙන්ම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාද වන නීතිඥ චමින්ද කුලරත්න මහතාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් ඊයේ (13) සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) සවස පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමද මේ තත්ත්වය හේතුවෙන් ලබන සඳුදා (18) තෙක් කල්දමා ඇතැයි එහි උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එම කාර්යාලයේ සියලුම සේවකයන් නිරෝධායනයට යොමු කර ඇති බව පැවැසූ එම නිලධාරියා ඔවුන් පීසීආර් පරීක්ෂාවලටද ඊයේ (13) යොමු කරන ලදැයි ප්‍රකාශ කළේය.
පවතින තත්ත්වය හේතුවෙන් බාහිර අමුත්තන්ට අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීම තහනම් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
කොරෝනා ආසාදිත ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.
මේ අතර පාර්ලිමේන්තුව ලබන 19 වැනිදාට කල් තබා තිබෙන හෙයින් එදිනට එය අනිවාර්යෙන්ම රැස්විය යුතු බවත් 19 වැනිදා පාර්ලිමේන්තුව රැස්ව එම සතියේ සෙසු රැස්වීම් වාර අවලංගු කිරීමටද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇති බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවැසේ.
පාර්ලිමේන්තුව ලබන 19, 20, 21, 22 දිනවල පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණි.
මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයක් සෞඛ්‍ය අංශ සේවකයන් විසින් ඊයේ (13) සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරනු ලැබීය.
උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත්
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය වහයි
Rata Perata Thursday, 14 January 2021 12:53 PM
දැන් ඉතින් 20ට අත් උස්සලා, ඕක අරගෙන හිටියා කියලා මොන දෙයක් කරන්නද? වහලාම දාන්න. අපේ සල්ලි ටික හරි ඉතුරුයි.
Ananda Friday, 22 January 2021 08:13 AM
ඒකට මහජන සියලුදෙනා කැමති අනිත් අයට බෝවීමට ඉඩතිබෙන නිසා...