දැනට රාජකාරියේ යෙදීසිටින බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොඑවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමේ ගැටලුවක් මතුවීම නිසා කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයෑම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව එම කමිටු ආරංචිමාර්ගවලින් පැවැසේ.
කමිටුවේ සාමාජිකයන් කතානායක කරු ජයසූරිය මහතා හෙට පෙරවරුවේ හමුවී මේ පිළිබඳව දැනුම්දීමට බලාපොරොත්තු වන බව ඒ ආරංචිමාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඉදිරිපත් කෙරුණු සාක්ෂි මගින් අනාවරණය වූ තොරතුරු අනුව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවීමට අවශ්‍ය වී ඇතත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් විශේෂ කාරක සභාව තවමත් ඒ ගැන ස්ථිර තීරණයක් ගෙන නැතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඕනෑම නිලධාරියකු කැඳවීමේ බලය තිබෙන බවත්, එසේ කැඳවා තිබියදී පැමිණීම මගහරින නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්වත් කර දඬුවම් කිරීමේ හැකියාව ද ඊට තිබෙන බවත් කමිටු සාමාජිකයෝ කියති.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය කතානායකවරයා හමුවීමෙන් පසුව ගන්නා බවද ඒ සාමාජිකයෝ සඳහන් කරති.
ජනාධිපතිවරයාගේ තීරණයත් සමග කමිටුවට යනවාද, නැද්ද පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් ද දෙගිඩියාවකට පත්ව සිටින බව දැනගන්නට ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි (CNI) සිසිර මෙන්ඩිස් හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඉකුත් දා එම කමිටු හමුවට කැඳවා ප්‍රශ්න කළේය. දැනට සක්‍රීය සේවයේ සිටින බුද්ධි අංශ නිලධාරීන් මින් ඉදිරියට කමිටුව හමුවට නොඑවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළේ ඒ සිද්ධියෙන් අනතුරුවය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මීළඟට රැස්වීමට නියමිතව ඇත්තේ හෙට (18) පස්වරු 2.00ටය.
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු කාරක සභාව අර්බුදයක
සිසිල් සුදේශ් Monday, 17 June 2019 04:38 AM
ජනාධිපති තුමා කටයුතු කරන්නේ සර්වබලධාරී කියලා හිතාගෙන. පාස්කු බෝම්බ ප්රහාරයන් ගැන ඇත්ත දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා.
ගල්කටස් Monday, 17 June 2019 06:18 AM
නරි නාටක වගකීම අන්තිමට අපිටම තමා බාර ගන්න වෙන්නෙ . අපෙ රටෙ කැත දේශපාලනය අරයට මෙයා බොලෙ පාස් කරනවා විතරයි කවදාවත් අැත්ත දැනගන්නට ලැබෙන්නෙ නැත. මැන්ටල් කෙස් ටික අයින් කිරීම අපගෙ වගකීමයි අවස්ථාව එන තුරු ඉවසීමෙන් බලා සිටිනවා හැර අපට කල හැකි දෙයක්ද නැත. රටකට ගිය කලක් යහපාලනය සංහිඳියාව දෝරෙ ගලනවා. ඒ වචන දෙක අපිට එපාම කලා .
Rata Perata Monday, 17 June 2019 06:27 AM
250ක් මැරිලත් කිසිම ගානක් නැති හැටි.
susanthaTuesday, 18 June 2019 07:50 AM
පෙරෙට තිබු රට තමයි මෙයාලා ඇවිත් පස්සට යැව්වේ රට පෙරට.. අපි කරේ ඉගුරු දීලා මිරිස් ගත්ත එක. මේ ආණ්ඩුව ආවට පස්සේ ජාතික ආරක්ෂාව බින්දුවට වට්ටලා. ඒ මත ඇතිවූ මේ මුස්ලිම් ත්‍රස්තවාදේ ප්‍රහාරය ගැන හොයන්න මොන තේරීම් සභා දැම්මත් වැඩක් නැහැ දැන්..
සේන Monday, 17 June 2019 06:28 AM
බුද්ධි අංශ නිළධාරින් සහ රහස්‍ය බුද්ධි අංශ ක්‍රියා මුලු රටම දැනගන්න ඕන නෑ. ඒක මුලු ආරක්ෂක පද්ධතියටම තදබල ලෙස හානිකරනවා .මේක දේශපාලන විහිළුවක් කරගන්නේ නැතිව වගකීමකින් වැඩ කළ යුතුයි.
i.o.SirisenaMonday, 17 June 2019 07:53 AM
සේන මේ සිදු වෙච්ච දෙයක් ගැනයි හොයන්නේ, එකේ දැන් වහන්න හෝ හංගන්න දෙයක් නැතිබව මුළු ලෝකයම දන්නවා. දැන් කරන්න තියෙන්නේ නැවත මෙවැනි වැරදි හා අඩුපාඩු නොවෙන තැනට වැඩ කරන එක නම් ඒ සදහා වෙච්ච අඩුපාඩු හා වැරදි කා අතින්ද සිදු උනේ හා කොහොමද සිදු උනේ කියලා හොයලා බලලා ප්‍රතිකාර කරන එක මිසක් ගලේ පහරු බලලා වගේ එක වහන්න උත්සහා කරන එක නොවෙයි.
NishanMonday, 17 June 2019 10:41 AM
බුද්ධි අංශයේ හැම නිලයක්ම හෙළිවෙන්නේ නෑ. ප්‍රධානියා විතරයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට අධිකරණමය බලයක් හිමියි. ඊට සෑම නිලධාරියෙක්ම අවනත විය යුතුයි. තේරීම් කාරක සභාවල වැඩ කටයුතු වලට ජනාධිපතිටවත් අත පෙවිය නොහැකියි...
Dayan Monday, 17 June 2019 07:02 AM
සේන, මෙච්චර විනාසයක් උනේ මොන අතපසුවීමක් නිසාද කියල හොයන්න එපාද? ඒක බුද්ධි අංශ නාමයෙන් වහලම තියන්න ඕනැ ද? ආයේ වෙන්ට තියෙන ඉඩක් ඇත්නම් එකට පිළියම් යොදන්න එපාද?
Hafeel Monday, 17 June 2019 07:57 AM
මේ දක්වා පැවති මේ කාරක සභා රැස්වීම්වලදී රටේ ආරක්ෂාවට හානි වෙන අන්දමින් කිසිම බුද්ධි තොරතුරු හෙළිවී නැත. දැනට හෙළිවී ඇති තොරතුරු අනුව ආරක්ෂාව බාර ඇමති හැටියට ජනාධිපති තමාගේ වගකීම ඉටු කරලා නැහැ. එක සත්‍ය. ඔතන හංගන්න මොකුත් නැහැ. එක එයාගේ නොහැකියාව හා දුර්වලකම මිස රටේ ආරක්ෂාවට තර්ජන හෝ බුද්ධි තොරතුරු පිට වෙන එකක්නොවේ. ජනාධිපතිගේ ක්‍රියාකලාපය නිසා තමයි රටේ ආරක්ෂාවට තර්ජන. ඒ නිසා පාර්ලිමේන්තුවට සහ කතානායකට තියන බලතල අනුව මේ කාරක සභාව අවසන් වනතුරු දිගටම පවත්වාගන යායුතුයි. දැන් හරි තේරුම් ගත යුතු මේ විධායක ධූරයේ බරපතලකම ගැන. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නීති විශාරදයකුත් ලියුම් කිහිපයක් යවෙලා තියන්න මේ කාරක සභාව නීතියට පටහැනි කියල. එයා එදා ඉඳන් කරන්නේ කාට අසාධාරණ විදියට කඩේ යනඑක තමා.
MaheeMonday, 17 June 2019 08:20 PM
අපිත් පිලිගන්නවා රටට ඒ මහා විපත සිදුවුනේ කොහොමද කියල රටම දැනගත යුතු බව. මේ සභාවේ ඉන්න කට්ටියගෙන් ඒක වෙනවා කියල හිතනවද? මේ ගොල්ල රත්නසිරිගෙන් ප්‍රශ්න අහපු හැටි දැක්කද? හිස්බුල්ලගෙන් අර සෞදි අය එක්ක කරපු ගනුදෙනු ගැන ඇහුවේ නැත්තේ මොකද? මේ ගොල්ලන්ගේ අරමුණ මොකක්ද? හොඳයි, මේ ගොල්ලම ඒක කලාට කමක් නැහැ කියමුකෝ, මොකද ලෝකෙටම ඇහෙන්න ඒක කරන්නේ? පිටරටවල් අපට හිනාවෙන හැටි පෙන්වන්නද? ජනාධිපතිට පහර ගැහුවා හෝ නැතුවා හෝ අපට කමක් නෑ. ඒක කලයුතු විදිහක් තියෙනවා.
NIRUPA Monday, 17 June 2019 08:05 AM
ඔයාලට ත්රෙන්නේ නැද්ද? මේ අය අර දොස්තරගේ කතාව වහන්න මේක කරනවා කියලා. මොන මොනවා කිව්වත් මෙතන වෙන දෙයක් තියෙනවද?
චිත්‍රානන්දWednesday, 19 June 2019 11:42 PM
ඇයි දොස්තරගේ කතාව වහන්න දෙයක් එතන තියෙනවාද? ඔතන තියෙන්නේ දොස්තර මුලිම්වරයෙක් වෙච්ච එක විතරයි. මුදල් අයතා ලෙස උපයාගත් බවට සැකයට පොලිසියට පුලුවන්ද අත්අඩංගුවට ගන්න. මොහු ප්‍රසව හා නාරි විෂය සම්බන්ධ දොස්තර කෙනෙක් නෙවෙයි. එහෙනම් ඔහු කොහොමද මේ සැත්කම් කරේ? ඔයවගේ ගැටළු ගොඩක් මෙතන තියෙනවා. අපි හදිස්සි නොවී ඉමු නිගමන වලට එන්න.
සේන Monday, 17 June 2019 08:07 AM
අතපසු වීමක් හෝ දුර්වලතාවයක් සෙවීම කළ යුතුයි. ඒවා සෙවීමට ඒ සම්බන්ධයෙන් ප්‍රවීනයන් පත්කර අවංක භාවයෙන් කළ යුතුයි. මුලු රටටම පේන්න කරන්නේ දේශපාලන නාඩගමක්... හැම රහසක්ම රටම දැනගන්න ඕනැ නෑ. වරද මොකද්ද? දඬුවම් මොනවද? පිළියම් මොනවද කියලා රට දැනගත යුතුයි..
Amra Monday, 17 June 2019 08:15 AM
ජනපතිඳු රටේ අාරක්ෂාව 0 කළා. ආයේ කමිටු ඕනේ නැහැ... එ්ක තහවුරුයි.
mara Monday, 17 June 2019 09:19 AM
බුද්ධි තොරතුරු පිටින් දාලා පරීක්ෂණය නවත්වන්න සින්න පොර දඟලන්නේ.., අන්තිමේදී ආරක්ෂාව සමග විහිළු කළ සිරා තමයි මාට්ටු වෙන්නේ... එනිසා කොහොම හරි පරීක්ෂණය නවත්ව ගන්න ඕනෑ. පරීක්ෂණයේදී බුද්ධි නිලධාරීන්ගේ නම් ගම් කියවෙන්නෙන් නැහැ. එවැනි ප්‍රශ්න අහන්නෙත් නැහැ. එහෙනම් ඇයි සිරා දඟලන්නේ? වරද එයාගෙයි. පුද්ගලික කෝන්තර පිරිමහගන්න අවශ්‍ය අය සහභාගී කර ගත්තේ නැහැ. පින්ගුත්තරයින් ටිකක් එක්ක කජු කකා කෝපි බීලා කාඩ් ගහලා ආරක්ෂක මණ්ඩලයම හෑල්ලුවට ලක් කරේ සිරා තමයි..
පුරවැසියාMonday, 17 June 2019 04:35 PM
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභා ක්‍රමය ලෝකයේ වෙනත් රටවල ජනාධිපතිවරු සහ අගමැතිවරුත් ගෙන්වා ප්‍රශ්න කරනු ලැබේ. නමුත් පසුගියදා රජයේ නිලධාරියකු ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම් වලදී පෙනීගියේ ප්‍රශ්න කරන කාරක සභාවේ සමහරුන් නගන ප්රශ්නවල යම්කිසි වටිනාකමක් තිබෙනවද, එසේ නැත්නම් ප්‍රශ්න නගන අයවලුන් මෙතරම් බොලඳ මට්ටමෙන් සිතන්නේද කියා නරඹන්නන්ටත් ප්‍රශ්නයක් පැන නැගේ... රජයේ නිලධාරීන් ත්රස්තයන් පළඳින දේ පිළිබඳව දන්නේ කෙසේද? රජයේ සේවකයකුට ඔහුගේ අැඳුම පිළිබඳව ප්රශ්නය එම ආයතනය තුළදීම විසඳාගත හැකි බව නිලධාරියා කියා සිටියදී සභාවේ සභාපතිවරයා පරණ නඩුවක කොටසක් ගෙන හැර දැක්වීම නිසා එම නිලධාරියා අපහසුතාවයට පත්විය. මෙය ජනමාධ්‍යයට විවෘත කරනවා නම් එයට ප්‍රජාතන්ත්‍රවාදීව සහ " ප්රොෆෙෂනලිස්ම්" අනුව ක්‍රියා කිරීමට "විශේෂ" කාරක සභාව වගබලා ගත යුතුය. නොඑසේ නම් මාධ්‍යයට අවස්ථාව නොදී සිටින්න.
Shirash Monday, 17 June 2019 10:32 AM
රට දෙන්නම එකතු වෙලා කෑවේ ... අනේ ඡන්ද දායකයිනි ..... මින් පස්වෙත් මොලේ පාවිච්චි කරලා ඡන්දේ දෙන්න... අපේ රට ශ්‍රේෂ්ඨ අනාගතයක් තියෙන රටක්... මේ මොක්කුන්ද රට භාරගෙන කරන වැඩ.... ඇඩෙනවා
chandima Monday, 17 June 2019 12:10 PM
ඒ පාස්කු ප්‍රහාරයේ ගැන දැනගන්න වෙන්න ඇති රජයේ ජේෂ්ඨ නිලධාරින් ගෙන්නලා බයකරන්න හදන්නේ? එහෙම නැතිනම් ඉදිරි මැතිවරණෙදී ක්‍රියාත්මක කරන්න යන වැඩ පිළිවෙලට එරෙහි වෙයි කියලා හිතෙන නිලධාරීන් කල් ඇතුව මට්ටු කරන්නද?
dilal Monday, 17 June 2019 01:10 PM
පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරයක් එල්ලවන බවට විදෙස් ඔත්තු සේවාවලින් ලැබුන තොරතුරු අඩු තරමින් මාධ්‍යයට ප්‍රකාශ කලානම් මාධ්‍ය ඕක විශේෂ ප්රවෘත්ති වලට දාලා ආගමික සිද්ධස්ථාන භාර පුජකතුමන්ලා ආරක්ෂාව සපයා ගන්නවා ආණ්ඩුවේ කිසි උදව්වක් නැතුව. ඒ නිසා සමහර ආරක්ෂක තොරතුරු ප්‍රකාශ කිරීමෙන් ආරක්ෂාව සැලසෙනවා. ඒකනේ අර නලා වර්ගයකුත් භාවිත කරන්නේ අනතුරු ඇඟවීමට. කොටි තර්ජන කාලේ මායිම් ගම්වලට බෙදා දිලත් තිබුන.
sahan Monday, 17 June 2019 02:13 PM
කොටි ප්‍රශ්න තිබුණු දවස් වල මේ විදියට කාරක සභා කරමින් හිටියා නම් මේ වෙනකොට ලංකාවේ ඇතුලේ රටවල් දෙකක්.. යහපාලන නාඩගම් තමයි මේවා.. වැඩක් කරගන්න බැරි ආණ්ඩුව !!
nali Monday, 17 June 2019 06:13 PM
එළිවෙන්නට තවත් දේවල් තියෙනවද? එහෙමත් නැත්තන් හංගන්නට තවත් දේවල් තියනවද ?
ස්නේහා Monday, 17 June 2019 06:57 PM
මෙච්චර වැදගත් තේරීම් කාරක සභාවක් මෙහෙයවන්න රටේ මෑත කාලීන දූෂිතම ඇමතිව පත් කරාට පස්සෙ මොකක්ද ඒකට තියෙන වැදගත් කම. රවී හිස්බුල්ලගෙන් අහනව සහරාන්ව ආශ්‍රය කලේ හොයල බලල නෙමෙයිද කියලා. එතකොට රවී අර්ජුන මහේනද්රන්ව ආශ්‍රය කලේ සෑහෙන්න හොයල බලල වෙන්නෙ ඇති. යූන්පී එකේ හොද අය නැතිව නෙමෙයි. ඒත් මෙච්චර ජාතික ව්‍යසනයක් තමන්ගෙ කුනු හෝද ගන්න රවී පාවිච්චි කරනකොට නිකන් කට පියන් ඉන්න අයගෙන් ඇති වැඩේ මොක්කද.
Rasika Monday, 17 June 2019 08:53 PM
මේ කමිටුව ගැන කිසිම විශ්වාසයක් නැහැ . බලන්න කමිටුවේ ඉන්න අය සරත් ෆොන්සේකා ඇරුනහම අනෙක් කිසිම කෙනෙක් දන්නවද ජාතික ආරක්ෂාව ගැන එහෙම නැත්නම් නීතිය ගැන දැනීමක්. රවී කරුණානායකට බොරු සාක්ෂි දීම , මුදල් අවභාවිතය, හොරකම්, වගේ නඩු කීයක් තියෙනවද, එතකොට දෙමල මන්ත්‍රී , මුස්ලිම් මන්ත්‍රී වෙනම නියාය පත්‍රයක් ගෙනියන්නේ
Balagiri Tuesday, 18 June 2019 03:28 AM
ගොඩක් ප්‍රතිචාර වලින් පෙනෙන්නේ රජයට කඩේ යන අය මෙම සිදුවීම අහම්බෙන් එක පාරට සිදු වූ දෙයක් ලෙස හා ඉතා හදිස්සියේ සිදු වූ සිද්දියක් ආකාරයෙන් දකින්නට කැමති බවකි. නමුත් 2015 සිට මේ දක්වා සිදු වූ පෙළ ගැසීම් දෙස බැලූ විට ආරක්ෂාව සම්බන්දයෙන් දැක් වූ ඇල් මැරුණු ක්‍රියා පිළිවෙත නිසා මෙය සිදු වූ බව ඉතා පැහැදිලිය. මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම ගහ දන්නා මිනිහට කොලේ කඩ පෑම හා සමානය. අහෝ අපේ රටට ගිය කල ! රට දෙවියෝ රැක දෙත්වා.
yah Tuesday, 18 June 2019 04:44 AM
දැන් ඉතින් මොනවා උනත්. ජනාධිපතිගේ ඉඳලා අගමැති ඔය ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්න ඔක්කොම මේක දැනගෙන හිටියා... ඒ අය මේකට වග කියන්න ඕනේ. මිනිස්සු අතේ තමයි තියෙන්නේ මේ දෙගොල්ලන්ටම අහු වෙන්නේ නැතිව ... ඊලඟ ඡන්දේ කරන්න...
thilakasiri Tuesday, 18 June 2019 06:25 AM
ඇමරිකාව වැනි ලොව ප්‍රභලම අරක්ෂක අංශ ඇති රටක පවා යම් වරදක් වූ විට අවශ්‍ය ඕනම කෙනෙක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට කැදවා ප්‍රශ්න කර වරද කොතනද කියා හොයා ඒ වරද නැවත නොවන පරිදි නිවැරදි කිරිමේ සම්ප්රදායක් වත්මන් දියුණු ලෝකේ පවතිත්දී ඇයි මේ අපේ රටේ අවුල? වැරද්ද හොයනවිට වැරදි කල අය අකුල් හෙලීම හා විරුද්ධ වීම හා අවුල් කර වරද හොයාගන්න බැරි තත්වයට පත්කිරීම සිරිතකි. යමෙකු හෝ යම් පිරිසක් පාස්කු ඉරිදා ව්‍යසනය සිදුවූහැටි හොයන පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට වීරුද්ධ නම් හෝ අකුල් හෙලයි නම් හෝ අවුල් කරයි නම් හෝ, ඔවුන් ඒ වරද කර හෝ සහය වී ඇති බව කාගේත් සාමාන්‍ය වැටහීමයි.රටේ බහුතරය ඉල්ලා සිටින්නේ මේ තේරීම් කාරකසභාව දිගටම පවත්වමින් සාක්කි දීමට කැදවන අයගේ ආරකෂාව රජය විසින් සැපයිය යුතු බවයි.පිරිසිදු ප්රජාතන්ත්රවාදී පාලනයක විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය ජනතා පරමාධිපත්‍ය හිස්මුදුනේ තබා ගරුකළ යුතු බැවින් සිදුවන සියල්ල ජනතාවට මෙසේ දැනගැනීමට සැලැස්වීම අගය කලයුතුමය. ජනතාව මුළාකර රවටා ඔවුන්ගේ ඡන්දෙන් බලයට පත්ව තම බඩ වඩා ගන්නා ආත්මාර්ථ කාමීනට රැවටී සිටින ගිහි පැවිදි අයගේ ඇස ඇරෙත්වා!
Sumudu Tuesday, 18 June 2019 06:38 AM
ජනතාවම කියනවා ඒ ගොල්ලන්ට වෙච්ච දේ දැනගන්න ඕනේ නැතිලු . කවුද වග කියන්න ඕනේ කියල දන ගන්න ඕනේ නැතිලු . එහෙම ඕනේ නැතිනම්, ඒ රටේ මිනිස්සු නෙමෙයි ඉන්නේ . හරකෙකුට ගැහුවහම හරක දන්නේ වේදනාව විතරයි . ගැහුවේ කව්ද කියන එක අදාලම නැහැ . ලංකාවේ මිනිස්සුයි හරකුයි හඳුනාගන්න හරි අමරුයි .