IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයට මාරුවක්

(සුජිත් හේවාජුලිගේ )

රූමත් තරුණ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය මුල්කරගෙන  පාර්ලිමේන්තුවේ ගෘහ පාලන  අංශය ආපනශාලා අංශයෙන් වෙන්කර වෙනම පරිපාලන අංශයකට  සම්බන්ධ කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුවී ඇත.

මෙම අංශ දෙක එකට පැවතීමෙන් මෙවැනි හිංසන ක්‍රියා උත්සන්නවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි  පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් මේ සතියේදී  දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෘහ පාලන අංශය වෙනත් අංශයකට සම්බන්ධ කිරීමට අදාලව  විශේෂ  වැඩපිළිවෙළක් සකස් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ.

මේ අතර  මෙම හිංසන සිද්ධි වැළැක්වීමට පියවර නොගැනීම සහ  ඒවාට යම් යම් ආකාරයට  ආධාර අනුබල දීම  යන චෝදනා යටතේ ප්‍රධානීන් තවත් කිහිප දෙනකුට  දැඩි විනය පියවර ගැනීමටද  පාර්ලිමේන්තු ප්‍රධානීන්  තීරණය කර ඇත.

පාර්ලිමේන්තු ගෘහපාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ  මහලේකම්  නීතිඥ  කුෂානි රෝහණදීර මහත්මිය විසින්  පසුගිය 10 වැනිදා සිකුරාදා  තහනම් කරනු ලැබීය.

 

 



අදහස් (2)

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයට මාරුවක්

Rata Perata Sunday, 13 August 2023 01:07 PM

මෙන්න මේ වගේ ගොන් වැඩ තමයි, ලංකාවේ හැමතැනම වෙන්නේ... මේකට අංශ මාරුකරලා හරියනවාද? මොකද ඒ අංශයේ ඉන්න ඔක්කොම ශාන්තුවරුද? හරියට නීතියක් ක්‍රියාත්මක කරන්නේ නැතිව පිස්සු නටනවා. පාර්ලිමේන්තුවේ තරම් මෝඩයින් රැළක් රටේම නෑ.

:       0       0

පුරවැසියෙක්.... Sunday, 13 August 2023 04:10 PM

මෙම අංශ මාරු නොකොට දඬුවම් ලබාදීම විය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 24 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 83 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 64 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1403 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 7680 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 1975 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 404 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1413 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site