(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන්) වටයක් ලබන 17 වැනිදා අඟහරුවාදා පෙරවරු 9.00 සිට දහවල් 12.30 දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
ආසාදිතයන් හමුවී ඇති ප්‍රදේශවල සිට පැමිණෙන නිලධාරීන් මෙම පරීක්ෂණ වලට භාජනය කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාර්ලිමේන්තු ප්‍රධානින්ට ලබා දී ඇති උපදෙස් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලය හා අනුබද්ධ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ හා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේද සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පරීක්ෂණ වටය ක්‍රියාත්මක කෙරේ.
මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කෙරෙන කොරෝනා පරීක්ෂණ හය වැනි වටයයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් සහ පාර්ලිමේන්තු සේවකයෝ විශාල පිරිසක් කොවිඩ් රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇන්ටිජන් පරීක්ෂණ
පප්ප Wednesday, 11 August 2021 05:07 PM
අනේ අපරාදෙ ඒ අයට පුරුදු විදියට සැපගන්න ඉඩ දෙන්න...
Raveendra Thursday, 12 August 2021 06:41 AM
අප නම් අසා ඇත්තතේ මිහරකුන්ට කුර රෝගය වැළදෙන බවත් මෙම කොවිඩ් වෛරසයෙන් තිරිසන් සත්තුන් විශේෂයෙන් මී හරකුන්ට කිසිදු බලපෑමක් නොමැති බවය.එබැවින් නිකරුනේ එන්නත් හෝ වෙනත් පරීක්ෂණයන්ට තම වටිනා කාලය නාස්ති නොකරන මෙන් අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.