IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ  අධිකරණ අමාත්‍ය  නීතිඥ  හර්ෂණ  නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට  ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පාර්ලිමේන්තුවේ තවත් ප්‍රධානීන් තිදෙනෙකුගේ ඉදිරි දිනවල ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ  ප්‍රධානීන් තිදෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙනු ඇත.

මේ අතර  එම   වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ  ප්‍රසන්න කුමාරසිංහ මහතාගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ  බුද්ධික මනතුංග මහතා පැවසීය.

සභානායක  කාර්යාලයෙන් ඒවා තිබූ ලිපියක අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය පැහැදිලිව සඳහන්ව තිබූ බව කුමාරසිංහ මහතා ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

එම ලිපිය සභානායක කාර්යාලයට එවා ඇතැයි පැවසෙන්නේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙනි.

ඒ අනුව එම කාර්යාල දෙකේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙනු ඇත.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් සුදර්ශන නානායක්කාර මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය.

එම දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ ඒ අනුවය.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පසුගිය 20වැනිදා  පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ අදාළ සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළහ



අදහස් (4)

පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට

pj Tuesday, 31 December 2024 04:37 AM

පිස්සු නැත්නම් ෂෝක්.......

:       3       2

අමා Tuesday, 31 December 2024 08:38 AM

මොනවා වුණත් කමක්නෑ, අවසානේ නවතින තැන, ප්‍රසිද්ධියේ කියන්න ඕන.

:       0       12

Sriyal Tuesday, 31 December 2024 09:09 AM

රටේ පවතින ලොකුම ප්‍රශ්නය මේකයි

:       3       14

බණ්ඩා Tuesday, 31 December 2024 09:59 AM

ආණ්ඩුව ඇතුලේම නාගෙන වගේ .....

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site