IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පුරාවිද්‍යා ගැසට්ටුවේ ලොකු හිලක්

(සුජිත් හේවාජුලිගේ)

අරගලකරුවන්ගේ බාරයට පත්වූ ජනාධිපති මන්දිරය  ඇතුළු කොළඹ  ප්‍රධාන ගොඩනැගිලි හතර  පෞරාණික ස්ථාන  ලෙස විධිමත් සහ  නිශ්චිත  ආකාරයට ගැසට් නිවේදන  මගින් ප්‍රකාශයට පත්කර නැති හෙයින්  ඒවායේ  පෞරාණික දේපළවලට හානි කළ  පුද්ගලයන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ  නීතිය ක්‍රියාත්මක කිරීම  ගැටළු සහගතවී ඇතැයි  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

ගැසට් නිවේදනයක් ප්‍රකාශ කිරීමට අදාළව  මූලික කටයුතු සිදුවී  තිබුණද  ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් හැටියට නම් කෙරුණු  බව සඳහන්  පරිපූර්ණ ගැසට් නිවේදනයක් මෙතෙක්  නිකුත්වී නැතැයිද  ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අප  සහකාර  පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා ( බස්නාහිර පළාත්) ශ්‍යාමලි   රාජපක්ෂ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස  සඳහන් නිශ්චිත   ගැසට් නිවේදනයක් නොමැති බවයි.

මේ හේතුවෙන් ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය  පෞරාණික ස්ථාන ලෙස සඳහන් ගැසට් නිවේදන  ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරගෙන යන බවද ඇය සඳහන් කළාය.

එසේම ජනාධිපති මන්දිරයේ තිබූ පෞරාණික භාණ්ඩ පිළිබඳ ලේඛනයක්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව  මෙතෙක්  නැතැයිද  වාර්තාවේ.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පසුගියදා කොළඹ නගරයේ උද්ඝෝෂණ  කළ  අරගලකරුවන් පිරිසක් විසින්   මෙම ගොඩනැගිලි හතරම  ඔවුන්ගේ බාරයට ගනු ලැබීය.

එම ගොඩනැඟිලි අරගලකරුවන්ගේ බාරයේ තිබියදී  ඒවායේ තිබූ පෞරාණික භාණ්ඩ රැසකට හානි වී ඇති අතර තවත් ඇතැම් භාණ්ඩ  අස්ථානගතවී ඇතැයි පොලිසිය පවසයි.

විනාශවූ  එම භාණ්ඩ  ලේඛනගත කිරීමට  පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරගෙන යන බව ශ්‍යාමලී  රාජපක්ෂ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරේ



අදහස් (8)

පුරාවිද්‍යා ගැසට්ටුවේ ලොකු හිලක්

fairoos Sunday, 31 July 2022 05:14 PM

අපරාදෙ...? ඉස්සෙල්ලා කියන්න එපෑයෑ...

:       3       8

BamunuarachchiMonday, 01 August 2022 05:00 PM

තව ටිකක් ගෙදර ගෙනියන්නද? කොහොමද අර කොටියක සල්ලි ටික ලැබුණා නම් රටිනුත් පැනලා නේද?

:       0       2

skuntha Sunday, 31 July 2022 07:36 PM

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මහත්තයෝ දැන් ගැසට් කරලා බෑනේ. අතීතයට බලපාන විදියට ගැසට් කරන්නත් බෑනේ අර කොල්ලොන්ගෙ නඩු ටිකට මක්කැයි වෙන්නේ.ඔන්න නිලධාරින්ගේ වැඩ.

:       0       0

Ruwan R Sunday, 31 July 2022 10:45 PM

ලිස්ට් එක පොලීසියෙ තියෙනවා. ඒක ඉල්ල ගන්න..

:       0       0

Helarawa Monday, 01 August 2022 09:35 AM

ජනාධිපති මන්දිරයේ කෙසේවෙතත් දැන්ඉන්න ජනාධිපති නම් පෞරාණික භාණ්ඩයක් තමයි. මේ බල්ලන් පියා මගේ සීයගෙ කාලේ ඉඳන්ම දේශපාලනේ පැරදි පැරදී ඉන්නවා...

:       0       1

BamunuarachchiTuesday, 02 August 2022 08:19 AM

සීයාගේ කාලේ? එහෙනම් මේ මුනුබුරා, ජංගියේ චු කර ගන්න කොල්ල, දේශපාලනය ගැන දන්නේ මොන කෙන්ගේඩියක්ද?

:       0       0

sharm warn Monday, 01 August 2022 10:09 AM

ආ. . ඇත්තඩ? එහෙනම් අර සරත් වීරසේකරට කියන්වද උම්බෑ ගානෙ නතුව ඉන්න කියල? ඔතන තිබුන දේවල් වලින් කොච්චරක් මැදමුලනෙ හොරු ඉස්සුවදඩ කියල කවුද හොයන්න යන්නෙ? දැන් වත් තමන්ගෙ නිරුවත වහගෙන බොරු කතා මාද්‍ය වලින් ප්‍රචාරය කරල ලොකු මවාපෑම් නොකර සොරකමක් වෙලා තියෙනව නම් එවට විසදුම් හොයන්න.. දැන් වත් සාමකාමී අරගලකරුවන්ට මඩ ගහල කකුලෙන් අදින එක නවත්තන්න..මිනිස්සු පාරට අවෙ ගෙදර ඉන්න කම්මලිකමට නෙමෙයි කියල මුල ඉදල මතක් කරගන්න ලබන මාසෙ ඉන්දන ඉවර වුනාම..

:       0       1

Bamunuarachchi Monday, 01 August 2022 04:57 PM

පෞරාණික කතා පැත්තකින් තියා ජනාධිපති මන්දීරේට බලහත්කාරයෙන් පැනලා දේපළ විනාශ කළාට නඩු පවරන්න බැරිද? ඒ ගමන් හොරුන්ට පොලිසියේදීම දෙන බැස්ටිය දෙන්න බැරිද? පුරාවිද්‍යා දේපලවලට වෙනම නඩු පවරන්න... හැබැයි කාලෙකට ඉස්සෙල්ලා ගෙවල් ඇරලා යනකොට නැතිවුණා කියන බඩුගැන කථා එළියට එන්නත් බැරි නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 648 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3493 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4415 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 11599 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4199 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 557 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1705 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site