IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පාරවල් හදන්න ඩොලර් කෝටි 5 ක ණයක් ගන්න යයි

(යොහාන් භාසුර)

රට තුළ මාර්ග පද්ධතියේ දැඩි අබලන් ස්වභාවය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ අත්‍යවශ්‍යම මාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 53 ක ණයක් ඉල්ලා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන තෙක් මෙරටට දෙන ණය ආධාර අත්හිටුවා ඇති බව කී අමාත්‍යවරයා ඉතිහාසයේ පටන්ම රට තුළ කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති බහුතරයක් විවිධ විදේශ සංවිධාන සහ රටවලින් ලැබුණු ණය ආධාරවලින් ක්‍රියාත්මක වූ බව ද සඳහන් කළේය.

එම ණය පිළිබඳව සාකච්ඡා සාර්ථක ක්‍රියාත්මක වෙමින් මේ වන විට අවසන් අදියරේ පවතින බවත් විශේෂ ප්‍රමුඛතාවයක් දෙමින් සංවර්ධනය කළ යුතු අත්‍යවශ්‍යම මාර්ග හඳුනාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අදාල මාර්ග නිරික්ෂණය කිරීමට නියමිත බවත් ඒ මහතා කීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවයිනේ සෑම ප්‍රදේශයකම මේ වන විට අත්හිටුවා ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනමින් නැවත අරභණ ලෙස ඉල්ලා සිටි බවත් ඉතාමත් අබලන් තත්වයේ පවතින බොහෝ මාර්ග අලුත්වැඩියා නොකළ හොත් ඉදිරියේදී මහජනතාවට යෑමට ඒමට පවා නොහැකි තත්ත්වයටම පත්වනු ඇති බවත් පෙන්වා දුන්හ.

 



අදහස් (11)

පාරවල් හදන්න ඩොලර් කෝටි 5 ක ණයක් ගන්න යයි

මරිසිපාල Sunday, 28 May 2023 05:08 PM

ණය ගන්න ඉස්සර වෙලා ආදායම් ලැබෙන්න ක්‍රමයක් හැදුවොත් රටත් හැදෙනවා හැමදාම ණය ණය ණයට අරගෙන මොනවා කරන්නද බොලව් හදන්නෙ යකුනේ හැමදාම මහාමාර්ග හදල කොමිස් නැහැ තමයි ඒත් ණය බර ගෙවන්නෙ කොහොමද කියාපල්ලා,ඇත්තටම රටේ ප්‍රධාන දුම්රිය මාර්ග පද්ධතියක් හදල ගම්වලට අතුරු මාර්ග හදන්න අදහසක් හිතන්නේ නැද්දෝ

:       0       4

මහසෙන් Sunday, 28 May 2023 05:22 PM

එහෙන් ණය ගෙවන්න කල් ඉල්ලනවා,මෙහෙන් ණය ඉල්ලනවා,මේක අමුතු ම රටක්!!!

:       0       4

Wije Sunday, 28 May 2023 05:32 PM

පහු ගිය ටිකේ හොරා කන්න බැරි උනාට ඇරියස් එකත් අල්ලයි මයේ අප්පලා .හෙන ගහලා මදි මුන්ට

:       0       3

Channa Sunday, 28 May 2023 06:50 PM

කොමිස් ලැබෙනවද?

:       0       1

Lalla Sunday, 28 May 2023 08:05 PM

එදිනෙදා කලයුතු නඩත්තුව නොකරන එකට නිදහසට කාරණය මොකක්ද? මාර්ග සංවර්ධන අධිකාරිය අතිකාල සහ ව්‍යාපෘතිවල විතරද වැඩ? ණය කියන්නේ කොමිස් නේද?

:       0       1

prema Sunday, 28 May 2023 08:17 PM

වරද හොද තත්වයේ තිබෙන මාර්ග වලටත් පොලියට ණය ලබා ගැනීමයි. මාලාබේ කඩුවෙල පාර ට A D B ණය ගත්තේ කුමකටද ? මෙහි වැඩ නැවැත්වීමට සිදුවීම යහපතකි. මීට වඩා අබලන් පාර වල් බොහෝය​.

:       0       3

Nimal Monday, 29 May 2023 06:47 AM

Mr. 10 පසන්ට් ගෙන් ඉල්ලා ගන්න බැරිද ඕක ?

:       0       2

චන්දන Monday, 29 May 2023 07:12 AM

පාරවල් කන්නද කියල නෙ ඇහුවෙ. මේ වගේ පාලකයන් පන්නලා හිතන්න පුළුවන් එවුන් ටිකක් පත් කරගන්න තුරු රටට අනාගතයක් නැහැ.

:       1       2

සසර Monday, 29 May 2023 07:31 AM

ලංගමේ නොයන ප්‍රවාහන ඇමටි බන්දුල . බන්දුල ලංගමේ ගියොත් අටපට්ටමට කියන්න ඕන හොදේ.

:       0       4

Sara Monday, 29 May 2023 07:35 AM

චන්දෙ ළඟ එනවා වගේ .වටේ ඉන්න හෙන්චයියලා කොන්ත්‍රාත්තුවක් දුන්නොත් විතරයි උන්ගෙන් චන්ද වැඩට ගන්න පුළුවන් .කොමිස් ගහන්නත් හොඳම ක්‍රමය මේක තමා

:       0       2

prasanna Monday, 29 May 2023 10:33 AM

ආපහු හොරා කන සෙල්ලම පටන් ගන්න යන්නේ.රටේ ළමා පරපුරට මන්ද පෝෂණය .තොපි කෝටි ගණන් ණය අරගෙන අපිව තව්ටැහැ ණයකාරයෝ කරන්න යන්නේ.වරෙල්ලා චන්දෙ ගන්න ආපහු

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 577 2

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 323 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 432 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 165 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 375 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 640 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 563 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 455 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site