IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ප්‍රංශයට පනින්න ගිය 14ක් පිටුවහල් කරයි

(යොහාන් භාසුර සහ ගයාන් සූරියාරච්චි)

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ගුවන් මඟින් මෙරටට පිටුවහල් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

බහුදින ධීවර යාත්‍රාවලින් පසුගිය දෙසැම්බර් මස 07 වන දින සංක්‍රමණය වු පුද්ගලයින් 7 ක්, 2022 වසරේ අගෝස්තු මස 22 වැනි දින සංක්‍රමණය වු පුද්ගලයින් දෙදෙනෙක්, 2018 වසරේ සංක්‍රමණය වු පුද්ගලයින් තිදෙනෙක් සහ 2019 වර්ෂයේ ඉන්දුනීසියාවේ සිට සංක්‍රමණය වු පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු මෙලෙස ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර ඇති බවද නාවික හමුදාව කීය.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස බේරුවල, හලාවත සහ කලවංචිකුඩි යන ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 21 ත් 60 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවට අනාවරණය වී ඇති අතර මෙම අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් මෙවැනි අනවසර සංක්‍රමණිකයන් රී-යූනියන් දූපත වෙත ඇතුළු කරගැනීම සඳහා ප්‍රංශ රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන බවත් නාවික හමුදාව සඳහන් කළේය.

එවැනි නීති විරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබන බැවින්, මිනිස් ජාවාරම්කරුවන් මුහුදු මාර්ගයෙන් සංවිධානය කරන අනවසර සංක්‍රමණ සඳහා සහභාගී වීම හෝ අනුබලදීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

ප්‍රංශයට පනින්න ගිය 14ක් පිටුවහල් කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 23 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1065 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 859 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 488 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 321 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1253 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39221 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25609 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site