IMG-LOGO

2025 ජනවාරි මස 01 වන බදාදා


ප්‍රංශයේ යුරෝපා මහලේකම් අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ප්‍රංශ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මහ ලේකම් ඈන් මාරි ඩෙස්කොටිස් මහත්මිය අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.

මෙම හමුවේදී ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

දෙරට අතර සබඳතාව තවත් ශක්තිමත් කිරීමට ප්‍රංශයේ කැපවීම මහලේකම් ⁣ඩෙස්කොටිස් මෙහිදී අවධාරණය කළාය.

එසේම, මෙම සාකච්ඡාවේදී සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කළාපීය මධ්‍යස්ථානය සමග ගිවිසුම්ගත වීමේ වැදගත්කම අවධාරණය කළ අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන ලදී.

ප්‍රංශ රජය සමඟ සබඳතා ශක්තිමත්ව පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පිළිබඳව අවධාරණය කළ අගමැතිවරිය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස, පාරිසරික ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ප්‍රංශය සමග සහයෝගිතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ අතුරලිය යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.



අදහස් (1)

ප්‍රංශයේ යුරෝපා මහලේකම් අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි

Toni Thursday, 12 December 2024 10:45 PM

ප්‍රංශය පාලනය කරන හැටි පිළිබඳ උපදෙස් ටිකක් අහගන්න තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. හරිම ආඩම්බරයි අපිට..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස 132ක් පාලුවට ඇරලා
2025 ජනවාරි මස 01 72 0

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය නිල නිවාස 132ක් තුළ කිසිවෙකු පදිංචිවි නොමැතිව හිස්ව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන ව


‘දූෂණ පිළිකාව සුව කරනවා‘
2025 ජනවාරි මස 01 151 0

ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යා


පැන්ෂන් ගිය ලොක්කෙකුගේ රජ සැපට කෝටියක් පුදලා
2025 ජනවාරි මස 01 613 0

විශ්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදීමෙන් රජය


බසය-ත්‍රිරෝද රිය ගැටීමෙන් හත්හැවිරිදි දරුවා මරුට
2025 ජනවාරි මස 01 95 0

වවුනියාව පාවක්කුලම්හිදී බසයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 07 ක් පමණ වන දරුවකු මියගොස් ඇති බව උලුක්කුලම පොලිසිය සදහන් කරයි.


‘ජනවරමේ වගවීම හා වගකීම ඉටු කරනවා‘
2025 ජනවාරි මස 01 249 0

දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා නව ව


තැනින් තැනට තද වැසි
2025 ජනවාරි මස 01 83 0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍ය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 300 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 173 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 154 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site