(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකායේ විශ්‍රාමික මේජර්වරියක වූ මනීෂා ඉන්දීවරි වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද සසුන් ගත වූවාය.
සසුන්ගත වීම සිදුවූයේ බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්තිරතන ,ගලඋඩහේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යාත්වයෙනි
මෙහෙණි සසුනට ඇතුළත් කර ගැනීමේ සුබ නැකත උදා වීමට කලින් මනීෂා මෙනවිය මනමාලියක් ලෙස පෝරු මස්තකාරූඪ කර පසුව ඇයගේ ඥාති මිත්‍රාදීන් හිතවතුන්හිතවතියන් සමග ඡායාරූප ගැනීමට ද ඉඩ ප්‍රස්ථාව ලබා දුන් බව බද්දේගම ජිනසාර හිමියෝ ලංකාදීපයට පැවසූහ.
තරමක වේලාවක් මනමාලියක් ලෙස සැරසී සිටීමට අවකාශ ලබා දී පසුව ගිහි ජීවිතේම ඉන්නවාද එසේ නොමැතිනම් පැවිදි දිවියට එළඹෙනවා දැයි යනුවෙන් විමසන බවත් බද්දේගම ජිනසාර හිමියෝ වැඩිදුරටත් කීහ.
මනීෂා මෙනවිය ගෙන් මේ බව විමසූ අවස්ථාවේ ඇය මෙහෙණි සසුනට ඇතුල් වීමට කැමැත්ත ප්‍රකාශ කළ නිසා මනමාලියක ලෙස සැරසී සිටි ඇඳුම් ඉවත් කර කොණ්ඩය කපා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර සිවුර පෙරවූ බව ජිනසාර හිමියෝ පෙන්වා දුන්හ.
ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේගේ පියා අයි. ඩී මාටින් සහ අයි. ඩී සෝමාවතී මහත්මිය සහෝදරයන් වන මහේෂ් මදුවන්ත ,අයේෂ් සුදර්ශන පවුලේ ඥාතීන් හිතමිතුරන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පැරුෂුටයෙන් සසුන් බිමට
රා කට්ටා Thursday, 27 July 2023 09:17 PM
ඔබතුමියට බුදු සරණයි
Muthu Thursday, 27 July 2023 10:25 PM
මහන වීම කියන්නේ ගිහි ගේ හරයාමක් නෙවෙයි. ගිහි ගෙය මාරු කිරීමක්. පලවෙනි ගිහිගෙ අතහැරලා දෙවෙනි ගිහි ගෙට යනවා. අපිට නැති කාමසැප එතන තියෙනවා. ඇස් වලට පෙන පුංචි පුංචි වෙනස් කම් කීපයක් තියෙනවා. ඒකත් ඒ අයගේ වාසියට හදා ගත ඒවා. ඔය දෙපලේම තියෙන්නේ ඇලීම හා ගැටීම.
Yogananda D.N. Friday, 28 July 2023 10:11 AM
තෙරුවන් සරණයි! මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට කුසල් සිත් ධෛර්ය පහළ වේවා!
Bunny Preena Friday, 28 July 2023 10:29 AM
වාසනාවන් .රට දැය වෙනුවෙන් සේවය කර ජීවිතයේ ඉතිරි කාලය බුදු සසුන වෙනුවෙන් කැප කිරීමට ඔබ වහන්සේ ගත් තීරනය ඉතාමත්ම ඉහලින් අගය කල යුතුයි
කිරඅපුතා Friday, 28 July 2023 11:36 AM
රට වෙනුවෙන් තම උපරිමය කර , දැන් තමා වෙනුවෙන් යමක් කරගැනීමට තරම් බුද්ධිමත් වූ මේ උත්තමාවියට සසර දුක ඉක්මනින්ම නිමා කර ගැනීමට හැකි වේවා.!!
සත්‍යපාල Friday, 28 July 2023 02:21 PM
ඇත්තටම බුදුණුවෙක් හැටියට වෙන්නෙ මොකක්ද කියලා හිතන්න බැහැ එකක් ආරාමයක මෙහෙණින් වහන්සේසේලා සමග නොවෙයි මෙම සාමනේරියන් වහන්සේසේ වැඩ වසන්නේ කියලා පේනවා දෙවැන්න උපසම්පදා නොලත් කෙනෙකුට මෙහෙණින් වහන්සේ කියන්න බැහැ. කියන්න ඕන සාමනේරීන් වහන්සේ කියලා තමයි මේගැන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අවධානයට යොමුවේවා මහානායක හාමුදුරුවෝ මේගැන විමසා බලත්වා