රටේ මේ වනවිට පවතින අවිනිශ්චිත සමාජීය, ආර්ථික තත්ත්වය සහ ප්‍රවාහන සේවාවේ ගැටලුකාරී තත්ත්වය නිසා දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවක් ඒ සඳහා වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්ය.
ඒ අනුව පහත උපදෙස් ඔවුන් සඳහායි
ඔබ මතක තබා ගත යුතු විශේෂිතම කරුණ වන්නේ, දරු ප්‍රසූතිය සඳහා සුදුසුම ස්ථානය රෝහල බවයි. ඒ සඳහා අවැසි සියලුම පහසුකම් ද සහිත ස්ථානය රෝහල බැවින් කිසිවිටෙකත් නිවෙස් ගත දරු ප්‍රසූති සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ කරනු නොලැබේ. එවැනි තත්ත්ව සිදුනොවීම සඳහා ගර්භනී මවුවරු තම ප්‍රදේශයට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග සාකච්ඡා කොට සුදුසු සැලසුම් සකසා ගත යුතුයි.
නිවෙස් තුළ සිදුවන දරු ප්‍රසූතිවලදී මවගේ ජීවිතයටත් අලුත උපන් දරුවාගේ ජීවිතයටත් සංකූලතා ඇති වීමේ අවදානම බොහෝ ඉහළයි. දරු ප්‍රසූතියෙන් අනතුරුව අධි රුධිර වහනය වැනි සංකූලතා මවගේ ජීවිතයට ඇති වීමේ අවදානමක් පවතී. ඒ හරහා විසබීජ ශරීරගත වීම සහ ශ්වසන අපහසුතා අලුත උපන් දරුවාගේ ජීවිතයට වුව ද බරපතළ අවදානම් තත්ත්ව ඇති කළ හැකියි.
දැනට ලංකාවේ සිදුවන දරු උපත්වලින් 99.9% ක්ම රෝහල් තුළ සිදු වීම නිසා ඉහත කී සංකූලතා බොහෝ සෙයින් වලක්වා ගැනීමට හැකි වී ඇත. එය මාතෘ මරණ සහ ළදරු මරණ අවම රටක් ලෙස නිරන්තර ඇගයීමට ලක්වීමට හැකි වන මට්ටමට ළඟා වීමට විශාල පිටුබලයක් වී තිබේ.
පවතින වාතාවරණය නිසා හදිසි අවස්ථාවක දී රෝහලක් වෙත ගමන් කිරීම ගැටලුවක් වනු ඇතැයි සැකයක් වේ නම්, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා/ තුමිය සමඟ සාකච්ඡා කොට දරු ප්‍රසූතිය සඳහා නියමිත දිනට පෙර වුව ද රෝහල්ගත වී අදාල සේවාවන් සපයා ගැනීමට යොමුවිය හැකියි.
මෙහිදී මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණයක් වනුයේ ගර්භනී කාලය තුළදී කිසිදු සංකූලතාවක් නොපෙන්වන මවකට වුව ද ප්‍රසූතිය සම්බන්ධ සංකූලතා ඕනෑම අවස්ථාවක දී ඇතිවිය හැකි බවයි. එම නිසා එවැනි හදිසි අවස්ථාවක රෝහල් ගත වන ආකාරය පිළිබඳව තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ පවුලේ අනෙක් අය සමග සාකච්ඡා කොට සුදුසු ක්‍රියාදාමයක් මුල සිටම පිළියෙළ කර තබා ගැනීම වැදගත් වනු ඇති.
ගර්භනී මවුවරුන් දරු ප්‍රසූතියේ ලක්ෂණ සහ ඇති විය හැකි සංකූලතාවල ලක්ෂණ පිළිබඳව ඉතා හොඳින් දැනුම්වත් විය යුතුයි. මේ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනගෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර මෙවැනි අවදානම් තත්ත්වයක ලක්ෂණ පහළ වූ විගස හැකි ඉක්මනින් රෝහල් ගත විය යුතුයි. තමාට ප්‍රවාහන සේවා සපයා ගත නොහැකි අවස්ථාවක දී සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත. එවැනි දුෂ්කර අවස්ථාවක දී තවදුරටත් කාලය අපතේ නොයවා හැකි ඉක්මනින් 1990 අංකය හරහා මෙම සේවාව සමග සම්බන්ධ වීමට කටයුතු කිරීම ඉතා වැදගත්. පැය 24 පුරාම මෙවැනි හදිසි අවස්ථාවක දී සේවා සැපයීමට රජයේ රෝහල් බැඳී සිටින බැවින්, හැකි ඉක්මනින් රෝහලට යොමු වුවහොත් අදාල සේවා නොඅඩුව ලබාගත හැකි වනු ඇත. එය ඔබගේත් සිඟිත්තාගේත් ජීවිත සුරක්ෂිතතාව උදෙසා ඉවහල් වේ.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරින් සැකසිණි)
-සටහන- මාධවී ධර්මරත්න
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රසූතියට සූදානම් වන ගැබිනි මවට උපදෙස්