IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ප්‍රසන්න රාජ්‍ය නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරයි

(අංජුල මහික වීරරත්න)

මහජන ගැටළු විසඳීමට රාජ්‍ය නිලධාරින්ගේ සහය ලැබෙන්නේ නැතැයි ද රාජ්‍ය නිලධාරින්ගේ වැරදි නිසා දේශපාලනඥයා බැණුම් අසන බවද  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා වන රැස්වීම් මාලාවක් ලබන මස 31වැනිදාට පෙර සංවිධානය කරන ලෙස ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින්ද සහභාගී කර ගත යුතු බව අමාත්‍යවරයා කීය.

සමෟද්ධිය හා අනෙකුත් ව්‍යාපෘතිවලදී ආධාර ලබාදෙන පිරිස් තෝරාගත් ආකාරය එම රැස්වීම් වලදී රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළයුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (10)

ප්‍රසන්න රාජ්‍ය නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරයි

Sunil Friday, 23 December 2022 01:06 PM

මෙතුවක් කල් ජනතාවට වින කරලා එන්න බලන්න ජනතාව අතරට.. අපි හොඳින් සලකන්නම්...!

:       3       18

Surathala Friday, 23 December 2022 01:12 PM

අපි නම් කියන්නේ නැහැ.. ඔය ගොල්ලෝම හරියි කියලා...

:       0       14

podiekaa Friday, 23 December 2022 01:23 PM

අපි ඒත් බැලුවේ..., කොහෙන්ද මේ මී හරක් ගඳක් එන්නේ කියලා...

:       3       16

sharm warn Friday, 23 December 2022 01:33 PM

එතකොට කප්පම් ගත්තෙත් රාජ්‍ය නිලධාරීන්ද? මෙයා දැන් බබා වෙන්න හදන්නේ ඡන්දයක් එන බව දැනිලාද?

:       2       17

Ariyathilaka Friday, 23 December 2022 01:54 PM

කොතෙකුත් ගොඩ ඇදපු (අබලන්) වාහන දැක ඇතුවාට සැක නැත. සම්පූර්ණයෙන්ම අබලන් තත්වයට පත්වූ පසු අලුත්වැඩියා කර ධාවනයටගත් වාහන දැක තිබේද? එසේම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් හෝ සම්පූර්ණයෙන්ම බංකොළොත් භාවයට පත් වූ පසු එකී ව්‍යාපාරය හෝ කර්මාන්තය හෝ නැවත නගා සිටුවා ව්‍යාපාරය පවත්වාගෙන යන ව්‍යාපාරයක් කර්මාන්තයක් දැක තිබේද? ඒ ආකාරයෙන්ම යම් සටන්කාමී සංවිධානයක් හෝ දේශපාලන සංවිධානයක් හෝ ඔවුන්ගේ දැක්ම හා මූලෝපායික වැරැදි හේතුවෙන් සටන් ව්‍යාපාරය විනාශ වූ පසු නැවත ජනතාවට සුබ සිද්ධි දායක ලෙස ගොඩනැගුණු සටන් ව්‍යාපාර හෝ දේශපාලන සංවිධාන තිබේද? එසේ නැති බව අපගේ අදහසයි. නායකයින් වුව ද එසේයි. දැක්ම හා උපක්‍රමික වරදින් පරාජිත සටන් ව්‍යාපාරයක නායකයෙක් එම වැරදි මතවාදය අත් නොහැර, නැවත මතු වී සටන් ව්‍යාපාරයක දිනන ලද නායකයෙක් සිටීද? ලෝක ඉතිහාසයේ එවැනි ආකාර දිනන ලද සටන් නායකයින් නැත. රටකට වුවද එසේමය. රටක්, තම පාලන දැක්මේ සහ රජ්‍ය පාලන උපායමාර්ග වරදින්ද දූෂිත බවින් යුතු රාජ්‍ය නායකයින් විසින් රටක් බංකොලොත් කර, පසු එකී නායකයින්ගෙන් ඒ රට නැවත ගොඩනගා ගත හැකිය'යි යමෙක් සිතන්නේ නම් එය හිතළුවක් පමණක් වනවා ඇත...

:       0       9

Ariyathilaka Friday, 23 December 2022 01:55 PM

ලෝක ඉතිහාසය පිරික්සීමේදී එසේ වූ තැනක් නොදැකිය හැකිය. ලංකා රාජ්‍ය, අදූරදර්ශී දේශපාලන තීන්දු ක්‍රියාත්මක කොට මහත් දේශපාලන හා ආර්ථික අගාධයකට හැලූ පුද්ගලයන්ගෙන් එම දේශපාලන සහ ආර්ථික සූදුව තුළින් මේ රට නැවත ගොඩනගා ගැනීමට උත්සාහ දැරීම මහත් වූ විහිළුවකි. රටේ ජනතාවට වූ මහත්ම අභාග්‍යයකි.

:       0       9

sam Friday, 23 December 2022 02:11 PM

කප්පම් ගන්න එක වහාම නවත්තපන්

:       0       10

sam Friday, 23 December 2022 02:42 PM

රාජ්‍ය නිලධාරීන් රටේ නීතියටත්, ව්‍යවස්ථාවටත්, ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල ආයතන සංග්‍රහවලටත් එකඟව ක්‍රියා කිරීම වළකා, දේශපාලකයින්ගේ අවශ්‍යතාවයන්ට එකඟව කටයුතු කිරීමට පටන් ගත්තේ 1956 සිටයි.

:       0       2

Samarakoon Friday, 23 December 2022 04:28 PM

1956 දී ඔබ කියන කාරණය සදහා අත්තිවාරම දැම්මා පමණයි එය හරියටම ක්‍රියාත්මක කරන්න ගත්තෙ 1972 සැකසූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගයි.එහිදී රාජ්‍ය සේවයේ පත්කිරීම බදවා ගැනීම විනය පාලනය උසස් කිරීම හා විශ්‍රාම ගැන්වීම කැබිනට් මණ්ඩලය යටතට ගත්තා එමගින් තමයි රාජ්‍ය සේවයේ පරිහානිය ඇතිවුනේ.ඉන් පස්සෙ බදවා ගත් නිළධාරින් කටයුතු කලේ දේශපාලුවො කියන ආකාරයට පමණයි

:       0       1

Hafeel Friday, 23 December 2022 02:57 PM

එදා කප්පම් අරගෙන ඉඩමක් ගොඩකිරීම සඳහා රාජ්‍ය නිලධාරියකුට බලපෑම් කළහඬ පටයක් මතකද? දැන් එහෙම කරලා රාජ්‍ය නිලධාරීන්ගෙන් වැඩ ගන්න බැරිද?

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1639 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1269 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 757 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 920 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 4091 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 436 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27280 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19276 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1875 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site