IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පරිසරයට හානි කරන බලාගාර 19කට කඩිනමින් අවසර ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

ඉදිකිරීමට යෝජිත ජල විදුලි බලාගාර 19 ක කටයුතු කඩිනම් කරන්නැයි සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යංශය අදාළ අංශවලට දැනුම් දී ඇතත් එම බලාගාරවලින්  බොහොමයක් සඳහා නීත්‍යානුකූල අවසර ලබා දිය හැකි මට්ටමක නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

කෑගල්ල, කළුතර, ගාල්ල, හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි දියඇලි ආශ්‍රිතව මෙම විදුලි බලාගාර ඉදිකළ හොත් එම දියඇලි විනාශවීම වැළැක්විය නොහැකි යැයි පරිසරවේදීන්ගේ සංගම් කිහිපයක් එක්ව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී අවදාරණය කෙරිණි.

මාතර ඉලුක්පැලැස්ස ඇතුළු මෙම ව්‍යාපෘත බොහොමයක් පරිසර විරෝධතා හා මහජන අකමැත්ත මත නවතා දමා තිබු ඒවා බවත් ඒ පිළිබඳ තැකීමක් පවා නොකර ඉදිකිරීම් ඉක්මන් කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇතැයි ඔහු කියා සිටියේය.

මේ දියඇලි ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර 19 න් වඩාත්ම පරිසරයට හානි දායක යැයි සැළැකෙන්නේ කලුතර අත්වැල්තොට පීලිතුඩ ඇල්ල ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත බලාගාරය යැයි එම මාධ්‍ය හමුව අමතමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිටත් එහි ඉහළ කොටසේ නායයාමක් සිදුවී ජීවිත 9ක් විනාශ වී පවුල් හයක් අවතැන්වූ බවත් තවදුරටත් අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශය හඳුන්වා තිබිය දි මෙම බලාගාරය ඉදිකිරීමට සැළසුම් කිරීම කණගාටුදායක කරුණක් බවත් විතානගේ මහතා පැවැසීය.

වසර දහයකට අධික කාලයක් තිස්සේ මෙම බලාගාරය ඉදිකිරීමට තැත්කරන බවත් ඊට එරෙහිව එන විරෝධතා නොසලකා කටයුතු කරන බව පෙනී යන බවත් කී විතානගේ මහතා සිංහරාජ වනාන්තරයෙන් පෝෂණය වන මෙම දිය ඇල්ල ආශ්‍රීතව ඒකදේශික මතස්‍ය විශේෂ 15ක් හා ආවේනික මතස්‍ය විහේෂ 18 ක් ද වාසස්ථානය කරගෙන සිටින්නේ යැයි ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

පරිසරයට හානි කරන බලාගාර 19කට කඩිනමින් අවසර ඉල්ලයි

Bamunuarachchi Wednesday, 08 December 2021 07:16 AM

අපිට කළුවරේ ඉන්න සිද්ද උනේ සාම්පුර් වලටත් මේ ඊනියා විරෝදතා පැමිණි නිසයි. එම නිසා මේ විරුද්දතා මායිම් නොකර බලාගාර 19 නොවෙයි 29 ක් උනත් හදන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 118 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 386 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 263 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4503 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 369 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 856 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site