(අංජුල මහික වීරරත්න)
ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් කළ නොහැකි බවත් පරිසරය දූෂණය කිරීමට වඩාත්ම වගකිව යුතු සංවර්ධිත රටවල් අරමුදල් සැපයීම හරහා ඊට දායකවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීමට ශ්‍රී ලංකාව මූලිකත්වය ගෙන කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහතික විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවති 2021- 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ "ජනාධිපති පරිසර සම්මාන 2021-2022" උළෙලේදී කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති සහ ආයතන, ජනමාධ්‍ය හා සමාජ යන ප්‍රධාන අංශ යටතේ 90 දෙනකු වෙත රන්, රිදී, ලෝකඩ කුසලාන හා සම්මාන පිරිනැමිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන් සම්මාන ප්‍රදානය කරනු ලැබූ අතර පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු ඵලකයක් පිළිගන්වනු ලැබීය.
සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන් සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පරිසරය සුරුකීමට කැපවූ 90 දෙනකුට ජනපති අතින් සම්මාන
Perera Saturday, 29 April 2023 09:06 AM
ඔය එක්කෙනෙක්ටවත් වඩා රන් සම්මානයක් දිය යුතු වන්නේ දේවානි ජයතිලක මහත්මියටයි.
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 29 April 2023 11:17 AM
සජබ ආසන සංවිධායක නයනක රුවන්වැල්ලට (පරිසරවේදියකු කියන) මොකුත් නැද්ද?
chandani Saturday, 29 April 2023 06:51 PM
මෙතන ඉන්නේ රනිල්ගේ බත්බැලයින් වගයක් මිසක් පරිසරයට ආදරේ අය නොවෙයි. ඔය සම්මාන ගිහින් ගහගනිල්ලා...