( ඩි.ජී.සුගතපාල)
ගාල්ල කොටුවේ අඩිතාලමේ සෝදා ගෙන යාමට පටන්ගෙන ඇති ස්ථානවලට ගල් දමා ආරක්ෂා කිරිමේ වැඩ පිළිවෙල නිසි පරිසර අධ්‍යනයක් සිදුකර වාර්තාව ලැබෙන තෙක් තාවකාලිව නතර කිරිමට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (25) උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපාතියේ නිලධාරින්ට සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙසේ ගල් දැමිම නිසා ඉතා දුර්ලබ කොරල් පරවලට සහ වෙරළට හානි සිදුවන බවට කොටුව පදිංචිකරුවන් විසින් කරුණු දැක්විම අනුව අමාත්‍යවරයා අදාල නිලධාරින් හා කොටුව පදිංචිකරුවන් සමග පැවති සාකච්ඡාවකදි ගල් දැමිම මෙසේ තාවකාලිව නතර කිරිමට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශිය ඉංජිනේරු සුරංග නන්දසේන මහතාගෙන් විමසුවිට කියා සිටියේ කාලයක් තිස්සේ රල පහර වැදිම නිසා කොටු බැම්මේ අඩි තාලමේ සමහර ස්ථාන සෝදාගෙන යාමට පටන්ගෙන ඇති බවය.ඒ අනුව දැනට එසේ සෝදාගෙන යන ස්ථාන දහයක් හඳුනාගෙන ඇති බවත් එම ස්ථානවලට ගල් දැමිමට පියවර ගත් බවත් සුරංග නන්දසේන මහතා කිය.
කොටුවේ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපාතියේ නිලධාරින්ගෙන් විමසුවිට කියා සිටියේ කොටු බැම්මේ පේන ස්ථාන අලුත් වැඩියා කලත් යට නොපෙනෙන ස්ථාන අලුත් වැඩියා කිරිමට නොහැකි බවය.එනිසා මුහුදෙන් ගොස් කරන ලද අධ්‍යනයකදී මෙසේ සෝදාගෙන යන ස්ථාන හඳුනා ගත් බවය.
එහෙත් ගල් දැමිම නිසා ඉතා වටිනා කොරල් පර වලට හානිවිය හැකි නිසා නියමිත ලෙස පරිසර අධ්‍යනයක් සිදු කර සැළැස්මක් සකස් කරන ලෙස ආමත්‍ය රමේෂ් පතිරණ මහතා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු,උපාය මාර්ගින නාගර සංවර්ධන ව්‍යාපාතියේ නියෝජ්‍ය අධ්යක්ෂ කැළුම් සිරිවර්ධන,ව්‍යාපාති බාර නිලධාරි වාස්තු විද්‍යාඥ චින්තන තිලක්,සිවිල් ඉංජිනේරු කාවින්ද වැලිගමගේ , හේමන්ත ජයසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිසර වාර්තාව ලැබෙනතුරු ගාලු කොටුවේ අඩිතාලම පිළිසකර කිරීම නවතී