IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පැරීස් නිදහස් උළෙලින්

76 වැනි නිදහස් සමරුම නිමිත්තෙන්  ප්‍රංශයේ වෙසෙන සියලු ශ්‍රී ලංකාකයන්ගේ සහභාගීත්වයෙන් අලංකාර උත්සවයක් පැරීසියේදී  පැවැත්විණි. 

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හා තානාපති කාර්ය මණ්ඩලයද, සියලූම ආගම්හී ආගමික නායකයන්ගේ ද, පැරීසියේ ක‍්‍රියාශීලී සංවිධානයන් හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් ”හදමු අලූත් රටක්”යන තේමාව මුල් කර ගනිමින් අලංකාර අභිමානවත් ලෙස මෙ උත්සවය පැවැත්විණි.  

බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති  පරවාහැර චන්ද්‍රරතන හිමියන් පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්, ය කිරින්දේ ප්‍රේමසිරි හිමියන්  බෞද්ධාගමික වතාවත් සිදු කළ අතර  අනෙක් ආගම්හී පුජා මෙහෙයන් එම පූජකවරුන් වන ලංකා අප ස්වාමි දුගේ කතෝලික සංඝයේ ගරු උපාධ්‍ය දිනේෂ් කීර්ති පියතුමන්, හින්දු ආගමික සිවනාදන් සිවපාලේන්ද්‍රන් ගුරුක්කල් තුමා හා ඉස්ළාම් ආගමික මොහොමඞ් නවාස් මලවිමෝ ද සිදු කළහ. 

ඉනික්බිතිව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම, පැරීසියේ ධම්ම චක්ක දහම් පාසලේ සිසු දරුවන් හා පැරීසියේ ලංකා අප ස්වාමීදුගේ කතෝලික සංසදයේ දූ දරුවන්  ගායනය කළ අතර ජය මංගල ගාථා හා ජාතික ගී හඬ මැද ඇරඹුනු ජාතික නිදහස් උත්සව සභාවට ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති , අගමැති , විදේශ ඇමති  නිදහස් දින පනිවුඩයන් ශ්‍රී ලාංකික සියලූම භාෂාවලින් සභාවට දැන්වීය.

පැරීසියේ තිසරාවී කලායතනය, තාල කලායතනයේ ශ්‍රීලාංකික අනන්‍යතාවය විදහා දක්වන දේශීය උඩරට නර්තන, පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාර දහම් පාසලේ දු දරුවන් ශ්‍රී ඬේසී කලායතනය, පැරීසියේ දමිල විද්‍යා කලායතනය දරු දැරියෝ  ඉදිරිපත් කළහ.

අලංකාර සංස්කෘතික නර්ථන ප‍්‍රසංඟයක්ද පැරීසියේ තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලය විසින් ඉදිරිපත් කළ අතර  දේශාභිමාණීය ගී එකතුවකින් ද නිදහස් සැමරුම් වේදිකාව වර්ණවත් විය. 

අනතුරුව සහභාගීවූ සියලූ දෙනාටම දිවා භෝජන සංග‍්‍රහායක්ද පැවැත් වුයේය. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මෙම නිදහස් සැමරුම් උත්සවයට සහභාගි වූහ.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)



අදහස් (3)

පැරීස් නිදහස් උළෙලින්

pakeer Thursday, 08 February 2024 07:18 PM

පිස්සෝ කියන්නේ මුන්ට තමයි .ගියා නම බන් ගිය විදියට හිටපල්ලා ඔහෙට වෙලා වැඩක් බලාගෙන .පුළුවන් නම් මෙහෙ ඉන්න උඹලාගේ හිතවත් එවුන්වත් ගනිල්ලා.බයිලා වැඩ නවත්තලා.

:       0       0

NIMAL Thursday, 08 February 2024 07:24 PM

අන්තවාදී කණඩායම්, ආගම්වාදී සහ අන්තවාදී දේශපාලන කණඩායම් නොමැතිනම් එතැන සංහිදියාව ඇත

:       0       0

බද්රානි Thursday, 08 February 2024 08:12 PM

ලංකාවේ ජීවත් වෙන්න බැරිව, නැති බැරි කමට සුද්දන්ගේ රටකට ඇවිත්, තමන්ගේ රට සුද්දන්ගෙන් නිදහස් උනා කියලා මහත් අභිමානයෙන් සුද්දන්ගේ රටකම ඉඳගෙනම නිදහස සමරනවා දකිද්දී ප්‍රංශ කාරයින්ට මොනවා හිතෙනවා ඇත්ද..? සුද්දෝ ලංකාව දාලා ගියාට පස්සේ දේශප්‍රේමී හොරු රැලක් ලංකාව හා ජනතාව ග්‍රහණය කරගෙන ඇති බව වත් ඔය රටවල ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද..? නිදහස් උත්සව සමරන්න කලින් මේ රට හොරුන්ගෙන් නිදහස් කරගෙන හිටපල්ලා මෝඩ මිනිසුනේ... ඔබලා අසීරුවෙන් ගොඩනගා ගත් ජීවිත පුජකයින් විසින් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් මුලා කොට ඇති බව පෙනේ... මේක ප්‍රංශයට පමණක් නොවෙයි, පිටරටවල වෙසෙන සියල්ලන්ටම අදාලයි.. පාලකයින් සහ පුජකයින් කියන්නේ එකම කාසියේ දෙපැත්තයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 198 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 324 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 156 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ලංකා -ඊශ්‍රායල් ගුවන් ගමන් සාමාන්‍ය පරිදි
2024 ඔක්තෝබර් මස 04 15 0

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 417 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1063 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site