IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පෙරහර බලන්න ආ අයට සෞඛ්‍ය ප්‍රශ්නයක්

ජේ ඒ එල් ජයසිංහ

මහනුවර අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතාව පවසති.

අවසන් පෙරහර නැරඹීමට පෙරේදා (18) රාත්‍රියේ සිට පැමිණ පෙරහර ගමන් කරන මාර්ග දෙපස ඉටිකොළ එළා සිටි තමන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති යැයි ඔවුහු චෝදනා කරති.

වැසිකිළි යාමට  නිසි පහසුකම් නොමැතිවීමෙන් කාන්තාවෝ සහ කුඩා දරුවෝ දැඩි අසීරු තත්ත්වයට පත්වී සිටියහ. නරඹන්නන් පැවසූයේ විවිධ ස්ථානවල ජංගම වැසිකිළි ස්ථාපිත කර තිබුණද ඒවා ඉබි යතුරු යොදා අගුල් දමා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවැසුවාය.

“ නගරයේ ස්ථාන  කීපයක පොදු වැසිකිළි  තිබෙනවා. ජනතාව  වෙනුවෙන් මහනුවර මහ නගර සභාවේ වැසිකිළි සංකීර්ණය වෙන් කර තිබෙනවා. ජංගම වැසිකිළි සැපයීම සඳහා  නගර සභාව  වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් වී නැහැ. දළදා මාලිගාවෙන් නගරයේ ස්ථාන කීපයක ජංගම වැසිකිළි  ස්ථාපිත කර තිබෙනවා.  ජනතාවගේ දුෂ්කරතාව  පිළිබඳව අවධානය යොමු කර ලබන වසරේ වැසිකිළි පහසුකම වැඩි කටයුතු කරනවා ” යැයිද කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.  



අදහස් (9)

පෙරහර බලන්න ආ අයට සෞඛ්‍ය ප්‍රශ්නයක්

Asanga Monday, 19 August 2024 11:36 PM

එතකොට ප්‍රතිපාදන ලැබෙන්නේ පෙරහැර ඉවරවුණාමද කොමසාරිස්තුමිය, ඔය පුටුව ළමයෙකුට දෙන්න...

:       0       0

Bandara Monday, 19 August 2024 11:56 PM

අම්මෝ තැන්කූ කුමාරි මිස්. ලබන පාර පෙරහැර කාලේ වෙනකල් අල්ලාගෙන ඉන්නම් එහෙම අමාරුවෙන් හරි... තැන්කූ ආයෙත්...!

:       0       0

kotiya Tuesday, 20 August 2024 03:24 AM

ඒකනේ.... ලබන වසර වෙනකන් ඔයාලා කොහොම හරි අල්ලගෙන, ඉවසගෙන ඉන්න මෙයාලා....

:       0       0

Frencisko Tuesday, 20 August 2024 05:23 AM

වැසිකිළි කැසිකිලි යාමට ලබන වසර වනතුරු ඉන්නෙ කොහොමද කියලා හිතාගන්න බැහැ. දෙවනුව මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු සදහා ඉස්සර කාන්තාවන් පත්කලේ නැහැ .ඔන්න පත්කලාම වෙලා තියෙන දේ කියලා හිතෙනවා

:       0       0

Janahitha Tuesday, 20 August 2024 08:18 AM

මහ නගර සභා පුාදේශිය සභා මෙම කටයුතු සදහා භාවිතා කල හරක්

:       0       0

Anura Tuesday, 20 August 2024 12:20 PM

මහනුවරට එන්නේ වැසිකිළි යන්නමද?

:       0       0

Don Don Tuesday, 20 August 2024 04:17 PM

මේ අවුරුද්දේ දාන්න හිටපු දේ ඊළඟ අවුරුද්ද වෙනකල් අල්ලන් හිටහල්ලකෝ... අරයට මෙයාට කිය කිය ඉන්නේ... දළදා මාලිගාවේ රාජකාරියක්ද සනීපාරක්ෂක කටයුතු... වැඩ බැරි ටාසන්ට බදු ගෙවන ජනතාවගේ මුදලින් යැපෙන අය...

:       0       0

Lalla Tuesday, 20 August 2024 07:08 PM

සංචාරක කර්මාන්තයේ මූලිකම අවශ්‍යතාවය වැසිකිලි පහසුකම් පිරිසිදුව සැපයුම. ඔය ලොකු නිලධාරීන් තායිලන්තය, මැලේසියාව වගේ රටවලට යවලා ඒ රටවල් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යන විදිය පෙන්වන්න. කඩවල තියෙන ජරා වැසිකිලිවලට යන්න දේශීය හෝ විදේශීය සංචාරකයින්ට බෑ. නගරවල වැසිකිළි නැති තරමට හිඟයි. උදාහරණ ලෙස කඩවත කිරිබත්ගොඩ ජනාකීර්ණ නගර.. ඒත් කිසිම පොදු වැසිකිළියක් නෑ. නමට ඉන්න පිම්පි මන්ත්‍රීලා ඕවා ගැන දන්නෙත් නැතුව ඇති...

:       0       0

Rohana Wednesday, 21 August 2024 08:05 AM

වැසිකිළි හැදීමට ප්‍රතිපාදන නැති නිසා වැසිකිළි නොගොස් ඉවසීමට පුරුදු වෙමු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 87 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 52 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 535 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 565 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4523 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21179 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20485 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site