IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පෙරහරේ ලොකු පුටුවලට සුද්දෝ පිටුපායි

(ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා විදෙස් සංචාරකයන්ගේ ආසනයක් සඳහා අධික මිලක් අය කිරීමට විදේශිකයන් දැඩි විරෝධයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර ඇසළ පෙරහැර බැලීම සඳහා කල් ඇතිව මහනුවරට පැමිණ සිටි විදෙස් සංචාරකයන් කීප දෙනෙක් පැවසුවේ තමන්ට පදික වේදිකාවේ සාමාන්‍ය මහජනතාව සමග පෙරහැර බැලීමට එක්ව වාඩිවී සිටිය හැකිබවයි.

මේ සම්බන්ධව මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතාගෙන් විමසූ විට දිසාපති වරයාපැවසූවේ සංචාරකයන්ගේ ප්‍රශ්න පිළිබඳව සහ මහනුවර ඇසළ පෙරහර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සංචාරක අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවත්වන බව පැවසීය.

මහනුවර ඇසළ පෙරහර සමයේ පෙරහර නරඹන්නන් සඳහා ආසන ඉදිකරන ආයතන එම ආසන අධික මුදලකට අළෙවි කිරීම සිදුකරන්නේ නම් ඒ පිළිබඳව කිසියම් ක්‍රියා මාර්ගයක් ගත යුතු වන්නේ මහනුවර ඇසළ පෙරහර භාරය බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (21)

පෙරහරේ ලොකු පුටුවලට සුද්දෝ පිටුපායි

sunil Sunday, 04 August 2024 04:00 PM

මිනිසුන්ව සුරා කෑමේ සීමාවක් ඇත.

:       0       0

රංබොඩ Sunday, 04 August 2024 04:15 PM

මේවාට නීති ගේන්න ඕනෑ. පාලනයක් තියෙන්න ඕනෑ. ක්ෂණිකව පරීක්ෂා කරන්න ඕනෑ. නැත්නම් පෙරහර සඳහා මහන්සි වෙන්නේ කට්ටියක්. හම්බ කරන්නේ වෙන කට්ටියක් සහ සංචාරකයින්ට ඒක එපාවෙයි...

:       0       15

ජයනාත් Sunday, 04 August 2024 04:33 PM

දැන් ලංකාව ට එන සුද්දො මාකට් එකෙන් බඩු අරගෙන උයාගෙන කන්නේ. පෙට්ටි කඩ තමා එයාලා බලන්නේ. සංචාරකයින් එන තරමට වියදම් කරන්නේ නැහැ.

:       10       123

pakeerSunday, 04 August 2024 06:29 PM

දැන් මිනිස්සු දන්නවා නියම ගණන් මොනවාද? එකේ මාකට් ගාන කීයද කියලා නිකන් බොරුවට සල්ලි වියදම් කරන්නේ

:       0       0

Rama Sunday, 04 August 2024 04:51 PM

රත්තරං බිත්තර දාන කිකිළිව මරාගෙන කන්න ගියාම මොකද වෙන්නේ කියලා සංවිධායකයන් හිතන්න ඕනෑ...!

:       20       161

Prabha Sunday, 04 August 2024 05:01 PM

සංචාරකයන්ට අපේ රට එපා කරවන්නේ එම කර්මාන්තයේ යෙදෙන්නමයි.

:       6       152

උපාසක Sunday, 04 August 2024 06:00 PM

මම එක්තරා දේවාල පෙරහැරක් වර්ෂ ගණනක් නරඹා තියෙන්නෙ පදික වේදිකා පිටුපසින් බිම වාඩිවෙලා තමයි ඒ අතර එහි රාජකාරි භාර අයගේ නිවාස වල සිට බලන්න අවස්ථාව අනන්ත තිබුනා ඒක එතරම් සිතට ඇල්ලුවේ නැහැ පස්සෙ කාලෙක රාජකාරි මට්ටමෙන් පැනවූ අසුන් වල සිට නැරඹීමේ අවස්ථාව ලැබුනා ඒක කොහොමත් සිතට ඇල්ලුවේ නැත්තේ නිදහස අහිමි වෙන නිසා තමයි ඉතින් සංචාරකයන් වුනත් නිදහස අහිමි කරගෙන මුදල් වැයකර කාලය නාස්ති කරන්න ඔතනට එන්නෙ මොකටද කියලා හිතනවා ඇති පෙරහර කමිටුවේ සංවිධායකලා සංචාරකයන් ගෙන් අදහස් විමසා තීන්දු තීරණ ගන්නවා නම් හොදයි කියලා හිතෙනවා

:       0       0

SAM Sunday, 04 August 2024 06:05 PM

මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා පමණක් නොව විදෙස් සංචාරකයන්ගේන් අධික මිලක් අය කිරීම බොහෝ පුජනිය ස්ථානවල සිදුවේ. එසේ සිදුනොවිය යුතුවේ

:       0       0

Kule Sunday, 04 August 2024 06:27 PM

පදික වේදිකාවේ ආසන නගර සභාවෙන් ඉදිකරන්නේ. සාධාරණ මුදලක් අයකරන්න

:       0       0

pakeer Sunday, 04 August 2024 06:28 PM

හොඳ වැඩේ අපේ බූරුවන්ට අපේ එවුන් දන්නේ නිකන් ඉදන් ගාණ කාපාගන්න දැන් තියෙන්නේ සංවිධායකන්ට ඒ පුටුවල වාඩි වෙලා බලන්න

:       0       0

jaya Sunday, 04 August 2024 06:39 PM

සංචාරකයින්ව "සුද්දෝ" කියලා හඳුන්වන එක පවා හරිම අශීලාචාරයි. එන සංචාරකයෝ හැමෝම හම සුදු අය නෙමෙයි... ඒ වචනේවත් වෙනස් කරන්න පටන් ගන්න.

:       0       1

Namal Sunday, 04 August 2024 09:39 PM

ඒක ඇත්ත කාරණයක්... විදේශික අයට විතරක් නෙවෙයි, දේශීය අයටත් අසාධාරණ අයකිරීම් මේකට නිසි අවධානය යොමු කරන්න.

:       0       5

Lalla Sunday, 04 August 2024 09:47 PM

වෙන රටවල ඇවිද ඇවිද්ද කෙනෙක් කවදාවත්ම ඔය ජරා වැඩේ කරන්නේ නෑ. සංචාරකයෝ බහුතරය කැමැති පොදු ජනතාව සමග ගැටී ලබන අත්දැකීම ගන්න. සුලු සංඛ්‍යාවක් සුඛෝපභෝගී තත්ත්වය බලාපොරොත්තු වෙනවා.

:       0       2

Nihal Sunday, 04 August 2024 10:49 PM

බටහිර රටවල උද්ධමනය හුඟක්ම ඉහළ තත්ත්වයයි... බඩු මිල 30% කින් පමණ වැඩිවෙලා, හම සුදුවුනා කියලා හිතන්නේ නොදන්න කම නිසයි. සෑම වෘත්තියකටම විශාල වැටුප් ලැබෙන්නේ නෑ. හුඟක් අය බැංකු ලෝන් එකක් අරගෙන නිවාඩු ගත කරන්න තවත් රටකට යන්නේ... මොවුන්ට එය අවශ්‍යම දෙයක් නිසයි ලෝකේ කොහේ රටක සති දෙක තුනක විවේකය ගත කරන්න යන්නේ... ඔවුන්ගෙන් ගසා කන්නේ නැතුව සාධරණව ගණන් අය කරන්න...

:       0       8

සිරා Sunday, 04 August 2024 11:45 PM

සිස්ටම් චෙන්ජ් කරන්න කොඩි අරගෙන පාරට බැහැපු දේශප්‍රේමීයෝම තමයි එයාපෝට් එකේ ඉඳන් ම රටට එන සුද්දාව සුද්ද කරලාම දාන්නේ.. ටැක්සි එකේ ඉඳන් තැඹිලි විකුණන කෙනා දක්වාම බහුතරේ කරන්නේ හුරන් කන එක.. මොවුන් බලන්නේ එදා වේල විතරයි. තව පාරක් මේ එන එකාව රටට ගේන්න ගන්න විදිහට හිතන මොවුන් පුනරුත්ථාපනය කරන්න ඕනෑ...

:       1       8

sam Monday, 05 August 2024 07:26 AM

එයා පෝට් එකේ වීසා ගාස්තුවේ ඉඳලා හැම එකකින්ම දේශපාලුවෝ සූක්ෂම විදිහට ගසාගෙන කන්න හදනකොට විදේශිකයෝ ලංකාවට එවයිද .මුන් හැමදාම කලේ ගසාගෙන කන එකනේ .ලැජ්ජයි

:       5       26

Thilak Monday, 05 August 2024 07:41 AM

බෙදාගෙන කන්ඩ තිබෙන මුට්ටිය සුරගෙන කන්නගියාම මේ දේ වෙනවා කියල අපි ඉගෙනෙගෙන තිබුණා .

:       0       0

රේණුක කරුණාරත්න Monday, 05 August 2024 08:03 AM

ලංකාවේ හැම තැනම අධික ම්ල ගණන් ,සීගිරියට රුපියල් 20000 කියල ආරංචි සංචාරක කර්මාන්තය නැති කරන්න එපා

:       6       21

Bunny Preena Monday, 05 August 2024 09:05 AM

තමන්ටත් වාසියක් ලැබෙන නිසා විදේශීකයන්ගෙන් මුදල් හොරා කන්ඩ ඉඩ දිලා නොදන්න පාට් එකේ කතා කරන නිලධාරීන් තමයි අපේ රටේ පරිපාලනය ඉන්නේ

:       1       37

සදුන් Monday, 05 August 2024 12:39 PM

විදේශ ගත අයගෙන් ඇහුවානම් ලංකාවේ මිනිස්සුන්ට සමහර විදේශ රටවල් සලකන විදිය... ඒ නිසා අපේ රටට ඇවිත් ඔවුන්ට ඕන ඕන විදියට සෙල්ලම් කරන්න දෙන්න එපා... සාමකාමීත්වය නිදහස දිය යුතුයි. නමුත් ඔවුන්ට ඕන ඕන විදියට වැඩ කරන්න දෙන්න එපා...

:       3       5

Bamunuarachchi Monday, 05 August 2024 09:33 PM

කළ දුටුකළ වල ඉහගැනීම සිංහලයාගේ සිරිතක්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 666 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 134 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3105 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1074 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2082 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30600 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23706 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site