(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පොලිස් සැරයන් වරයකු සහ ඔහුගේ පවුලේ පිරිස ගමන් ගත් මෝටර් රථය ආණමඩුව තට්ටෑව වැව ආසන්නයෙදී මහ හරස් කරමින් පහර දී ඇතැයි පොලිසිය කියයි .
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙ සේවය කරනු ලබන පොලිස් සැරයන් වරයකු හා ඔහුගේ බිරිදගෙ මව බව පරික්ෂණ පවත්වන ආණමඩුව පොලිසිය කියයි.
ගුරුවරියක වන තම බිරිද සමග ඇගේ ගම වු ආණමඩුව වල්පාළුව ප්‍රදේශයට පැමින දරුවන් හා බිරිදගෙ මව සමග ආණමඩුව නගරයට ගමන් කරමින් සිටියදී යතුරු පැදියක නැගි පැමිණි තිදෙනකු පොලිස් නිළධාරියා ඇතුළු පිරිස ගමන් ගනිමින් තිබු මෝටර් රථය නවතා වාහනයෙන් එළියට ඇද පහර දීම සිදුව ඇති බව කියයි.
යතුරු පැදියකින් පැමිනි සැකකරුවන් තිදෙනා පොලිස් සැරයන් වරයාට හෙල්මට් වලින් හා අතින් පයින් දරුණු ලෙස පහර දී ඇති අතර එය දැක ඔහුගේ බිරිද දැඩි කම්පනයට පත්ව ඇති බවත් දරුවන් ද බියට පත්ව ඇති බව පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.
තම බැණාට මෙම පිරිස පහර දීමෙන් කම්පනයට පත් නැන්දණිය මෝටර් රථයෙන් එළියට බැස එය වැලැක්විමට උත්සහ කර ඇති බවත් එහිදි ඇයටද මෙම සැකකරුවන් හෙල්මට් හා අතින් පහර දී ඇති බව කියයි. එම පහර දීම වැලැක්විමට තට්ටෑව ප්‍රදේශයෙ පිරිසක් උත්සහ දරා ඇති බවද වාර්තා වෙයි.
පහර කෑමට ලක්වු පොලිස් සැරයන් වරයාගෙ නැන්දණිය ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි. කෙසේ නමුත් මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් අතරින් එක් අයකු පමනක් ආණමඩුව පොලිසිය 10 දින අත්අඩංගුවට ගෙන තිබු නමුත් ඉතිරි දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පවසයි.
මෙම පහර දීමට හේතුව ලෙස අත් අඩංගුවට ගත් සැකකරු පොලිසිය පවසා ඇත්තේ පොලිස් සැරයන් වරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගය ඉඩ නොදිම නිසා මෙම පහර දීම හේතුවු බවයි.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර ඉඩ නොදුන්නැයි පොලිස් සැරයන්ට ගහලා
Krishan Sunday, 11 December 2022 11:48 AM
අනිවාර්යයෙන්ම ගහන්න ඕනෑ තමයි. පොලිසියේ යුනිෆෝම් එකේ බලය රස්නය තමයි, පොලිසියේ හැත්ත පෙන්වන්නේ අපි ගහන්න නොගියාට අපිටත් ඔහොම වෙලා තියෙනවා. පොලිසියේ අය පාරේ ඉඩ තියෙද්දී පාරේ මැද යනවා... හෝන් ගැහුවත් ඉඩ දෙන්නේ නැහැ. එනිසා ගහපු අය හරි ඔවුන්ගේ රස්නේ බහින්න...
KSunday, 11 December 2022 12:25 PM
මේ වගේ කාලකන්නි රටවල්වල උරුමය ඔයා වගේම කාලකන්නින්ටම තමයි.
යෝගා Sunday, 11 December 2022 02:13 PM
රිදෙන්නම කියලා තියෙනවා. ඔබ හරියටම හරි....!!!
චින්තක Sunday, 11 December 2022 02:02 PM
මෙහි දෙපැත්තක් තියෙනවා... එකක් ආරක්ෂක අංශයට අයත් අයවලුන් බොහෝවිට අනුන් ගැන නොසිතා වාහන පදවන නතර කරන තත්වයක් තියෙනවා. ඔවුන් හිතන්නේ වැඩවසම් යුගයේ වගේ උන්දැලා එනවිට අනෙක් ඔක්කෝමලා පාරෙන් අයින්වෙලා යන්න ඕනෑකියලා.. අනෙක තමයි සමහරක් කොල්ලෝ කාගේ හෝ යතුරු පැදියක් නැත්නම් ලීසිං කරලා යතුරු පැදියක් ගත්තාම හිතන්නේ ජනාධිපති තනතුරක් ලැබුණා කියලා ඔවුන්ට මාර්ගය සම්පූර්ණයෙන්ම අයිතියි කියලා මෙහිදී මේ දෙකම වෙන්න ඇති... ඒ වුණාට නඩුත්, බඩුත් හාමුදුරුවන්ගේ වෙන්න පුළුවන්...!
Lal Sunday, 11 December 2022 12:54 PM
අරගලයේ ප්‍රතිඵලය...!
gundaSunday, 11 December 2022 04:28 PM
ලාල්, මේක අරගලයේ ප්‍රතිඵලයක් නෙවෙයි.. පාහර වැඩක්... පොලිස් නිලධාරියා පාරඉඩදුන්නේ නැහැ කියලා ඔහුට ඔහුගේ දරුපවුලට දඬුවම් කිරීමට කාටවත් අයිතියක් නැහැ. පොලිසියේ වැරදි තියන එක වෙන්න පුළුවන්... නමුත් ඒක වෙනත් එකක්...