(අංජුල මහික වීරරත්න)
වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර තිබෙි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් කළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වැනි අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාරවලට අමතර සහායක් වශයෙන් මෙම ලෝක බැංකු ණය ප්‍රතිපාදන හිමිව තිබේ.
ශ්‍රී ලංකාවට දළ වශයෙන් මහ කන්නයේ අස්වනු නෙළන සමයේ වී වගාව සඳහා යූරියා පොහොර ටොන් 150,000ක් පමණ අවශ්‍ය වේ.එම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම සැපයීමට හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා තහවුරු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කුඹුරු හිමියන්ට මෙම පොහොර සෘජුවම බෙදා හරිනු ලබන බවත් අවම හෙක්ටයාර 2ක් දක්වා වී වගා කරන කුඹුරු හිමියන්ට තමන් වී සඳහා සකස් කර ඇති ප්‍රදේශය අනුව ස්ථාවර මලු ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
සෑම ගොවියකුටම මිලදී ගත හැකි උපරිම පොහොර ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත කෘෂි පාරිසරික කලාපය අනුව වෙනස්කම් සහිතව තීරණය වේ. මීට අමතරව බඩඉරිඟු ගොවීන්ගේ වගා බිම් හෙක්ටයාර් 60,000ක් සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 12,000ක් ලබාදීමට නියමිත අතර, එහි කිලෝ ග්‍රෑම් 50ක මිල රුපියල් 15,000කි.
මේ වන විට යුක්ක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක භූ දේශපාලන තත්ත්වයන් නිසා ඉතාමත් අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයක් පොහොර නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පවති.
විකුණුම් වෙළඳපොළ මිල ඉහළ යමින් පවතින වාතාවරණයක කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යූරියා මෙට්‍රික් ටොන් 12,500ක්, මෙට්‍රික් ටොන් 50,000ක් සහ මෙට්‍රික් ටොන් 45,000ක් සැපයීමේ ගිවිසුම් තුනකට අදියර තුනකදී අත්සන් තබා තිබෙන අතර තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඉන්දීය සහන ණය පදනම යටතේ මේ වන විටත් මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් ගොවීන් වෙත බෙදාහැරීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ලෝක බැංකුවේ සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වරායේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිට ගොවීන් වෙත පොහොර බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා භූ-සක්‍රීය අධීක්ෂණ පද්ධතියක් (GEMS ) යෙදවීමට පියවර ගෙන ඇතැයි ද පාරිසරික හා සමාජීය අවදානම් කළමනාකරණය, දුක්ගැනවිලි විසඳීම සහ බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා ද එම පද්ධතිය භාවිතා කරනු ලබන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
ඇමරිකා ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට අද (28) ලැබී තිබිණි.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෝර බෙදන විදිය ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්
මනම්පේරි Saturday, 29 October 2022 06:14 AM
ඇමතිවරයා කිව්වෙ පළමුවෙන්ම නැගෙනහිර පළාතේ බෙදනවා කියලා එහෙම වුනොත් රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට වී වැපිරීමට හා සිටුවීමට සිටින අපට පොහොර ඉක්මනින් නොලැබේද සැකයක් තියෙනවා. අපි නොවැම්බර් 10 ආසන්නයේ වපුරන්න බලන්නෙ. එනිසා අපටත් නොවැම්බර් මාසයේ පොහොර ඕන. කියන හැටියට අපිට පොහොර ඉල්ලා දිසාපති ළගට යන්න බැහැ. ඒ ගැන අවධානය යොමුකරන්න.අනුන්ගේ පොඩිපොඩි කුඹුරු වගාකරන අපිට ගොවි සංවිධාන නැහැ එනිසා අවශ්‍ය පොහොර වාර්තා සැකසීම කෘපනිසලා වෙතට පවරන්න.අවශ්‍ය කාලයේ පොහොර ලබාදෙන්න
SISIL Saturday, 29 October 2022 05:48 PM
කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 15,000කට මිලදීගෙන රුපියල් 10,000 ලබාදීමෙන් රජයවන පාඩුව පියවනු ලබන්නේ කෙසේද? නොමිලයේ ලබාදීම සහ ආනයනය කළ මිලට වඩා අඩුමිලට ලබාදීම සිදුනොකළ යුතුවේ...!