( ශාන්ත චන්ද්‍රසිරි සහ මොහොමඩ් ආසික්)
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, දැරණියගල, වරකාපොල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්‌තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, නිවිතිගල, අයගම, කිරිඇල්ල, කලවාන, ඇහැලියගොඩ, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කොට ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, අගලවත්ත, දොඩංගොඩ, මතුගම, හොරණ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, අරනායක, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය නිතුක් කොට තිබේ.
මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන් හෙට (21) පස්වරු 4.00 දක්වා වලංගු බවත්, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රා.ලේ 32ට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්