IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


’’පේරේ’’ 963කට ඇඟිල්ල නැතුව කෝටි 636ක් ගෙවලා

(සුජිත් හේවාජුලිගේ )

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  අධ්‍යයන  හා අනධ්‍යයන  සහායක කාර්යමණ්ඩලයේ නිලධාරීන් 963 දෙනකුට 2021 - 2022 වර්ෂ වලදී පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයකින් තහවුරු කර ගැනීමෙන්  තොරව රුපියල් කෝටි 636 කට වැඩි වැටුප් හා දීමනා නීති විරෝධී ආකාරයට ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන්  59 දෙනකුට කිසිදු අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ අවසන් පර්යේෂණ වාර්තාවක් හෝ ලබා ගැනීමකින් තොරව රුපියල් අටකෝටි තිස්හත් ලක්ෂයකට වැඩි මුදලක් පර්යේෂණ දීමනා ලෙස ගෙවා ඇතැයිද එම  වාර්තාවේ  සඳහන් වේ.

මෙම නිලධාරීන්ට 2014 නොවැම්බර් මස 1 වැනිදා සිට 2022 අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී මෙම පර්යේෂණ දීමනා ගෙවා ඇත්තේ පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව බවද  වාර්තාවේ දැක්වේ.

එසේම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි නිලධාරීන් නව දෙනකු සඳහා  පසුගිය වසරේ ජනවාරි මාසයේදී ජර්මනිය හා ඉතාලිය යන රටවල පුහුණු වැඩසටහන්වලට සහභාගී වීම වෙනුවෙන්  රුපියල් ලක්ෂ හැට හතක මුදලක් විශ්ව විද්‍යාල අරමුදලින් නීති විරෝධී ආකාරයට  ගෙවා තිබූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

දේශීය අරමුදල් යොදාගෙන කරනු ලබන විදේශ අධ්‍යයන චාරිකා හා පුහුණු වැඩසටහන්වලට සහභාගිවිය  නොහැකි බවට  චක්‍රලේඛයකින් දැනුම්දී තිබියදී මෙසේ මුදල් ගෙවා තිබූ බවද එහි දැක්වේ.

විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි තනතුරේ රාජකාරිය ආවරණය කිරීමේ පදනමින් පත් කෙරුණු නියෝජ්‍ය ලේඛකාධිකාරිවරියට ආයතන සංග්‍රහයේ හා චක්‍රලේඛයේ විධිවිධාන වලට පටහැනිව 2021 ජනවාරි සිට 2023 පෙබරවාරි දක්වා ඉන්ධන හා ප්‍රවාහනදීමනා ලෙස රුපියල් ලක්ෂ දහතුනකට වැඩි මුදලක්ද විනෝදාස්වාද දීමනා   ලෙස දෙලක්ෂ හැත්තැ දහස් හාරසීයක මුදලක්ද
ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

ආචාර්ය උපාධිය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් කථිකාචාර්යවරියක රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක බැඳුම්කරේ කඩ කර වසර හයකට වැඩි කාලයක් ගතවී තිබුණද එම මුදල අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව පවසන  වාර්තාව ඇය මෙලෙස ගිවිසුම කඩ කර තිබුණේ 2010 ඔක්තෝබර් 11 දින සිට 2016 ජුලි මස 27 දක්වා වූ ගිවිසුම් ගත කාල සීමාවේදී බවද සඳහන් කරයි.

වැටුප් රහිත නිවාඩු ලබා සිට හා සේවය හැර ගොස් සිටි පරිවාස කාලයේ පසුවන බැඳුම්කර කඩ කරන ලද කථිකාචාර්යවරුන්  සිවු දෙනකු සඳහා ලක්ෂ විසිඑකකට වැඩි වැටුප් හා දීමනා ගෙවා තිබූ බව  වාර්තාවේ දැක්වේ.

මේ අතර  ඉංජිනේංජිනේරු පීඨයේ පිහිට මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පාදම ඉදිකිරීම වෙනුවෙන් 2018 වර්ෂයේදී  එක්කෝටි පනස් නව ලක්ෂයකට වැඩි මුදලක් එම ඉදිකිරීම් අතහැර දැමීම හේතුවෙන් ඊට වැය කෙරුණු මුදල්  නාස්තිවී ගොස් ඇතැයි  එහි සඳහන්වේ.

මෙම පාදම ඉදිකර තිබුණේ  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයකින් තොරව සහ අර පිරිමැස්ම කාර්යක්ෂමතාව විධිමත් බව හා අවංකභාවය යන කරුණු පිළිබඳව නිසි සැලකිල්ලක් දැක්වීමෙන් තොරව බව  වාර්තාවේ දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය



අදහස් (3)

’’පේරේ’’ 963කට ඇඟිල්ල නැතුව කෝටි 636ක් ගෙවලා

අමල් Friday, 19 January 2024 03:50 PM

පේරේ විතරක් නෙමෙයි, අනෙක් 16ත් ඔහොම තමයි... ආචාර්යවරු කවුද අවසන් පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ... විගණනය හරියට කරනවාද ඔයාලා...!

:       3       14

nimesh Friday, 19 January 2024 04:04 PM

ආ... ඕක මොකක්ද? රෝහල්වල වෛද්‍යවරු අතිකාල ගන්නේ ලක්ෂ ගණන් අඩු තරමේ ඇඟිලි සළකුණු කෙසේවෙතත් පැමිණීම පිටවීමවත් සලකුණු නොකර...!

:       7       11

ලයනල් Friday, 19 January 2024 08:57 PM

කිසිම විශ්වවිද්‍යාලයක ආචාර්යවරුන් ටයිම් මැෂින්වල පැමිණිම පිටවිම සටහන් කරනවාද? මාස ගණන් නොපැමිණියත් පඩිය ගෙවනවා විගණනයට පොඩි හාල්මැස්සෝ අහුවුණාට පැමිණිම පිටවිම නැතිව මෙයාලාට පඩි ගෙවන හැටි විධිමත් කරන්න බැරිවුණානේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 2 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 167 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 202 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 316 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 123 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1132 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site