(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන හරි නම් සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ)පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙතෙක් රට පාලනය කළ ආකාරය ගැන කාට හෝ උද්දාමයෙන් කතා කළ හැකිදැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.
"ඩොලර් මිලියන තුන්දාස් හාරසීයක මුදලක් අද මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තෙල් සංස්ථාව ණය වී තිබෙනවා.අද අපට තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් බංකොළොත් වූ තෙල් සංස්ථාවක්. අප රටේ තෙල් ඒකාධිකාරිය තෙල් සංස්ථාව තිබිය යුතුයි.අප රටේ ජාතික ආරක්ෂාව ඒ මත රඳා සිටිනවා.දේශීයත්වය තවරාගත් මේ මහත්තුරු රාජ්‍ය තෙල් ඒකාධිකාරිය බිඳීම සඳහා දැන් කටයුතු කරමින් සිටිනවා"යනුවෙන් ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
'පාලකයන් රටට කළ විනාශයට සියලු දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයි '
ana Monday, 29 November 2021 04:03 PM
වැඩක් නැහැ මචං. නුඹලා යමක් කිව්වොත් 95% ක් ඒක දකින්නේ වැරදි කතාවක් විදිහටමයි. එහෙමයි ජන මනස හදලා තියෙන්නේ...
BamunuarachchiWednesday, 01 December 2021 01:23 PM
ජනතාව අත් දෙක දෙවියන්ට දික්කරගෙන අඬන්න ඕනේ ජෙප්පන් රටට කරපු නස්පැත්තියට. ජෙප්පන්ට බලය දෙන්න කියන මිනිස්සු ජෙප්පන්ගෙන් අහනවාද නුඹලා රට කරන්න සල්ලි හොයන්නේ කොහොමද? ඩොලර් හොයන්නේ කොහොමද? තෙල්, රසායනික පොහොර, බෙහෙත්, රෙදි (රෙදි විශේෂයි ලංකාවේ රෙදි කර්මාන්තය විනාශ කලේ ජෙප්පෝ) ගෙන්වන්න කොහෙන්ද ඩොලර් හොයන්නේ..? පුළුවන් කෙනෙක් උත්තර දෙන්න. කාගේවත් වැරැදි පෙන්නුවාට ඔබලාට බලය දෙන එක සුදුසුකමක් නොවෙයි...
nimal Monday, 29 November 2021 04:52 PM
බදා වැළඳගෙන හඬපුවාම හරිද? කිරි පැණියෙන් පිරෙනවද? රටේ පාලන බලය හම්බ නොවුණාට දේශපාලනයට ඔහෙලත් අයිතියි.
දයාරත්න - හම්බන්තොට Monday, 29 November 2021 05:13 PM
ඒයි ආනා, වැදගත් මිනිස්සුන්ට සීලාචාරව කථා කරන්න ඉගෙන ගන්න.
ajith Monday, 29 November 2021 05:26 PM
71 සහ 88-89 කාලවල කරපු පොදුදේපළ විනාශ කිරීම් මතක් වුණා.
BamunuarachchiTuesday, 30 November 2021 07:13 AM
71-1989 කාලේ ජෙප්පන් රටට කරපු , මිනිස් ජීවිතවලට කරපු විනාශවලට පොළවේ හැපි හැපී අැඬුවේ රටේ ජනතාව... ඒ වෛරය තමයි තවමත් අපි ඔබලාට තිබෙන්නේ...
BamunuarachchiWednesday, 01 December 2021 01:26 PM
ජනතාව අත් දෙක දෙවියන්ට දික්කරගෙන අඬන්න ඕනේ ජෙප්පෝ 1971-1989 කාලේ රටට කරපු නස්පැත්තියට. ජෙප්පන්ට බලය දෙන්න කියන මිනිස්සූ ජෙප්පන්ගෙන් අහනවද උඹලා රට කරන්න සල්ලි හොයන්නේ කොහොමද? ඩොලර් හොයන්නේ කොහොමද? තෙල්, රසායනික පොහොර, බෙහෙත්, රෙදි,( රෙදි විශේෂයි ලංකාවේ රෙදි කර්මාන්තය විනාශ කලේ ජෙප්පෝ) ගෙන්වන්න කොහෙන්ද ඩොලර් හොයන්නේ? පුළුවන් කෙනෙක් උත්තර දෙන්න. කාගේවත් වැරදි පෙන්නුවාට ඔබලාට බලය දෙන්න එක සුදුසු කමක් නොවෙයි.
kapila Monday, 29 November 2021 05:54 PM
තෙල් සංස්ථාව ණය වී බංකොළොත් බවට පත්වී ඇත්තේ රටේ පාඩුවට දුවන අනිකුත් "රජයේ ආයතන" වලට ඉන්ධන සැපයීමෙනි. මේවා පුද්ගලික අංශයෙන් පාලනය වූවා නම්, අද මේ තත්වයට පත්වන්නේ නැහැ. හොඳම උදාහරණය නම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අද පත්වී ඇති ඉරණමයි...
SUNIL MILANO Monday, 29 November 2021 07:51 PM
කොහෙන් හිනා වෙන්නද මන්දා