IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පොල්දූව අධි ආරක්ෂක කලාපයට රිංගූ දෙකක් අල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පාර්ලිමේන්තු සංකීර්ණය අසල පොල්දූව අධි ආරක්ෂක කලාප ජල තීරයට ඇතුළුවී සිටි සැකකටයුතු පුද්ගලයෝ දෙදෙනෙක් දියවන්නා ඔයේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටි නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔරු දෙකක් සහ තවත් උපකරණ කිහිපයක්ද සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට බාරදුන් බව නාවික හමුදාව පවසයි.

දෙදෙනා මෙම ස්ථානයට පැමිණියේ කුමන අරමුණක් වෙනුවෙන් දැයි සැකයක් මතුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

විවිධ අරගල කරුවන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට පසුගිය කාලයේදී විවිධ උත්සාහ දැරීම නිසා පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දැඩි කරනු ලැබීය.

පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔයේ නාවික හමුදා ආරක්ෂාවද මේ අනුව වැඩි කෙරුණු අතර මෙම සැකකටයුතු දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූවේද ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ කටයුත්තක යෙදී සිටි නාවික නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

 



අදහස් (0)

පොල්දූව අධි ආරක්ෂක කලාපයට රිංගූ දෙකක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 904 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 630 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 101 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 550 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 969 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 516 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 254 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site