(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර රජ පිහිල්ල මාවතේ සංචාරක හෝටලයක ලැඟුම් ගැනීමට පැමිණි පෝලන්ත ජාතික සංචාරක යුවළකට එම හෝටලයේ හිමිකරු පහරදුන් බව එම යුවළ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පෝලන්ත ජාතික එම සංචාරක යුවළට පහර දෙන අවස්ථාවේදී හෝටල් හිමියා අධික බීමතින් සිටි බව ද පැමිණිල්ලේ සඳහන් කොට තිබේ .
මාර්ගගත ක්‍රමය ඔස්සේ එම පෝලන්ත සංචාර යුවළ හෝටලයේ කාමරයක් වෙන්කරවා ගෙන ඇතත් අන්තර්ජාලයේ සඳහන් කර තිබූ පහසුකම් එම හෝටලය තුළ නොමැතිවීම හේතුවෙන් ඔවුන් එහි නවතන් ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය අතරතුර එම සංචාරක යුවළට පහර දුන් බවට ඔවුන් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ .
එම යුවළට පහර කියන හෝටල් හිමියෙකු සොයා මහනුවර සංචාරක පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පෝලන්ත ජාතික යුවළට පහරදීලා
Perera Wednesday, 17 January 2024 08:25 AM
සුද්දෝ දන්නේ නැහැ ලංකාව කියන්නේ පිටින් ඔපෙ යටින් හැපේ කියලා