(නිමල් ජයරත්න)
පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සාධාරණ මිලකට සහල් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද මේ වන විට සිල්ලර වෙළඳුන් හිතු හිතූ ලෙස මිල ගණන්වලට සහල් අලෙවි කරන බව පොලොන්නරුවේ සහල් පාරිභෝගිකයෝ පවසති.
නාඩු සහල් කිලෝවක් රුපියල් 117ක මිල කටත්,සම්බා සහල් කිලෝවක් රුපියල් 145 ක් මිලකටත් කීරි සම්බා රුපියල් 170ක මිලටත් තමන්ට ලබා ගැනීමට සිදු වී ඇති බව සහල් පාරිභෝගියන් ප්‍රකාශ කරති.
පොලොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී ව්‍යාපාරිකයොන් මාධ්‍ය සාකච්ඡා කැඳවමින් කියා සිටියේ නාඩු සහල් කිලෝවක් රුපියල් එක එකසිය දහයකටත් ,සම්බා සහල් කිලෝවක් රුපියල් එක එකසිය 140 කටත්,කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165 කටත්,ලබාදෙන බවයි.
කෙසේ වෙතත් මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතම් සිල්ලර සහල් වෙළඳුන් හිතු හිතූ ලෙස සහල් මිල පාලනයකින් තොරව අලෙවි කිරීමත් සමග තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සහල් පාරිභෝගියන් සඳහන් කරති.
අප මේ පිළිබඳව සිල්ලර සහල් වෙළඳුන් කිහිප දෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඇතැම් සහල් නිෂ්පාදකෙන් මාධ්‍යයට ප්‍රකාශ කළ මිලට සහල් ලබා නොදෙන බවත්,ප්‍රවාහන ගාස්තු,හා කවර සඳහා වැඩි මිලක් ලබා දීමට සිදුව ඇති නිසා සුළු ලාභයකුත් ලබා තමන්ට එම මිල ගණන්වලට සහල් විකිණීමට සිදුව ඇති බවයි.
අප මේ පිළිබඳව පොලොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයින් කිහිපදෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පවසා සිටියේ තමන් ප්‍රකාශ කළ මිලට සහල් ලබාදෙන බවත් සිල්ලර වෙළෙඳුන් හිතූ හිතූ ලෙස සහල් ඉහල මිලකට විකිණීම තමන්ට පාලනය කළ නොහැකි බවයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලොන්නරුවේ සහල් හීතු හිතූ මිලට
Naushad Sunday, 10 October 2021 02:05 PM
දැන් බලනකොට පාරිභෝගික කොමසාරිස් ගන්නේ පින් පඩි.. මිල තීරණය කරන්නේ මොලකාරයෝ...
sam Sunday, 10 October 2021 02:06 PM
කොටසක රාජපක්ෂලාගේ සාක්කුවට යනවා ඇති... ඒකනේ පාලන මිල අයින් කළේ. සෞභාග්‍යයේ දැක්ම බේරෙනවෝ..!!!
ගමේ එකාලා Sunday, 10 October 2021 02:28 PM
සර් තමයි හරියටම් කෙරුවේ... බය වෙන්න දෙයක් නැහැ. හාල් නැවක් මග එනවලු...
සිරිබිරිස් Sunday, 10 October 2021 03:02 PM
69 ලක්ෂයේ බලාපොරොත්තු එසේ ඉටුවී ඇති බව එසේ පැවසේ...
චන්දන Sunday, 10 October 2021 03:05 PM
සහල් ඇමැති ඩඩ්ලි.., මේකට උත්තර දෙනවද?
fairoos Sunday, 10 October 2021 03:32 PM
ඔය හොඳටම කරලා තියෙන්නේ.. නන්දසේන..
මුදියන්සේ Sunday, 10 October 2021 03:47 PM
දැන් කෙරෙන කටයුතු දෙස බලනවිට පෙනී යන්නේ සමහර මැති ඇමැතිවරුන් සිටින්නේ ජනතාවගේ පැත්තේ නොව ව්‍යාපාරිකයින් සමගයි. ව්‍යාපාරිකයින්ට පෙර රාජ්‍ය ඇමති ඉන්නෙත් නග්ගන පැත්තේ...