(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව, ලක්ෂ උයන ශ්‍රී වේලූවන විවේකාරාම විහාරස්තානයේ වැඩ වසන හිමිනමකට කිසියම් පුද්ගලයකු පහරදිමෙන් තුවා ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
උන් වහන්සේ වැඩසිටි ආවාස ගෙට ජනේලයකින් මෙදින අලූයම 1.15ට පමණ ඇතුළු වූ සැකකාර පුද්ගලයා යකඩ පොල්ලකින් පහර පැන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
එම ප්‍රහාරය එල්ලවීමෙන් තුවා ලැබූ හිමියන් ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත මෙම පහරදීම සිදුකල බව කියන පුද්ගලයා පොලොන්නරුව, ලක්ෂඋයන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට මේ වනවිට තොරතුරු අනාවරණයවී ඇති බවත් සැකකරු අත් අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලීසිය මඟහැර සැඟව ඇතැයි ද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පොලොන්නරුවේ හිමිනමකට යකඩ පොල්ලකින් ගහලා
කපිල Monday, 05 July 2021 03:20 PM
මේකත් සමහරවිට ලවුඩ්ස්පීකර් හුටපටයක් වෙන්න ඇති.. දැන් එන්න එන්නම අධික ලවුඩ්ස්පීකර් සද්ද සම්බන්ධයෙන් ආගමික ස්ථාන සහ ඒවා යාබදව ඉන්නා පදිංචි කරුවන් අතර ඝට්ටන ඇතිවෙන බවක් පෙනෙන්න තියෙනවා.
හේරත්Monday, 05 July 2021 04:04 PM
ඇත්ත, පන්සල්වලින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් දැඩි පාරිසරික ගැටලුවක් නිර්මාණය කර ඇත. පන්සල් අසල නිවාසවල ජීවත්වීම ඉතාම දුෂ්කරයි..!
sisira - panaduraMonday, 05 July 2021 04:14 PM
ලවුඩ්ස්පීකර් ප්‍රශ්නයක් නම් ගහන්නම තමයි වටින්නේ. අපේ රටේ ජාතිවාදී, ආගම්වාදී සමහර මිනිස්සු මුස්ලිම් පල්ලිවල ලවුඩ්ස්පීකර් වලට බනිනවා.. නමුත් පන්සල්වල මුළු රෑම ලවුඩ්ස්පීකර්වලින් කරන ඝෝෂාව ගණන් ගන්නේ නැහැ. ලවුඩ්ස්පීකර් මුළු රටේම ආගමික ස්ථානවල තහනම් කළ යුතුයි. මේක මහා කරච්චලයක් වෙලා...
මහේෂ්Monday, 05 July 2021 04:18 PM
අසනීප කෙනෙකුට නිදිය ගන්න නෑ. කුඩා දරුවෙකුට පාඩමක් කරගන්න විදිහක් නෑ.. කනක් ඇහිලා තමන්ගේ ගෙදර ඉන්න නෑ.. කොරෝනා නිසා ගෙදරටම කොටුවෙලා ඉන්න වෙලාවේ කන්න දෙයක් ගන්න පුළුවන් වාහනයක් එන සද්දයක්වත් ඇහෙන්නෙ නැහැ… කන්න නැතිකමට පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන ඇතුළට රිංගා ගත්තු අඩුකුලේ ගැත්තන් තමයි ලවුඩ්ස්පීකර් ඒ විදිහට පාවිච්චි කරන්නේ. එ් අය නිසා ඒ ආගම් වලටත් ලැබෙන්නේ නින්දා.. ආගමික ශබ්ද දූෂණයට තරයේම විරුද්ධ වෙමු..!
සිරිබිරිස් Monday, 05 July 2021 03:26 PM
වේලාවට යකඩ පොල්ලකින් ගැහුවේ.., කකුල් දෙක බැඳලා ගඟට දැම්මේ නැහැනේ...
රජීව් Monday, 05 July 2021 04:24 PM
දැන් හැම ගෙදරකම ටී.වී, රේඩියෝ, ෆෝන් තියෙනවා. ඕනෑ කෙනෙකුට තමන්ට කැමැති එකක් දාගෙන අහන්න පුළුවන්.. අමුතුවෙන් ලවුඩ්ස්පීකර්වලින් බෙරිහන් දෙන්න ඕනෑ නෑ. බලහත්කාරයෙන් අස්සවන්න ගියාම තමයි මෙහෙම දේවල් වෙන්නේ...
ජයලත් Monday, 05 July 2021 05:05 PM
මේකේ හැමෝම පහරදීම ගැන උපකල්පනයක් හදාගෙන හාමුදුරුවන්ට බනිනවා. උන්වහන්සේට පහරදීලා තියෙන්නේ මතට ඇබ්බැහි වුණු පුද්ගලයෙක්, හොරකමක් කරන්න පංසලට පැනපු වෙලාවේ... පුදුම මෝඩ හැතිකරයක් තමයි ප්‍රතිචාර දාන්නේ මේකේ. ඒ හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා!
නිසංසලාMonday, 05 July 2021 05:37 PM
කුඩ්ඩන්ට හොරුන්ට එහා ගිය පිරිසක් තමයි අහළ පහළ ගෙවල්වල මිනිස්සුන්ට ලවුඩ්ස්පීකර් දාලා හිරිහැර කරන්නේ.
ග්‍රේරු නුගේගොඩMonday, 05 July 2021 08:42 PM
නිසංසලා බෙහෙත් බොන්න.