IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


පොලොන්නරුවේ HIVආසාදිතයින් වැඩිවෙලා

 

(දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස මලවර ආරච්චි)

ශ්‍රී ලංකාවේ 2025 වර්ෂය වන විට ඇස්තමේන්තුගත එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වනු ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේදි පැවසිය.

වසර 2030 වන විට මෙරටින් උතුරු මැද පලාත තුල එච්.අයි.වී. ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රීත රෝග මර්දනය කිරීම කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම අරමුණු කරගනිමින් උතුරු මැද පළාත් ඒඩ්ස් කමිටුව අනුරාධපුර,විජයපුර පිහිටි පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදි රැස්විය.

එම කමිටු රැස්විමේදි අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය මේ බව පැවසුවාය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය මෙසේද පැවසුවාය.

“මෙරටින් පළමු ඒච්අයිවි රෝගියා වර්තා වී ඇත්තේ 1987 වසරේ දී යි. වර්තමානය වන විට ඇති සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් හදුනාගෙන ඇති එච්අයිවි ආසාදිතයින් සංඛ්‍යාව 3,409 කි. එහෙත් අසාධනය වීමේ ප්‍රතිශතය අතින් ගත් කළ රට තුල මෙය පැතිර යාමේ අවදානම ඇත්තේ ඉතා අඩුවෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 0.1% පමණ වේ. එම තත්ත්වය උදාකරගත හැකිව ඇත්තේ දැනුවත් කිරීම් හා රෝගීන් හදුනාගැනීම් සදහා විධිමත් වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වන හෙයිනි”.

“කෙසේ වෙතත් පෙරට වඩා ඒඩ්ස් රෝගීන් වාර්තාවීමේ වැඩි බවක් දක්නට ලැබෙනවා.  උතුරු මැද පළාත තුල යම් කැපී පෙනෙන වර්ධනයක් පවතින අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් වාර්තාවීම වැඩි වි තිබෙනවා. මෙරට සියලු දිස්ත්‍රික්ක අතරින් ඒඩ්ස් රෝගීන් වාර්තාවීම අතින් පොලොන්නරුව දිස්ත්‍රික්කය පස්වන ස්ථානයට පත්ව තිබෙනවා.”

“ පිරිමි සමලිංගික ක්‍රියා හේතුවෙන් වැඩි වශයෙන් එච්අයිවි රෝගය සැදිම බහුලව දක්නට ලැබෙනවා.  මීට අමතරව ලිංගික ශ්‍රමිකයින්ගෙන් , ලිංගික සංක්‍රාන්තිකයින්ගෙන් , වෙරලාශ්‍රිත පිරිස් වලින් (beach boys), විවිධ ඖෂධ වර්ග එන්නත් කරගන්නා අයගෙන් ද රෝගය පැතිරයාම සිදුවනවා. කෙසේ වෙතත් එච්අයිවි ආසාධිතයින් හදුනාගැනීම සදහා වසරකට මිලියනයක පමණ පිරිසක් පරීක්ෂා කිරිම් කරනවා. මේ සදහාම රට පුරා සායන 40ක් ක්‍රියාත්මකයි. 2025 වර්ෂය වන විට ශ්‍රි ලංකාවේ ඇස්තමේන්තුගත ඒඩ්ස් ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වෙනවා”. වසර 2030 වන විට මෙරටින් ඒඩ්ස් තුරන් කිරිම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය පැවසුවාය.

මෙහිදි අදහස් දැක්වු  අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා මෙසේ පැවසිය.

“මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 148 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. පළමු වරට දිස්ත්‍රික්කයෙන් ආසාධිතයකු හමු වී ඇත්තේ 2002 වසරේ දී යි. දැනට හමු වී ඇති රෝගීන්ගෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. දැනට  ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 110 කි. ‍මෙම පිරිසෙන් 83 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 27 දෙනෙකු කාන්තාවන්”. මෙහිදී විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල වසරකට ආරක්ෂිත ලිංගික ඇසුර සදහා කොණ්ඩම් එක්ලක්ෂ විසිදහසක් බෙදාහරින බවයි.

 



අදහස් (0)

පොලොන්නරුවේ HIVආසාදිතයින් වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි
2024 ඔක්තෝබර් මස 22 30 0

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිප


ලංවීම සභාපති කොලේ වසා විශ්‍රාම වැටුපක් දෙන්න ගිහින්
2024 ඔක්තෝබර් මස 22 182 0

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධ


ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්
2024 ඔක්තෝබර් මස 22 234 0

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප


ආනවිළුන්දාව පරිසර පද්ධතිය
2024 ඔක්තෝබර් මස 22 40 0

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.


සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ
2024 ඔක්තෝබර් මස 22 817 0

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට
2024 ඔක්තෝබර් මස 22 617 0

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site