IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පීලිපැනීමෙන් අවහිර වූ මුහුදුබඩ එක් දුම්රිය මාර්ගයක් විවෘත කරයි

(සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්)

පානදුර දුම්රිය පීලිපැනීමෙන් අවහිරවූ එක් මාර්යක් විවෘත කර තිබේ.

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පිළිපැනීමෙන් අවහිර වී තිබූ දුම්රිය මාර්ග දෙකෙන් එක් දුම්රිය  මාර්ගයක් දහවල් 2.35 වන විට විවෘත කිරීමට දුම්රිය කාර්මික ශිල්පීන් සමත් විය.

කොළඹ  ජල ධාවක  බලාගාර ශිල්පීන් ඇතුළු පනහකට ආසන්න ප්‍රමාණයක් පැය තුනක පමණ කාලයක් දැඩි වෙහෙසක් දරා එම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කරන ලදී. 


මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය මොරටුව - වාද්දුව දක්වා සීමා කෙරේ

2024-06-13
13:43

(මහින්ද නිශ්ශංක)

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට මොරටුව දක්වා සහ මාතර - ගාල්ල සිට වාද්දුව දක්වා ද සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

පානදුර සිට කොළඹ කොටුව, මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය මාර්ග දෙකම අවහිර වන අයුරින් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද උදේ පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

මේ වනවිට පීලි පැන තිබෙන දුම්රිය පීලි ගත කිරීම ආරම්භ කර ඇති අතර දුම්රිය ආපදා රථය එම ස්ථානයට ළගා වී ඇති බවත් ඔහු කීහ.



අදහස් (0)

පීලිපැනීමෙන් අවහිර වූ මුහුදුබඩ එක් දුම්රිය මාර්ගයක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 113 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2512 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 917 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1558 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site