(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ පිලිපීන කාන්තාවක අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසයි.
ඇය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් ආරම්භ කර , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබුණි.
ඉන්පසුව ඇය එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු , කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861 ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 ක් ද සගවා ගෙන රැගෙන විත් තිබුණි .
ඇයට සිය යෙහෙළියක් මගින් මෙම ගුවන් ගමන සම්බධීකරණය කර දී තිබූ අතර ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන විත් භාර දීම සදහා ඇමෙරිකානු ඩොලර් 1,000 ක මුදලක් ද , ඊට අමතරව මෙම ගුවන් ගමන් සදහා ප්‍රවේශ පත්‍ර සහ දින 05 ක් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් වල නැවතීම සදහා අවශ්‍ය පහසුකම් ද සපයා දීමට මෙම මත්ද්‍රව්‍ය ජාලා හිමිකරුවන් පොරොන්දු වී ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබුණි .
එසේම මෙම කාන්තාව මීට පෙර මැලේසියාව සහ ඉන්දියාව වෙත ද මේ ආකාරයට කුළු බඩු අඩංගු පාර්සල් අතර කොකේන් මත්ද්‍රව්‍ය සගවා ගෙන රැගෙන ගොස් ඇති බව රේගු නිලධාරීන් හමුවේ ඇය අනාවරණය කර තිබේ .
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිලිපීන කත කුඩු සමග අල්ලයි
Lalla Wednesday, 22 May 2024 03:29 PM
Carrying coal to Newcastle කියලා කියමනක් මතක්වුණා. ලංකාවට කුළුබඩු අරාබියේ ඉඳලා ගෙන එන එක.. ඒකම සැක සහිතයි කියලා නොතේරෙන ජාවාරම් කරුවන් සිටිය හැකිද? ඔයිට වඩා අතිවිශාල තොගයක් එළියට යන්න ඇති...