IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පෝලිම් නැතුව තෙල් ගහන ගමන් රනිල්ට බනිනවා

(අංජුල මහික වීරරත්න)

වර්තමානයේ දී ඇතැමුන් පෝලිම්වල ඉන්නේ නැතිව තෙල් ගහන ගමන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

2023 කියන්නේ වැටුණු රට ගොඩ ගැනීම අරඹන වර්ෂය බව ජනාධිපතිවරයා ද පැහැදිලිව සඳහන් කර තිබෙන බව කී අබෙිවර්ධන  මහතා එවැනි අවස්ථාවක පළාත් පාලන ආයතන සභිකයන් 8000 කට වැටුප් ගෙවන තත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම් එයින් රට නැවතත් ආර්ථික අගාධයට ඇද වැටී සංචාරක කර්මාන්තයට ද හානි සිදුවිය හැකි බව කීය. 

එක්සත් ජාතික පක්ෂය ඕනෑම මොහොතක ඡන්දයකට ලෑස්ති නමුත් මෙි මොහොතේ  ඡන්ද කොයිතරම් දුරකට රටට දරාගත හැකි වේදැයි කල්පනාවෙන් බැලිය යුතු බව සඳහන් කළේය.

ලංකාව පාලනය කළ යුත්තේ මෝඩයෙක් හෝ දුප්පතාගේ හිතවතෙක් බව ඇතැමුන් සිතන බව කී වජිර අබේවර්ධන මහතා රටක් පාලනය කරන්නට දැනුම පළපුරුද්ද පමණක් නොව අත්දැකීම ද තිබිය යුතු බව සඳහන් කළේය.

ගාල්ලේ පැවති මැතිවරණ රැස්වීමක් අමතමින් වජිර අබෙිවර්ධන මහතා  මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (18)

පෝලිම් නැතුව තෙල් ගහන ගමන් රනිල්ට බනිනවා

Liyanage Tuesday, 07 February 2023 03:44 PM

UNP විනාශ කලේ මොහුයි .වඳුරට කඩුව දුන්නා වගෙයි මොහුගේ වැඩ

:       6       8

viduth.senevi Tuesday, 07 February 2023 03:52 PM

අපි පාරෙ යන පැත්තේම ෂෙඩ් එක තිබ්බේ නැත්නම් තෙල් ගහපු නැති මිනිස්සු. එහෙම තිබ්බ රටක් මේක. රනිල් දෙන ටොපි සූප්පු කර කර ඉන්න කියලද කියන්නේ අපිට. රනිල් කියන්නෙත් මේ කථාවේ දුෂ්ටයෙක් කියල අමතක කරන්න එපා. ඔය බූරු කතා කියාගන්න සමනල රෑනට.

:       8       19

Aberathna - gall Tuesday, 07 February 2023 03:57 PM

බැනලා මදි ,තොපි ඔක්කොමව කනවා අහුවුනොත් !!!බලාගෙන ඉඳපල්ලා රටේ මිනිස්සු තොපිව හොයාගෙන එනකොට හැංගෙන්න තැන් හොයාගනින්.ගාල්ලේ තමුසෙගෙ කුඩු පොට් එක හොඳට හම්බකරනවාලු නේද දැන් රනිල්ටයි පොලිසියටයි පින්සිද්ද වෙන්න ?

:       8       19

ranjanTuesday, 07 February 2023 05:18 PM

ගාල්ලට විතරක් නොවෙයි දැන් හික්කඩුවේත් මෙයාලු කුඩු ගෝඩ්ෆාදර්.කාලයකට ඉස්සර බේරුවලදී බෝට්ටුවක තිබිලා අහුවුන කුඩු ටොන් එකක් සහ ඒ මුදලාලියාව නඩු නැතිවම කුඩුත් එක්ක බේරාගත්තේ මේ කළු කොටා තමයි.

:       0       0

sharm warn Tuesday, 07 February 2023 03:58 PM

අනෙ ඔව්.. උඹෙ පිනා තෙල් බැරල් කරෙ තියන් ඇවිල්ල පොලිම් නැති කලා.. දැන් මිනිස්සු තෙලෙන් කාලා කිරෙන් අත හෝදල ඉන්නෙ.. ඔව කිව්ව කියලා මිනිස්සු ඔය ගොබ්බ එජාපෙට ආයෙමත් චන්ද දෙයි කියලා හිතනවා නම් ඔහෙටත් මහ එකාට වගෙම ඔල්මාදෙ. . වෙන කියන්න දෙයක් නෑ..

:       0       0

BamunuarachchiFriday, 10 February 2023 07:32 AM

මොකෝ නැත්තේ .තව කියන්න තිබෙනවා. අපි බලය ගත්ත ගමන් මෙරටම කේතුමතී පුරයක් කරනවා කියන ගොබ්බ ජේවීපියට මිනිස්සු චන්ද දෙයි කියලා හිතනවා නම් ඔහෙටත් මහ එකාට වගේම ඔල්මාදෙ. . වෙන කියන්න කිසිමදෙයක් දෙයක් නෑ

:       0       0

HDJAYASIRI Tuesday, 07 February 2023 04:06 PM

සතියක කෝටාවකට තෙල් ගහනව කියලා අමතක වෙලා වගේ ..

:       10       17

Dharmatileke Tuesday, 07 February 2023 04:16 PM

රනිල් පෝලිම් නැති කළේ එයාගේ සාක්කුවෙන දාලාද? කවුරු හරි සල්ලි දීලා තෙල් ගන්න කිව්වා.., ඕකෙ ඕනෙම කෙනෙකුට කරන්න තිබුණා. බොළඳ තර්ක..! 

:       0       0

pakeer Tuesday, 07 February 2023 04:31 PM

ගොඩ ඉන්න මිනිස්සු සෙට් එකක් .ලොකු වලකට දාලා .පාන් කාලක් දුන්නම ඔක්කොම හරි කියලද උඹ කියන්නේ ?උඹලා වගේ ගොඩේ බූරු හොර බයියෝ නෙමේ අපි .උඹ පලයන් මොන්ටිසෝරි ආයෙත් ඔය ගොන් කතා අපිට කියන්න එන්නේ නැතුව

:       0       0

Hafeel Tuesday, 07 February 2023 04:35 PM

මේ මෝඩ මිනිහට තේරන්න නැද්ද QR හඳුන්වා දීල ජනතාව රැවට්ටුවා කියලා . පළාත් පාලන නියෝජිතයන් 8000 ගැන කතා කරන මෙයා, මේ ආර්ථික අර්බුදය තියෙද්දී ඇයි මෙයාගේ රනිල් බිරිඳ සමග බ්‍රිතාන්‍යය සහ ජපානයේ මළ ගෙවල්වලට ගියේ?ඒකෙන් ලැබුණු ප්‍රතිලාබය කුමක්ද? ඇයි එහෙම නම්, වත්මන් ආර්ථික අර්බුදය ගැන කිය කියා මේ ජනාධිපති අනවශ්‍ය උපදේශක සහ රාජ්‍ය ඇමතිලා පත් කලේ? ඔයා ඔච්චර රටට ආදරේ නම්, පුළුවන් නම් සංශෝධනයක් ගෙනල්ලා හිටපු ජනාධිපතිලාට ගෙවන අසාමාන්‍ය ගෙවීම සහ දීමනාව අයින් කරන්න කෝ?

:       0       0

Sunil Tuesday, 07 February 2023 04:39 PM

මොනවද මේ ගොන් කතා ?ඉස්සර අපට අවශ්‍ය තරම් ඉන්ධන හිඟයකින් තොරව ලබා ගන්න පුළුවන් උනා .දැන් ලැබෙන්නේ සොච්චමයි .එය හොඳටම මදි

:       0       0

Pankumburage Tuesday, 07 February 2023 05:12 PM

මූ නම් පට්ට ගොනෙක්.

:       0       0

fairoos Tuesday, 07 February 2023 05:41 PM

කවුද අප්පා මේ වගේ කාලකන්නින් රැස්වීම් වලට ආරාධනා කරන්නේ ?මුන්ට ගහන්න ඕන කුණු බිත්තර

:       0       0

සෙනෙවිරත්න Tuesday, 07 February 2023 06:01 PM

රටම විනාශ කළා. ඇයි අපට නොමිලේද තෙල් දෙන්නේ...? හැංගෙන්න තැන් හොයාගන්න...

:       0       0

Dinesh Tuesday, 07 February 2023 07:14 PM

කරන්ට් කපන එක අමතක උනාද .මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන එක පාලකයන්ගේ වගකීම .එහෙම බැරි නම් ඒ අය අස්විය යුතුයි

:       0       0

සන්කා Tuesday, 07 February 2023 07:29 PM

පෝලිම් නැතුව තෙල් ගහනවා නෙමෙයි.......පෙට්‍රල් ඩීසල් දෙකම හතර ගුනයකින් නග්ගලා අපේ පර්ස් එකට කෙලලා ...ලයිට් බිල 160% කින් තුන් පාරකට නග්ගලා අපේ බඩට කෙලලා ...එකී නොකී හැම දේම අහස උසට මිල නග්ගලා අපේ බඩ පොත්තට ඇලිලා තියෙන්නෙ.අපි මේ ඉලපත තියන් ඉන්නෙ චන්දෙ ඉල්ලන්න එනකන්.අනේ මේ හොර තක්කඩි දේශපාලුවන්ට චන්දෙ දෙන බත් කන හරක්නම් තවත් රටේ නම් නැතුව ඇති.

:       0       0

podi mole Tuesday, 07 February 2023 07:53 PM

පොර වෙන්න තමන් දාගෙන හිටපු මාස්ක් එක වෙන මිනිහෙකුට දාන්න දුන්න ගොබ්බයෙක් කියන කතා

:       0       1

Bamunuarachchi Thursday, 09 February 2023 12:54 PM

ඕක පුදුමයක්ද? අධිවේගී මාර්ගයේ යනගමන් ඔහෙලා මහින්දට බැන්නේ... ඒවා මතක නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 944 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 231 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1914 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 224 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 544 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2468 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site