(සුරංග රාජනායක සහ ඩබ්.ඒ.අසේල)
ගලහා දෙල්තොට ප්‍රදේශයේදී පියාගේ ඇකයේ සිටි මාස 11 ක් වු දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා මියගොස් ඇතැයි ගලහා පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ ගලහා දෙල්තොට නාරන්හින්න වත්තේ පදිංචි ලෝගේෂ්වරන් කියාංෂිනි නැමති දැරියයි.
පියා විසින් මෙම දැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් යළි එමින් සිටියදී එම නිවස ඉදිරිපිට ඇති අඩි තිහක් පමණ ඉතා උස පොල් ගසක තිබුණු වේළුණු ගෙඩියක් ඇගේ හිසට වැටී තිබේ.
ඉන්පසු මොවුන් ත්‍රී රෝද රථයකින් එයයිම දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහල වෙතරැගෙන ගොස් තිබූ අතර ඇගේ තත්ත්වය ඉතා බරපතල නිසා එම රෝහලින් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යවා තිබුණි.
මොවුන් පදිංචි පේළි නිවාස අසල ඇති මෙම පොල් ගසේ ගෙඩි පැසී තිබෙන විට කිසිවෙකුත් ඒවා කඩා නොමැති අතර එම ගෙඩි වේලි අනාරක්ෂිත ලෙස බිමට වැටීම සිදුවන බව පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම නිවාසවල තවත් කුඩා ළමුන් හා අනෙකුත් පිරිස් විශාල ලෙස සිටියත් මෙහි ඇති අවදානම පිළිබඳව ඔවුන් එතරම් සැලකිල්ලක් දක්වා නොමැති බව ද හෙළි වී තිබේ.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලයක් හිසට වැටී සිඟිතිය අවසන් ගමනේ
කමල් Monday, 17 June 2024 12:50 PM
රත්තරන් දුවට නිවන් සුව.
sanath Monday, 17 June 2024 02:10 PM
අනේ එහෙම මරණයක් කොහොම වළක්වා ගන්නද? මරුවා එන ක්‍රම පුදුම සහගතයි. නිවන් සුව ලැබේවා පැටියෝ...!
ana Monday, 17 June 2024 02:38 PM
තම වට පිටාව තුළ ඇති ආපදා අවදානම් සහිත තත්වයන් ගැන වැඩිහිටියන් සැකිළිමත් වූවා නම්... මෙවැනි සිද්ධින් කීයක් නම් සිදු වුණාද අධ්‍යාපන බලධරයිනි, දැන්වත් මිනිසුන්ට ජීවත් වීමට අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප ලබාදෙන අධ්‍යාපනයක් සකස් කරන්න..
ජයනාත් Monday, 17 June 2024 02:49 PM
අතිශයින් දුක්ඛිත පුවතක් ... අපි අපේ වටාපිටාව ගැන අවබෝධයක් ඇතිව හැකි තරමට අනතුරු වළක්වා ගැනීම කෙතරම් වටිනව ද...
නිමල් Monday, 17 June 2024 03:17 PM
කලකට පෙර වාර්තා වුණා අකුරණ ප්‍රදේශයේ මවක් තම බිළිඳිය ඇකයේ වඩාගෙන පාරේ යන විට අසල ගල්කොරියක පිපිරුමෙන් විසි වුණ ගල් කැබැල්ලක් වැදී බිළිඳිය මිය ගිය පුවතක්.මෙවැනි සිදුවීම් පෙර කර්ම විපාක පලදීම හේතුවෙන් ද?
primeshika Monday, 17 June 2024 04:08 PM
මැරෙන්න තියනවා නම් කොතැන හිටියත් මැරෙනවා.. අප්පගේ ඇකයේ හිටියා කියලා බේරෙන්න බැහැ...!
Bunny Preena Tuesday, 18 June 2024 09:26 AM
උදාසීන ජන කොටසක් වෙන්ඩ් ඕනෑ