(චමිල් රූපසිංහ)
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ආරක්ෂාව වෙනුවෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි ආයුර්වේද රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
මෙම ආයුර්වේද රෝහලෙහි ඇදන් 100කින් සමන්විත වාට්ටු සංකීර්ණයක් තිබේ.
ඒ අනුව අදාල වාට්ටු සංකීර්ණය සහ ඖෂධ නිෂ්පාදනාගාරය නිරීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් විමසා බැලීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අද (2) කටයුතු කළේය.
එහිදී රෝගීන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් සහ කාර්යමණ්ඩල යෙදවීම හා ඔවුන්ගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය විශේෂ අවධානය යොමු කළේය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ආරක්ෂාව වෙනුවෙන් රජය ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරමින් පවතින බවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති සුවිශේෂීත්වය මේ වන විට මුළු ලොවටම පසක් වී ඇති බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම, පළාත් ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන, පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ ඖෂධ නිෂ්පාදානාගරය භාර වෛද්‍ය නිලධාරී දිනේෂ් කුමාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පල්ලෙකැලේ ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි