IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළුව සාමාජිකයන් 143 කගේ ඡන්දය ලැබුණු අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 9 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ.

එසේම තවත් සාමාජිකයන් 25 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

විපක්ෂව ඡන්දය භාවිත කළ සාමාජිකයන් අතර ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගනු ලබන්නේ ආරක්ෂක කවුන්සිලය නිසාවෙන් පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් යෝජනාව ඉදිරිපත් වූවේය.

සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුණත් පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට හඳුනා ගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකම් හිමිවන බව ප්‍රකාශ විය.

 



අදහස් (3)

පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත

Ariyathilaka Sunday, 12 May 2024 11:29 AM

සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතුය. ජීවත් කරවිය යුතුය. ඒ සඳහා පණට තිබෙන අයිතිය පිළිගත යුතුයි. සියලු දෙනාගේ පණ රැකිය යුතු ය. කොටින් ම කියනවා නම් පරමාධිපත්‍ය යනු පණට තිබෙන අයිතිය යි. කිසිවෙකුටත් ම තමාගේ මෙන්ම අන්‍යයින්ගේ පණට තිබෙන අයිතිය අත් හළ නොහැක. පණ ආරක්ෂා කර ගැනීමට තිබෙන සාධාරණ, අවිහිංසාවාදී සියලු ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම ද පරමාධිපත්‍යය. පරමාධිපත්‍ය අත් හළ නොහැකි බව මානව අයිතිවාසිකම් ප්‍රඥප්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් විමසීමේදී අති බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය, පලස්තීනය පිළිගන්නේද? පලස්තීනය හමාස් ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්නේද? යන්න පහැදිලි ලෙස පලස්තීනය පිළිතුරු දිය යුතුයි. පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින රටවල්ද මේ විමසීමට උත්තර දීමට බැඳී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හමාස් සංවිධානය ත්‍රස්ත ලැයිස්තු ගත කර ඇත...

:       1       3

Ariyathilaka Sunday, 12 May 2024 11:46 AM

සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතුයි. ජීවත් කරවිය යුතුයි. ඒ සඳහා පණට තිබෙන අයිතිය පිළිගත යුතුයි. සියලු දෙනාගේ පණ රැකිය යුතුයි. කොටින්ම කියනවා නම් පරමාධිපත්‍ය යනු පණට තිබෙන අයිතියයි. කිසිවෙකුටත්ම තමාගේ මෙන්ම අන්‍යයින්ගේ පණට තිබෙන අයිතිය අත් හළ නොහැක. පණ ආරක්ෂා කර ගැනීමට තිබෙන සාධාරණ, අවිහිංසාවාදී සියලු ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම ද පරමාධිපත්‍යය. සැම දෙනාගේ පණට ගරුකළ යුතුයි. ඒ ගෞරවය අසීමිතය. ප්‍රමාණ නැත. පරමාධිපත්‍ය අත්හළ නොහැකි බව මානව අයිතිවාසිකම් ප්‍රඥප්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් විමසීමේදී අති බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය, පලස්තීනය පිළිගන්නේද? පලස්තීනය හමාස් ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්නේද? යන්න පහැදිලි ලෙස පලස්තීනය පිළිතුරු දිය යුතුයි. පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින රටවල් ද මේ විමසීමට උත්තර දීමට බැඳී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හමාස් සංවිධානය ත්‍රස්ත ලැයිස්තු ගත කර ඇත...

:       2       1

Ariyathilaka Sunday, 12 May 2024 01:47 PM

සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතුය... ජීවත් කරවිය යුතුය. ඒ සඳහා පණට තිබෙන අයිතිය පිළිගත යුතුයි. සියලු දෙනාගේ පණ රැකිය යුතුයි. කොටින්ම කියනවා නම් පරමාධිපත්‍ය යනු පණට තිබෙන අයිතියයි. කිසිවෙකුටත්ම තමාගේ මෙන්ම අන්‍යයන්ගේ පණට තිබෙන අයිතිය අත් හළ නොහැකිය. පණ ආරක්ෂා කර ගැනීමට තිබෙන සාධාරණ, අවිහිංසාවාදී සියලු ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම ද පරමාධිපත්‍යය. සැම දෙනාගේ පණට ගරුකළ යුතුයි. ඒ ගෞරවය අසීමිතය. ප්‍රමාණ නැත. පරමාධිපත්‍ය අත් හළ නොහැකි බව මානව අයිතිවාසිකම් ප්‍රඥප්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් විමසීමේදී අති බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය, පලස්තීනය පිළිගන්නේද? පලස්තීනය හමාස් ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්නේද? යන්න පැහැදිලි ලෙස පලස්තීනය පිළිතුරු දිය යුතුයි. පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින රටවල් ද මේ විමසීමට උත්තර දීමට බැඳී ඇත.

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 25 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 83 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 114 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 96 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 291 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 329 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site