IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පලස්තීනුවෝ යූ.එන් ගඩබාවලට පැන ආහාර සොරා ගනිති

(විමුක්ති එස් රුද්‍රිගු)

දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ මානුෂීය ආධාර ගබඩා කර තිබෙන ගබඩාවන් සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත පැන තිරිඟු පිටි සහ ජීවත් වීමට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ සොරා ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

සිවිල් සාමය බිඳ වැටීමට පටන් ගෙන ඇති බවට සලකුණක් බවත් ඊශ්‍රායල හමුදාවන්ගේ දැඩි ප්‍රහාර හමුවේ පලස්තීනුවන් බියෙන්, කලකිරීමෙන් සහ මංමුලා සහගතව පසුවන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.

උතුරු ගාසා තීරයේ අවතැන් වූ පලස්තීනුවන් විශාල වශයෙන් දකුණු ගාසා තිරයට පැමිණෙන බවත් ඒ හේතුවෙන් දකුණු ගාසා තීරයේ පොදු සේවා බිඳ වැටී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.

 



අදහස් (5)

පලස්තීනුවෝ යූ.එන් ගඩබාවලට පැන ආහාර සොරා ගනිති

chandima Sunday, 29 October 2023 10:36 PM

ඒ කාලේ ජාත්‍යාල කාරයෝ වගේ...!

:       6       0

විජිත් Sunday, 29 October 2023 11:20 PM

( 1 )උගත් බුද්ධිමත්,මහත්වරුනේ,මහත්මියනේ මම හිතනවා ඔබලාට පෙනෙන මානයෙන් ඔබ්බට ගොස් සිතන්නට හැකියාවක් ඇතියි කියා.මේ මිනිසුන් ආහාර නොවෙයි සොයන්නේ, තමුන්ගේ ජීවිතය, 1948 මැයි 14 දා යුදෙව්වන් විසින් තමුන්ගෙන් සොරාගත් ජීවිතයයි !!! තමන් කල " වරද " නිසාම ඉතිහාසයේ කිහිපවතාවක්ම සමුලඝතනයට ලක්වී, ලෝකයේ සැමතැනම ඇවිදිමින්, " කුමන්ත්‍රණ" කරමින් සිටි යුදෙව්වන් පලස්තීන ජාතිකයින් ජීවත්වූ ප්‍රදේශයේ කොටසක තමන්ගේ රට ලෙස ඉස්රයලය ප්‍රකාශයට පත්කල අඳුරු දිනය එදායි.මේ සියලුම " අපරාධ " වලට වගකිව යුත්තේ එංගලන්තය බව මුළු ලෝකයම දන්නවා වුනත්, කිසිවක් සිදුවී නැති ආකාරයට හැසිරීම විහිළු සහගතයි. ඒ කාලයේ මුළු ලෝකයේම ලොක්කා වූයේ එංගලන්තයයි. 1917 නොවැම්බර් 02 දා එංගලන්තයේ විදේශ ලේකම් ආතර් බැල්ෆුර් විසින් පලස්තීනයේ කොටසක යුදෙව් රාජ්‍යය පිහිටුවීමට අවස්තාව ලබාදෙනවා ' කියා ලියවිල්ලකින් ( මෙයට කියනවා 1917 බැල්ෆුර් ප්‍රකාශනය කියා ) පොරොන්දුවුනා එංගලන්තයේ ජීවත්වුණ ඉතාම ධනවත් යුදෙව් මුදලාලි කෙනෙකුට .එයාතමයි සර් ලයනල් වෝල්ටර් රොත්ස්චයිල්ඩ් කියන්නේ.

:       2       15

විජිත් Sunday, 29 October 2023 11:28 PM

(2) යුදෙව්වන්ට ඒ අයගේ රටක් ලබාගැනීම සඳහා වූ " සියෝනිස්ට් " සංවිධානයට මුදල් පොම්පකලේ මේ කෝටිපති යුදෙව්වයි. යුරෝපයෙනුත් යුදෙව්වන් පිළිකුල් කරන තැනට ඇවිත් තිබුනා. කෙසේවෙතත් 1 වෙනි ලෝක යුද්ධයෙන් පසු යුදෙව්වන් එකා දෙන්නා පලස්තීනය පැත්තට ඇදෙන්න ගත්තා ,ඒ වනවිටත් එංගලන්තය හා ප්‍රංශය එක්වී අරාබි ජාතිකහමුදා යොදවා "ඔටෝමන් " වරුන්ගෙන් අරාබිය මුදවාගෙන තිබුනා.ජර්මනියේ සිටි ධනවත් යුදෙව්වන් ඒ රටේ ආර්ථික මර්මස්ථාන සියල්ල ආක්‍රමණය කරලා තිබුන.ඒ නිසා ජර්මානු ජාතිකයින් ආර්ථිකව ඉතාම දුක්කිත තත්වයකට පත්වී දුක් වින්දා.මේ අවස්ථාවේ තමයි" හිට්ලර් " බිහිවුනේ.ඔහු තීරණය කළා යුදෙව්වන්ව සමුලඝාතනය කරන්න.හිට්ලර් කරපු දේවල් ඔයගොල්ලෝ දන්නවාන... ,ඒ නිසා කෙටියෙන් කියන්නම්. යුදෙව්වන් කුණුකොල්ලයට පලස්තීන වැසියන්ගේ ඉඩම් එක එක මිලට ගත්තා.අවසානයේදී යුදෙව්වන් ඒවාවල වගාකරන්න පලස්තීන වැසියන්ව යොදාගත්තා.අවසානයේදී ඒ පලස්තීන වැසියන්ව වෙඩිතබා මරාදමුවා . අවසානයේදී තමන් විසින් හදාවඩාගත් මේ " ප්‍රශ්නසහගත දරුවා " නොහොත් පලස්තීනයේ ඉස්රායල් ප්‍රශ්නය එක්සත් ජාතින් අතට බාරදී 1948 මැයි 13 දා එංගලන්තය පලස්තීනයෙන් අයින්වුනා.

:       1       11

විජිත් Sunday, 29 October 2023 11:49 PM

(3) ඊට දවකට පසුව ඩේවිඩ් බෙන්ගුරියන් කියන යුදෙව්වා නිදහස් ඉස්රයලය ප්‍රකාශයට පත්කලා. එත් සමගම අසල්වැසි ඊජිප්තුව ,සිරියාව, ජෝර්දානය..වැනි රටවල් ඉස්රයලය සමග යුද්ධයක පැටලුනා,නමුත් ඉතාම උපක්‍රමශීලිව ඉස්රයල්වරු යුද්ධය ජයගත්තා පමණක් නොව අසල්වැසි රටවලින් කොටස් අල්ලා ගත්තා. මේ අතර එක්සත් ජාතින් ඉස්රයලය නිදහස් රටක් වශයෙන් පිළිගත්තා.අමෙරිකාවත් රුසියාවත් ඊට සහය දැක්වුවා.එදා සිට අදවෙනකොට අරාබි රටවල් සමග යුද්ධ රාශියකට පැටලුන ඉස්රයලය චන්ඩියෙක්වී සිටින්නේ ඇමෙරිකාවෙත් යුරෝපයේත් සහය නිසයි. මේ අසාධාරණය හමුවේ එක්සත් ජාතින් නිහඬයි .. ඔවුන් අසරණයි.ඒ එක්සත් ජාතීන්ගේ අරමුදලට වැඩිම මුදලක් ලැබෙන්නේ ඉහතකී රටවල් වලින් නිසයි. මේ අසාධාරණයට විරුද්ධව තමයි 1986 දී පමණ හමාස් ගරිල්ලා සංවිධානය බිහිවන්නේ.මම අහලා තියෙන විදිහට පලස්තීනයේ දරුවෙකුගේ ආයුකාලය අවුරුදු 16ක් 17 විතරලු.මොනවාහරි ප්‍රශ්නයක් ඇදගෙන ඉස්රායල් හමුදා ඒ දරුවන්ව මරාදමනවා.පනබෙරාගෙන සැඟවී සිටින අය තමයි දැන් ලොකු මහත්වී තමන්ගේ දේශය වෙනුවෙන් සටන් කරන්නේ. හිතන්න ..දවසක අපේ රට මෙවැනි අභාග්‍යයකට මුහුණ දුනහොත් ..?

:       3       10

Senarath Monday, 30 October 2023 10:35 AM

ඕනෙම කෙනෙක් ආහාර නොමැතිව කොටුකරලා තිබ්බාම මේ තත්වයට පත්වෙනවා. මම වුණත් මගේ දරුවෝ බඩගින්නේ මැරෙනකන් බලා ඉන්න සූදානම් නෑ.

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2025 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1067 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1584 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site