(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව තෙන්නකෝන් මහතාගෙන් කරුණු විමසීමට නියමිතය.
කමිටුව විසින් ප්‍රථමයෙන් තෙන්නකෝන් මහතාට චෝදනා පත්‍රයක් බාරදෙනු ඇත.
මෙයට අමතරව ඔහුට එරෙහිව ඇති චෝදනා සනාථ කර ගැනීම සඳහා පොලිස් ප්‍රධානීන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්ද වෙඩි ප්‍රහාරයට ලක් වූ මාතර වැලිගම හෝටලයේ පිරිස්ද මෙම කමිටුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට කමිටුව බලාපොරොත්තු වෙයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පසුගියදා පත් කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.
මෙම කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිය විමර්ශන සම්බන්ධයෙන් පසුගිය 23 සහ ඊයේ (25) මූලික සාකච්ඡා පැවැත්වීය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අදාල යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය8 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මතවිය.
මෙම ත්‍රිපුද්ගල කමිටුව සිය විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු අවසන් වාර්තාව කතානායකවරයාට භාර දීමට නියමිතය.
බොහෝදුරට කමිටු වාර්තාව ලබන මාස අවසානයේදී කතානායකවරයාට බාර දෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.
ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය.
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත්
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
Silva Saturday, 26 April 2025 01:35 PM
මහින්ද, ශිරානි රාජපක්ෂව ඉවත් කළ හැටි මතක් වෙනවා.
හසක Saturday, 26 April 2025 04:08 PM
මිනීමැරුමකට සම්බන්ධ වෙලත් අයින්කරන්න මාස ගාණක් යන එක හරිම අසාධාරණයි. ස්වාධීන කොමිසම් ජනතා විරෝධීව, පාක්ෂිකව කටයුතු කිරීමට විරුද්ධවත් පියවර ගැනීම අත්‍යාවශ්‍යයි.