IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පොලිස්පති ධුර කාලය වසර තුනකට සීමා කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

පොලිස්පති ධූරයට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය ඇතුලත අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට ද අදාල වන අතර ඒ අනුව  පොලිස්පති ධුරයට පත්ව වසර තුනකින් පසු ඔහු විශ්‍රාම යා යුතුව තිබේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේ දී පොලිස්පති ධූරයට පත්වන  ඕනෑම නිලධාරියෙකගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා වන්නේය.



අදහස් (7)

පොලිස්පති ධුර කාලය වසර තුනකට සීමා කරන්න යයි

රංබොඩ Wednesday, 29 November 2023 11:17 AM

විධායක බලතල භාවිතා කර සියලු ඇමැතිවරු ගෙදර යවයිද දන්නේ නෑ. මම නිකම් කිව්වේ. මිස්ටර් බීන්ගේ විහිළු බලලා ඔලුව කුරුවල් වෙලා...!

:       10       18

Kasun Wednesday, 29 November 2023 11:31 AM

ගොඩක් හොඳ තීරණයක්...

:       2       17

wedage Wednesday, 29 November 2023 11:56 AM

පොලිස්පති හැටියට කව්රුවත් ඕන නෑ ඔය පින්පති ඉන්නේ

:       8       11

C.K.Lankaputhra Wednesday, 29 November 2023 12:15 PM

කාටවත්ම තේරෙන්නෙම නැද්ද ඔය එන්නේ මොකාටද කියල. සරුසාර පලදාව දෙන පොල් ගහක් වෙනුවට ලෙඩ අඩු මාසේ පොල් ගහක් හිටවල රටේ පොල් වගාවම විනාශ කරල දාන්ඩ කියල අනේ ඔහෙලට හැබෑට තේරුම් ගන්ඩ බැරිද.

:       9       7

Aravinda Monarawila Wednesday, 29 November 2023 01:02 PM

මේවා මහ විකාර යෝජනා... ඔය කැබිනට් තීරණය බලපාන්නේ මේ කැබිනට් මණ්ඩලයට විතරයි..., ඊළඟට එන අලුත් ආණ්ඩුවට පුළුවන් නැවත මේ කැබිනට් තීරණය වෙනස් කරන්න. රී ලෝඩ් දාලා පොලිස්පති පත්කර ගොන් ආතල් රටටම දීලා ඊළඟ ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද කියලා මෙයා තීරණය කරන්න හදනවා.

:       3       7

abaran Wednesday, 29 November 2023 02:15 PM

පොලිස්පති කියන්නෙත් තැපැල්පති, මිනුම්පති, ඉඩම් කොමසාරිස්, දිසාපති වගේ රජයේ තවත් එක්තරා දෙපාර්තමේන්තුවක විතරයි. ඔවුන්ට පැවැරී ඇති වගකීම්වල වෙනසක විනා ධූරාවලියේ කිසිම වෙනසක් නැහැ. කෙනෙක් පොලිස්පති වුණු පලියට එයාගේ හිතුමතේට ක්‍රියාකරන්න බැහැ. පොලිසිය තුළ හරි හමන් සිස්ටම් එකක් හදන්න කැබිනට් එකේ සියලුදෙනා එකතුවෙලා කටයුතු කරන්න. පොලිස්පතිද, ස්ථානාධිපතිද, කොස්තාපල්ද වෙනසක් නැතිව වරදක් කර ඇතිනම් දවසින් දඬුවම් කෙරෙන ක්‍රමයක් හදන්න. කවුරු පොලිස්පති වුණත් පූජිතට වුණු සන්තෑසිය මත තියාගෙන තමනුත් තවත් එක රාජ්‍ය නිලධාරියෙක්ය යන්න මතක තබාගෙන වැඩිය දඟලන්නේ නැතිව කටයුතු කිරීම වැදගත්...

:       0       12

H.A.D.A.S.Perera Friday, 01 December 2023 10:15 AM

ඉතා හොඳ තීරණයක්. පොලිස්පති තනතුර විතරක් නොවේ... ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරත් වසර 5ක උපරිමයකට ලක් කරන්න ඕනේ... නියෝජ්‍ය පොලිස්පති තනතුරත් වසර 08 කට සීමාකරලා සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වා ඒ එක් එක් තනතුරේ සිටිය හැකි උපරිම කාලය අවුරුදු 7ක් බැගින් උපරිමයක් කරන්න ඕනේ. එතකොට උසස්වීම් ගැටලුව ඉබේම විසඳෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගඟේ - මූදේ මගී ප්‍රවාහනය අරඹන්න යයි
2025 අප්‍රේල් මස 22 4 0

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 22 32 0

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 24 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 30 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 72 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 49 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site