IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පොලිසීයට අත ඔසවන්නන්ට නීති දැඩි වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිස් නිලධාරීන්ට  පහර දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසීය.

එසේම එවැනි ස්ථානවල දී රාජකාරි සීමාව ඉක්මවා කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරින් තෙල් බෙදන කටයුතුවල යෙදෙන පිරිසක් නොවන හෙයින්   ඔවුන් සමග  ගැටුම් ඇතිකර ගැනීමෙන් වලකින්නැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය



අදහස් (21)

පොලිසීයට අත ඔසවන්නන්ට නීති දැඩි වෙයි

sena Saturday, 18 June 2022 05:00 PM

මේ පෝලිම්වල තව කොච්චර මිනිස්සු ගුටිකන්න ඕනෙද? කොච්චර මැරෙන්න ඕනෑද? මේ කරුමේ නවතින්න..!

:       6       69

paaaaa Saturday, 18 June 2022 05:33 PM

මෙයා මාරකතාවක්නේ කියන්නේ... මේ අයනේ මිනිස්සු අවුස්සගන්නේ..?

:       19       57

Go Saturday, 18 June 2022 05:43 PM

මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න නම් ගොබ්බසේන යවන්න ඕනේ... එවිට විදේශ ශ්‍රමිකයෝ ඩොලර් එවනවා.

:       42       63

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 June 2022 06:17 PM

පොලිසිය තියෙන්නේ රටේ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහායි. ඒත්, මේ රටේ පොලීසියේ සුළු පිරිසක් හැරෙන්නට බොහෝදෙනා දේශපාලන ගැතිකම් කිරීම නිසා සමස්ත පොලිස් සේවයේම ගෞරවය කෙලෙසුවා. දින ගණන් තිස්සේ තෙල් පෝලිම් වල දුක් විඳින ජනතාව දෙස, හරිහැටි කෑමක් බීමක් නොමැතිව ඉන්නා අය දෙස පොලිසිය සානුකම්පික හැඟීමකින් බැලිය යුතුයි. එසේ නැතිව ගහෙන් වැටුණු කෙනාට ගොනා අනිනවා වගේ වැඩ කරන්න ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ... එක්තරා උසස් පොලිස් නිලධාරියෙක් තෙල් පෝලිම් වල දුක්විඳිනා මිනිසුන් හට තම පෞද්ගලික මුදලින් අයිස්ක්‍රීම් අරන් දුන්නා. පොලිස් සේවයට අවශ්‍ය අන්න එවැනි කාරුණික නිලධාරීන්... දේශපාලකයින් හට පේන්න දුක් විඳිනා මිනිස්සුන්ට රිවෝල්වරය අල්ලන අය නොවේ.

:       22       48

සංහිද Saturday, 18 June 2022 06:27 PM

රාජපක්ෂ ගොට්ටෙක්...!

:       16       45

Prase Saturday, 18 June 2022 07:03 PM

පොලිසි පෝලිම් පිට ගිහින් ඔයිල් ගහන්න හින්දයි මේ ප්‍රශ්නය...!

:       9       29

පී.ජි.තිලක් Saturday, 18 June 2022 07:14 PM

මෙයා කියන්නේ පොලිස් බලයට බයේ ඉන්න කියලා..! පොලිස් කාරයින් ෂෙඩ්වල එවුනුත් එක්ක කල්ලි ගැහිලා තෙල් හංගාගෙන බාගෙට බෙදලා මිනිස්සුන්ට නෑ කියනවා. කතා කළොත් ගහනවා...! ඉස්සර වෙලාම ලැබෙන තෙල් සම්පූර්ණයෙන් බෙදාහරින සාධරණ, විනිවිද භාවයෙන් යුතු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න...!!!

:       0       1

රුවන් Saturday, 18 June 2022 07:21 PM

නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා යනු කුමක්ද? සෑම වරදකටම දියයුතු දඬුවම දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිව දන්වා ඇත. නීති නැවීම හෝ දැඩිව ක්‍රියාත්මක කිරීම පොලිසිය සතු වගකීමක් නොවේ. එය මෙරට අධිකරණය මගින් තීරණය කළ යුත්තකි. දූෂිත පොලිස් නිලධාරීන් ඉන්ධන පිරවුම්හල් වලින් අයථා ලෙස ඉන්ධන රැස්කර අනීතික ව්‍යාපාරවල නිරත වෙයි. ප්‍රථමයෙන්ම පොලිසිය පිරිසිදු කොට මහජනතාව වෙත නීතිය ඉටු කරන්න...

:       0       2

swene Saturday, 18 June 2022 07:26 PM

කුරුණෑගල හිටියේ දේශපාලන හිතවත්කම් මත උසස්වීම ලබපු ජොන්ස්ටන්ද?

:       0       1

ravin Saturday, 18 June 2022 07:32 PM

සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් වන බව හැමදෙනාම දන්නා කරුණකි. එසේ හෙයින් සියලු දෙනාම තමතමන්ගේ ආවේගශීලීත්වය හැකි පමණ පාලනය කරගෙන එකිනෙකා ගැන මානුෂිකව කටයුතු කළොත් හැමටම සෙතක් වේවි...

:       5       17

sugath Saturday, 18 June 2022 07:43 PM

එතකොට මිනිස්සුන්ට පිස්තෝල එල්ල කරන පොලිස් කාරයින් හිටියාට කමක් නැද්ද..?

:       14       34

ජයලත් Saturday, 18 June 2022 08:28 PM

ඒක යකාගේ නීතියක්නේ... පොලිස් කාරයින්ට... නිරායුධ මිනිස්සුන්ට විතරයි පුළුවන්..!

:       0       1

Tharindu Saturday, 18 June 2022 09:53 PM

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය 94 වගන්තිය යටතේ පැහැදිලිය. අදහස් ප්‍රකාශ කිරීමේදී අත්අඩංගුවට ගන්න ඇති නීතිමය පදනම කුමක්ද? (භාෂණයේ නිදහස) නිරායුධ වැසියන්ට එරෙහිව ගිනි අවියක් එසවීම. නිල ඇඳුමක් ඇඳගත් පමණින් මිනිසුන්ට පහර දීමට ඇති නීතිමය තත්වය කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිසියට එවැනි බලයක් ලබා දී තිබේද? එවැනි නීතිමය තත්වයක් නැතිනම් නිල ඇඳුම අදාල වෙන්නේ නෑ නේද? නිලධාරින් සද්භාවයෙන් ක්‍රියා නොකරන බව cctv,video clips මගින් පැහැදිලි සාක්ෂි ඇත. එසේනම් 94 වගන්තිය යටතේ පොලිස් නිලධාරියාට විරුද්ධව ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකියි.

:       0       1

Athula Saturday, 18 June 2022 10:20 PM

එතකොට පොලිසියට නීතියක්, විනයක් නැද්ද? ඔහොම නම් හිතන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන නුඹලාට දෙවියන්ගේ පිහිටයි.. තව වැඩිදවසක් දුවන්න බැරි බව මතක තියාගන්න.

:       0       1

ඉන්දික Saturday, 18 June 2022 10:39 PM

අහිංසක ජනතාවට පොලිසියේ හිරිහැර වෙද්දී මොකක්ද ගන්න පියවර...? දැන් පොලිසිය අහිංසක ජනතාවට පහරදීම් වැඩියි. ජනතාව නැගිට්ටොත් පොලිසියට දුවන්න ඉඩ මදිවේවි... ඔය වැරැදි විදිහට වැඩකරන පොලිසියත් බැඳලා දාන්න බලන්න විනාශයක් වෙන්න කළින්...

:       0       1

Nihal Saturday, 18 June 2022 10:53 PM

එක අතකින් අත්පුඩි ගහන්න බෑ.

:       0       0

wahaldeepe Saturday, 18 June 2022 11:35 PM

නිකන් මෝඩ කතා කියන්න එපා.

:       0       1

චන්දන Sunday, 19 June 2022 07:36 AM

9දා වගේ තව රැල්ලක් ඇති වෙන්න යනවා වගේ... පොලිසිය සමග රට පුරාම ගැටුම්... මෙය හොඳ නැහැ. කල්පනාකාරීව වැඩ නොකළොත් අද, හෙටම මහා විනාශයක්...

:       0       1

sam Sunday, 19 June 2022 01:42 PM

පොලිසියේ ඉන්න සමහරක් කාලකණ්ණි, නූගත් දේශපාලුවන්ට කඩේ යන නිලධාරීන් මහජනතාවට පහර දෙන ඒවට, පිස්තෝල උලුක්කර තර්ජනය කරන ඒවනේ තියෙන්නේ.. ඒවාට දැඩි නීති ගන්න ඕනෑ.

:       0       1

Nathalie Sunday, 19 June 2022 04:10 PM

එතකොට නිස්කාරනේ අපිට අත උස්සන පොලිස්කාරයින්ට මොකද කරන්නේ...?

:       0       1

Gamage Sunday, 19 June 2022 05:59 PM

ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් විශ්වාස නොකළම යුතු පිරිසක් තමයි මේ තමන්ගේ වාසියට ඕනෑම පාවාදීමක් කරන අමුතුම ජාතියේ මිනිස්සු... මොවුන්ට හරිවැරදි නොතේරෙන මිනිසුන් ගැන අනුකම්පා විරහිතම පිරිසක්... !

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 797 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 304 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 898 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 86 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 636 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2291 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site