(සිතුම් චතුරංග)
තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදුන් එංගලන්ත පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.
පහරදීම් සිද්ධියක් සහ පවුල් ආරවුල් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි තමන්ට වාසිදායක ලෙස කඩිනමින් විසදා දෙන ලෙසට කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. ඩි. එන් චතුරංග මහතා වෙත බලපෑම් කරමින් සැකකාර පුද්ගලයා පන්දහසෙ මුදල් නෝට්ටු සහිත ලියුම් කවරයක්තුළ රුපියල් පනස්දහසක මුදල ස්ථානාධිපතිවරයාගෙ මේසය මත තබා අැති බවද පොලිසිය සඳහන් කළේය.
සැකකරු හට විදේශගතවීමටත් අවශ්‍ය බැවින් පැමිණිල්ල තමන්ට වාසිදායක ලෙස විසදා දෙන ලෙසට පොලිස් නිලධාරීන් වෙතද බලකර අැති බවත් මුදල් ලබාදෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසීය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී
බකල ජයා Monday, 31 March 2025 11:57 AM
කවුද පොලිසියෙ ඔක්කොම නරකයි කියන්නේ! දැන් ඔප්පු වෙනවනේ මේ වගේ අය එක්කෙනෙක්, දෙන්නෙක් හරි ඉන්නවා කියල ...
kamal Monday, 31 March 2025 01:08 PM
ඒ මනුස්සයාගේ ඉල්ලීම අතිශය සාධාරණයි අවුල තියෙන්නේ අල්ලස් දීමයි