(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා "සින්ගල් කැබ්" රථ ලබාදීමේ ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න යන මහත්වරුන් ඊයේ (15) අත්සන් තැබූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යයාලය පැවැසුවේය.
ඉන්දීය රජයෙන් ලබාදෙන ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් ඒ යටතේ අවම වශයෙන් ලංකාව පුරා පිහිටි පොලිස් ස්ථානවලට අවම වශයෙන් කැබ් රථ 80 ක් ලබාදෙනු ඇති බවත් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොලිසියට ’’සින්ගල් කැබ්’’ දෙන්න ඉන්දීය ගිවිසුමක්
Perera Thursday, 16 January 2025 10:59 AM
පැජරෝ , මිට්සුබිෂි, ටොයොටා වාහන පාවිච්චි කරපු පොලිසිය අද මහින්ද්‍ර, ටාටා, බජාජ් වාහනවලට බැහැලා
pj Thursday, 16 January 2025 11:04 AM
පොලිසියට සිංගල් කැබ් මොනව කරන්නද...නිකං දෙන හින්දද?.. සිස්ටම් ඡේන්ජ් කියන්නෙ මේවටද?...
cham Thursday, 16 January 2025 11:09 AM
මම සිතනවා. සිංගල් කැබ් රථය වැදගත් නොවේ. කැබ් 40ක් වුනත් ඩබල් කැබ් එක ගන්න එක හොඳයි. තනි කැබ් රථයක යා හැක්කේ රියදුරෙකුට සහ එක් නිලධාරියෙකුට පමණි
ජිල්බු Thursday, 16 January 2025 12:27 PM
ඇයි, ඔලු පලපු, කකුල් කඩපු උද්ඝෝෂකයො විස්සක් විතර පිටිපස්සෙ ගෙනියන්න පුළුවන්නේ.
wedage Thursday, 16 January 2025 12:21 PM
"වාහලක් ගහලා සීට් ටිකක් දාලා යන්න පුළුවන් නෙ."
Srinath priyantha karunarathna Thursday, 16 January 2025 12:36 PM
අලුතින් ගන්නේ මොකටද ,වැඩිපුර තියන වාහන පාවිච්චි කරන්න පුළුවන් ,,,පහුගිය දවස්වල පෙන්නුවේ
ලසන්ත Thursday, 16 January 2025 12:48 PM
පිටිපස්සේ ආවරණයක් ගැහුවාම තව 7ත් 8ට දෙනෙකුට යාහැකිය. නැත්නම් ඕනෑම හදිසියකදී දුරබැහැර පොලීසි වලින්, බොහෝ විට ලැබෙන පිලිතුර "එන්න වාහනයක් නෑ" කියන එකයි.
වැඩ නොබලන පොලිස්පති Thursday, 16 January 2025 05:37 PM
pj වගේ අය පටවන්න පුළුවන්නේ පිටිපස්සේ බක්කියේ...!
Nandalal DE SILVA - FranceThursday, 16 January 2025 10:58 PM
බක්කියේ බඳින්න ඇතිවෙන්න ගොන්නු මේ රටේ ඉන්නවා නේ දැන් කාලේ
වික්‍රම විදුර Friday, 17 January 2025 07:30 AM
පිටිපස්සට යකඩ පෙට්ටියක් ගහලා බංකු ටිකක් දානවා. පට්ට සේෆ්... හා හා හා..